ගීත ඉල්ලීම් 1
නිවේදිකාව : වෙලාව උදෑසන 4 පසුවී විනාඩි 45 යි... ඔව් අපිට දුරකථන ඇමතුමක් තියෙනවා.... හලෝ.... කව්ද අපිට කතා කරන්නේ.... (නිවේදිකාව පද්දලා අද්දලා ඔහොමනෙ අහන්නේ )
අකිල : හලෝ.... අක්කේ මම අකිල කතා කරන්නේ....
නිවේදිකාව: ඉතින් අකිල මල්ලි කියන්නකෝ අපිට ඔයා කොහේ ඉඳලද කතා කරන්නේ මොනවද ඔයා මේ වෙලාවේ කරන්නේ කියල...
අකිල : මේ වෙලාවේ ද.... මම අක්කේ ඉන්නේ නම් මගේ කාමරේ... මේ වෙලාවේ කරන්නේ නම්..... ඔයාට කෝල් එකක් දීල කතා කරන එක...
බීප් බීප්....
නිවේදිකාව: මම හිතන්නේ අකිලගේ දුරකථන විසංදී උනා... (උනා නෙමෙයි කළා කිව්වනම් තමයි හරි) අපි මීළඟ ගීතයට යමු...
ගීත ඉල්ලීම් 2
නිවේදකයා : හලෝ අපිට රාගමින් නිලන්ති කතාකරනවා... ඔව් නිලන්ති කියන්න... ඔයා ගාව උපන් දින සුභපැතුමක් තියෙනවා කියල දැන ගන්න ලැබුණා...
නිලන්ති : ඔව් අද මගේ පොඩි දූ රුවිනි ගේ 15 වෙනි උපන්දිනේ...
නිවේදකයා : රුවිනි ට අපි හැමෝම සුභම සුභ උපන්දිනයක් Wish කරනවා... ඉතින් නිලන්ති, ඔයාගේ දුව වෙනුවෙන් ඉල්ලන ගීතය කියන්නකෝ අපිට...
නිලන්ති : මට දෙන්න පුළුවන් ද... ශෂිකා නිසන්සලා ගේ "තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න" ගීතය ?
නිවේදකයා : (සද්දක් නැත... ටික වෙලාවකින්....)
නිලන්ති : හලෝ.......
නිවේදකයා : අහ්හ් හරි හරි අපි දෙන්නම්.... ඔයාට සුභ දවසක්...
ගීත ඉල්ලීම් 3
නිවේදිකාව : අපිත් එක්ක මේ වෙලාවේ රොමේෂ් ඉන්නවා.... උදේ පන්දරම අවදි වෙලා මේ පාර උසස් පෙළ විභාගයට පාඩම් කරන මල්ලියෙක් හලෝ... කියන්න මල්ලි... මොකද්ද ඔයා ඉල්ලන සින්දුව......... ?
රොමේෂ් : අක්කේ... මට ජනක වික්රමසිංහගේ "බාලිකාවියන්" දුන්න හැකිද ?
නිවේදිකාව : දෙන්නම් මල්ලි... ඉතින් කියන්න කෝ..... අපිට කාවද ඔයා මේ සින්දුවට එකතු කර ගන්නේ කියල...... ??
රොමේෂ් : අනේ අක්කේ මං මොකටද කාවවත් එකතු කරගන්නේ.... මමනේ මහන්සි වෙලා කෝල් එක ගත්තේ...
නිවේදිකාව : අහ් හරි හරි මල්ලි.... ඔයාට සුභ දවසක්....
Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න