රැකියා විරහිත තරුණයෙක් පරිගණක ආයතනයක කාර්‍යාල කාර්‍ය සහායක තනතුර
ඉල්ලුම් කළේය.ඔහු සම්මුඛ පරීක්ෂණයට ලක් කළ කළමනාකරු ප්‍රායෝගික
පරීක්ෂණයක් ලෙසින් ඔහු පොළොව මදින හැටි බලා සිටියේය.ඉන්පසු කළමනාකරු
ඉල්ලුම්කරුට මෙසේ කීවේය.
"ඔබට රස්සාව ලැබෙනවා මට ඊ මේල් ලිපිනය දෙන්න ඔබට පිරවීමට අයදුම් පතකුත්
රැකියාව ආරම්භ කළ හැකි දිනයත් මා ඔබට දන්වන්නම්"
"මට කොම්පියුටරයක් නැහැ.ඊ මේල් එකකුත් නැහැ" තරුණයා පිළිතුරු දුන්නේය.
"මට කණගාටුයි." කළමනාකරු පැවසීය."ඔබට ඊ මේල් එකක් නැත්නම් ඔබ පවතින
මිනිසකු නොවෙයි. නොපවතින කෙනෙකුට රැකියාව ලබාදෙන්න බැහැ."
රැකියා විරහිත පුද්ගලයා කිසිම බලාපොරොත්තුවක් නැතිව පිටත්ව ගියේය.කළයුත්තේ
කුමක්දැයි ඔහුට නොවැටහිණි.ඔහුගේ සාක්කුවේ තිබුණේ ඩොලර් 10 ක් පමණි පසුව
සුපිරි වෙළඳ සලකට ගියේය.කිලෝ ග්‍රෑම් 10ක තක්කාලි පෙට්ටියක් මිලදී ගත්තේය.
ගෙයින් ගෙට ගොස් තක්කලි විකිණීය.පැය දෙකක් ගත වෙන්නටත් පෙර ඔහුගේ මුදල
දෙගුණ කර ගැනීමට ඔහු සමත් විය.
ඔහු මේ ක්‍රියාවලිය තෙවතාවක්ම කරමින් ආපසු නිවසට පැමිනියේ ඩොලර් 60 අතැතිවය.
මේ අන්දමට තමන්ට ජීවත් වියහැකි බව වටහාගත් ඔහු සෑම දිනකම කලින්ම නිවසින්
පිටව යාමට තීරණය කළේය.ප්‍රමාද වී යළි නිවසට ආවේය.මේ නිසා ඔහුගේ මුදල දිනපතා
දෙගුණ තෙගුණ විය.
ටික දිනකින් ඔහු කරත්තයක් මිලදී ගත්තේය.ඉක්බිති ට්‍රක් රථයක් මිලදී ගත් ඔහුඅවසානයේ
ඩිලිවරි වාහන ගණනාවකම අයිතිකරු විය.වසර පහකට පසුව ඇමරිකානු ආහාර වෙළඳ
පොලේ ලොකුම පොහොසතා බවට පත්විය.
ඔහු සිය පවුලේ අනාගතය සැලසුම් කිරීමට පටන් ගත්තේය.
ජීවිත රක්ෂණයක් ලබාගැනීමට තීරණය කළ ඔහු රක්ෂණ බ්‍රෝකර් වරයකු කැඳවා කුමන
විදියේ රක්ෂණ සැලසුමක් ලබා ගත යුතු දැයි සාකච්ඡා කළේය.
සාකච්ඡාව අවසන් වූ පසු බ්‍රෝකර්වරයා ඔහුගෙන් ඊ මේල් ලිපිනය ඉල්ලා සිටියේය.
එම පුද්ගලයා මෙසේ පිළිතුරු දුන්නේය."මට ඊ මේල් එකක් නැහැ"
බ්‍රෝකර් කුතුහලයෙන් මෙසේ ඇසුවේය "ඔබට ඊ මේල් එකක් නැහැ ඒත් ඔබ ඔබේ
රාජධානියක් ගොඩනගා ගැනීමට සමත්ව සිටිනවා.ඔබට ඊ මේල් එකක් තිබුණා නම්
ඔබට කොහොම කෙනෙක් වෙන්න හැකියාව තිබුණාද කියා ඔබට හිතා ගන්න
පුළුවන්ද.?"
මදක් කල්පනා කළ පුද්ගලයා මෙසේ පිළිතුරු දුන්නේය.
"ඔව් මට පරිගණක ආයතනයේ කාර්යාල සහායකයෙක් වෙන්න තිබුණා"
මෙවැනි තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න