Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

බණ්ඩප්පු හද්දා පිටිසර ගොවියෙකි. ඔහු දිනක් තම අට හැවිරිදි පුතුද සමග එළදෙනක් මිලදී ගැනීමට ගියේය. එහිදී එළදෙනගේ හිසේ සිට වලිගය දක්වාම
අතගා බැලූ බණ්ඩප්පු ඇයගේ කටත් හැර බැලුවේය.

" ඇයි තාත්තේ ඔය ? "

" එහෙම තමයි පුතේ... සල්ලි දීලා යමක් ගන්න කලින් හොඳට හොයලා අතගාල බලන්න ඕන. විශේෂයෙන්ම පණ ඇති සතෙක් ගන්න යනකොට.
තේරුණාද ? "බණ්ඩප්පු පුතාට කියා දුන්නේය.

දින කීපයකට පසු බණ්ඩප්පු එළවලු කොරටුවේ වැඩ කරමින් සිටියදී ඔහුගේ පුතා හති දාමින් දුවගෙන අවේය.

" තාත්තෙ... තාත්තේ...... අන්න අර ටවුමෙ කඩේට අලුතින් ඇවිත් ඉන්න අයියා අපේ අක්කව සල්ලිවලට ගන්න ඇවිල්ලා. ඉක්මනට යං !! "
තවත් රස කතා මෙතනින්->>>>

Archives