හාවයි ඉබ්බයි රේස් දුවලා හාවා පැරදුනා කියලා හැමෝම දන්නවානේ, මේ ඒ කතාවෙ පාර්ට් 2,
ඉබ්බා අතින් පැරදුන හාවට හැමෝම නෝන්ඩි කරන්න පටන් ගත්තා හාවටත් වස ලැජ්ජාව තමන්ගේ කම්මැලි කම නිසා තරඟෙ පැරදුන එකට. හාවා කල්පනා කලා අයෙත් පාරක් ඉබ්බට තරඟයකට කතා කරන්න.
ඉබ්බත් හෙන ෆිට් එකේ හිටියේ හාවට ගේම දුන්න එකට. හාවා ඇවිත් රීමැච් එක ඉල්ලපු ගමන්ම ඉබ්බා හරි දුවමු කියල චැලෙන්ජ් එක බාර ගත්තා. දවසක් එහෙම කතා කරගෙන ඒ දවස එනකල් දෙන්න දුවන්න පුරුදු උනා ඉබ්බා හිතුවෙම මේ පාරත් හාවට ගේම දෙන්න.
දැං රේස් එකට දවස ආවා දෙන්නම පටන් ගන්න ලෑස්තිය. තරඟෙ ආරම්බ උනා විතරයි හාව ජෙට් එක වගේ දුවලා ඉබ්බට පේන්නෙත් නැති තරම් ලීඩ් එකක් තිබ්බා.
ඉබ්බත් ගේම අත ඇරියේ නෑ ඌත් ගාට ගාට යනවා. මේ විදියට දුරක් යනකොට තුම්මන් හංදියක්. දැං ඉබ්බට හිතා ගන්න බෑ හාවා මොන පාරෙන්ද දිව්වේ කියලා. ඉබ්බා මන්නං වෙලා උඩ බිම බලනකොට දැක්කා එතනම තිබ්බ ගහක බක මූනෙක් ඉන්නවා ඒත් දෙයියනේ බක මූනට දවල්ට පේන එකක් යැ. ඒත් කමක් නෑ කියලා ඉබ්බා අහනවා
මේ මචං බකමූනෝ මේ පැත්තෙන් හාවෙක් එහෙම දිව්වද?
බකමූනා උත්තර දෙනවා හවෙක්ද දන්නෙ නෑ බං පිරිමි සතෙක් නම් දිව්වා.
ඉබ්බා අහනවා ඒ කොහොමද පිරිමි සතෙක් දිව්වා කියලා දන්නෙ.
බකමූනා කියනවා පොර දෙයක් කියාගෙන දිව්ව ඒකෙන් තමයි දන්නෙ කියලා.
ප්‍රශ්නේ තමයි.
හාව එතනින් කියාගෙන දුවපු දේ මොකක්ද?
හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්