Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

සිංහල සාහිත්‍යය ඉගෙන ගන්න කියල ඔන්න ඉතින් ඇම්ඩා පංතියක‍ට ගියා.හැම වෙලේම පාඩම‍ට අවදානෙන් ඉන්නෙ නැති ඇම්ඩා ගැන සර් මීටරෙන් ඉදලා ඉදලා දෙන්නම් බැටේ කියල සර් පුරශ්න වැලක් ඇහුවා.

සර් : ඇම්ඩන් තොටගමුවෙ ශිරි රාහුල කියන්නේ කාටද?

ඇම්ඩා : දන්නේ නෑ සර්...
සර් : ඇම්ඩන් අලගියවැන්න මුකවැටිතූමා කියන්නේ කාටද?
ඇම්ඩා : දන්නේ නෑ සර්...
සර් : එහෙනම් පියදාස සිරිසේන කියන්නේ කවුද කියනවා?
ඇම්ඩා : පියදාස සිරිසේන නේද...හ්ම්...දන්නේ නෑ සර්...

සර්ට දැන් උපරිමටම මළ පැනල..."ඕකනෙ උඹට වෙලා තියෙන්නේ.උඔ නම් මහා තකතීරුවෙක්.පාඩම වෙලාවට උඩ බලාගෙන ඉන්නවා...ක්ලාස් කට් කර කර එහෙ මෙහෙ රස්තියාදු ගහනවා..මෙතෙන කෙරෙන කිසි දෙයක් දන්නෙ නැහැ.."

මේක අහල ඇම්ඩා‍ටත් මළ පැනල..."හොදයි එහෙනම් සර් කියන්න බලන්න කරුණාපාල කියන්නේ කාටද කියලා..?"

සර් මේක අහල ටිකක් කල්පන කරල..."කරුණාපාල?? මං දන්න කරුණාපාලයෙක් නැහැ. "

සර් එක කිව්ව ගමන්ම ඇම්ඩා කිව්වේ නැතැයි "ඕකනේ කියන්නෙ සර්...සර් මෙතනට වෙලා ක්ලාස් කරනවා..ගෙදර දෙවල් දන්නෙ නැහැනෙ..කරුණාපාල කියන්නේ සර් මෙහෙ ආවාම සර්ගෙ ගෙට රිංගන මිනිහටනේ..." කියලා..
තවත් රස කතා මෙතනින්->>>>

Archives