ඔන්න එක ලස්සන පිටිසර හුදෙකලා ගමක් තියෙනවලු.... ඒ ගමේ ඉන්න මිනිස්සු ඔය කලබකාරී නාගරික ජීවිතයක් දැකලවත් නැති මිනිස්සුලු....දවසක් ඔය ගමට ආවලු සුරංග කියල.... කොළඹ ලොකු බැංකුවක වැඩකරන ආර්ථික විශේසඥ උපදේශක බුවෙක්... බුවා ආවේ ග්‍රාමීය ආර්ථික සංවර්ධන මොකක්දෝ වියාපෘතියක් කොරන්න උපදෙස් දෙන්නලු... එව්වා කොරනවට පොරට ඔය ලෝක බන්කුවෙන්ද කොහෙන්ද ඩොලර් කුට්ටියක් හම්බ වෙනවලු........ බුවා ඇවිල්ල ඉතින් ගමේ මිනිස්සුන්ගෙන් ඇහුවලු
"ඔයාල මොනවද ජීවික වෘත්තීය හැටියට කරන්නේ ...? කෝච්චර වෙලා දවසට වැඩ කරනවද" අරව මෙව්වා.....
ඒගමන ගමේ මිනිස්සු කිව්වලු
"අපේ ගමේ ඉන්න පිරිමින්ගෙන් වැඩි දෙනෙක් උදේ 09 ට 10 ට විතර ඇහැරලා ඔය ලගම තියෙන ගගකට මුහුදකට වැවකට ගිහිල්ල මාලු ටිකක් අල්ලන් එනවා....... පැය දෙක තුනක් යනකොට අපහු ගමට එනවා ... ගමේ ඉන්න අනික් මිනිස්සුයි ගෙවල් වල ගෑනු ටිකයි ඔය එළවලු පලතුරු ටිකක් වවාගෙන ඉන්නවා .... ඔය ඉතින් දවල් එක දෙක වෙනකොට කට්ටියම එකතු වෙලා අර පිරිමි ටික අල්ලාගෙන ආපු මාළු එහෙමත් උයල බැදලා පුච්චලා අරව මෙව්වා කරලා වත්තෙන් කඩා ගත්තු එළවලු පලතුරු ටිකකකුත් උයල කරලා ඔය ගමේ ඉන්න ඔක්කොම එකට එකතුවෙලා කාල බීල ඔහේ ඉන්නවා ... තව ඔය ගමේම මදින පොල් රා කිතුල් රා ටිකක් එහෙමත් බීල හවසටත් ඔය ඉතුරු මාළු කුරියෙක් දෙන්නෙක් ගිනි මැලයක් ගහල අල්ලලා පුච්චගෙන ඔය අපේ දරු මල්ලෝ ඔක්කොමත් එක්ක පොඩි ඩොලැක්කයක් සර්පිනාවක් ගහල සින්දුවක් එහෙම කියාගෙන හවසටත් මොන හරි කාල ජීවත් වෙනවා කියල.. පස්සේ බිං අදුරු වැටුනම කට්ටියම වැටිලා බුදියනවා" කියල...
ඒ ගමන අර නගරයෙන් ආපු සුරංග කියන ආර්ථික විශේසඥ බුවා කියනවලු...
"ඔයාල අපරාදෙනේ නිකන් කාලයයි... සම්පතුයි අපතේ යවන්නේ.. ඔයාල උදෙන්ම නැගිටලා ඔය ගගෙන් හරි මුහුදෙන් හරි තව වැඩිපුර මාළු අල්ලලා... ගමේ කොරටුවේ වැඩිපුර එළවලු පලතුරු වවල හවස් වෙනකල් වැඩකලොත් ඔයාලට මීට වඩා අදායමක් ගන්න පුළුවන්නේ"
කියල....
ඒ ගමන ගමේ බුවාලා ටික අහනවලු.. "අනේ මහත්තයෝ ඉතින් අපේ ගමේ ඉන්න මිනිස්සු ටික දෙනා නොවයි... ඔය අල්ලන මාළු ටිකයි වැවෙන එලෝලු ටිකයි පලතුරු ටිකයි... අපිට ඉතින් මදැයි මහත්තයෝ...... වැඩිපුර අල්ලල්ල වවල අපි මොනවා කොරන්න්නද " කියල...
ඒගමන සුරංග විශේසහඥ බුවා කියල දෙනවලු... වැඩිපුර මාළු සහ එළවලු පලතුරු නගරයට යවල විකුණලා වැඩිපුර සල්ලි උපයන විදිය ගැන ....
ඒ ගමන ගමේ බුවලයි බුවීලයි... කට අරගෙන අහන ඉදල ආපහු අහනවලු...
"ඉතින් මේ අපිට මොකටෙයි කාසි කියල.....?"
ඒ ගමන සුරංග කියන ආර්ථික විශේසඥ බුවා කියනවලු වැඩිපුර සල්ලි හම්බ වුනහම තව බෝට්ටු එහෙම මිලට අරන්... මාළු ටින් කරන - පැකට් කරන කර්මාන්තශාලාවක් දාල වැඩිපුර සෙනග එහෙම දාල වැඩ කරවල.. ලොකු ගොවිපොළවල් දාල එළවලු පලතුරු අපනයනය කරන හැටි එහෙම කියන්න ගත්තලු.....
එතකොට අර ගමේ බුවාලගේ ඇස් එහෙම නලියනවලු... අහනවලු... "ඉතින් ඉතින් ඊට පස්සේ...ඊට පස්සේ ?"
ඔන්න ඉතින්න් සුරංග කියන ආර්ථික විශේසහඥ බුවා මාර පොරක් වගේ ආඩම්බරෙන් කියනවලු එතකොට ඔයාල හොදට මහන්සි වෙලා ගොදනගාගත්තු අර මාළු කර්මන්තශාලාවෙන් හරි ගොවිපොළෙන් හරි එන ආදායම ඔය කොටස් වෙලදපොලේ හරි වෙනත් ඔය ලොකු බැංකුවක හරි ආයෝජනය කරලා.... ඒ එන අදායමෙන් සනීපෙට ඉන්න පුළුවන් කියල...
ඒ ගමන අර ගමේ සැට් එකම ඇහුවලු
"එහෙම සනීපෙට ඉන්නේ කොහොමෙයි ? "කියල....
ඒ ගමන සුරංග බුවා කිව්වලු....
"ඔය එහෙම සල්ලි නිකන්ම වක්කඩේ කඩුව වගේ.... "එනකොට ඔය පොඩි ගමකට ගිහිල්ල මාලුවෙක් එහෙම බිලී බාල... ඔය නෝනලා දරුමල්ලෝ එක්ක ඔය බාර්බකිව් පාරක් එහේම දාල හීනියට පොඩි අඩියක් එහෙම ගහල... සින්දුවක් කියාගෙන නිවී හැනහිල්ලේ ඉන්න පුළුවන්"
කියල...
ඒගමන ඔය ගමේ සෙට් එකම ඇහුවලු...
"අනේ මහත්තයෝ ඔය ටික කොරගන්න කොච්චර කල් යාවිද ?" කියල....
ඒගමන සුරංගය නළල එහෙම රැලි කොරල හිතල බලල බොහොම බැරෑරුම් විදියට කිව්වලු.... හරියට සැලසුම් කරලා මහන්සි වෙලා වැඩ කලොත්.... අවුරුදු 10ක් 15 ක් විතර යනකොට කරගන්න පුළුවන් කියල...
ඒ ගමන ගමේ බුවාලා ටික නක්කලේට හිනා වෙලා අහනවලු....
"ඉතින් මහත්තයෝ... ඔය අන්තිමට කියාපු ටිකම නොවෙන්නම් අපි මේ දැනුත් කොරන්නේ.... මොන ඉලව්වකට අවුරුදු 10ක් 15ක් නාස්ති කරගෙන මහන්සි වෙනවද ? මේ සනීපෙට දැනුත් ඉන්න අපිට මොකටෙයි කාසි කියල...."
සුරංගය ගේ උතුර දකුණ මාරු වුනාලු.....දීපල්ලකෝ ඉතින් උත්තර.....
හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්