Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

* ඔන්න ඉතින් States වල NASA ආයතනය දන්නවානේ....ඉතින් දවසක් ඔය NASA ආයතනයෙන් අභ්යාවකාශ ෂටලයක් යවන්න සූදානම් උනාලු යුරේනස් වලට.......සම්පූර්ණයෙන්ම Computerize කරලා තිබුන මේ ෂටලයේ ගමන් කරන්න පුලුවන් එක මිනිහෙක්ට විතරයිලු....
හැබැයි වැඩේ කියන්නේ මේ ෂටලය ආයෙත් කවදාවත් මේ ලෝකෙට එන්නේ නෑලු.......
( ඒ කියන්නේ ගියොත් ගියා තමයිලු....................! )



ඔන්න ඉතින් NASA ආයතනයත් සියලුම විස්තර එහෙම පලකලාලු.......ඉතින් මේ යානාවේ නැගලා යුරේනස් වලට යන කෙනාට ඉල්ලන ඕනේම මුදලක් දෙන්නත් NASA ආයතනය පොරොන්දු උනාලු ( ඇයි ඉතින් වැඩේ හෙනම බරපතලයි නේ...අඩු ගානේ ඒ මුදලින් යන මනුස්සයාගේ පවුලේ අය හරි දුකක් නැතුව ජීවත් වෙයිනේ … !!!),
ඔන්න දැන් වැඩේට සේරම ලෑස්ති කරලා එහෙම මේකට කැමති කෙනෙක් ඉදිරිපත් වෙන්න කියලා Interview එකක් Call කලාලු......
Interview එක මෙහෙයවන්නත් එකෙක්ව දාලා මිනිහාට කිවුවාලු හොද කෙනෙක්ව Select කරලා NASA එකේ ඉහලම නිලධාරින්ට දැනුම් දෙන්න කියලා..........

ඔන්න දැන් Interview එක තියෙන දවසත් ආවලු.........
අම්ම ගහයි කියන්නේ Interview එකට ඇවිල්ලා හිටියේම 3 දෙනයිලු............
( ඇයි යකෝ මේ වැඩේ තියෙන අමාරුවේ හැටියට 3 දෙනෙක් හරි ආපු එක ලොකු දෙයක්නේ..........ඇයි ඉතින් කොච්චර මුදලක් දෙනවා කිවුවත් යුරේනස් වලට ගිහින් පොල් ගාන්නද.......?? )

කට්ටිය ඉතින් චෙක් කරලා බලනකොට ඇවිත් හිටියේ Russian මහාචාර්ය කෙනෙක්, ජපන් මහාචාර්ය කෙනෙක් සහ සිරි ලංකාවේ මහාචාර්ය කෙනෙක්ලු ( අපේ අය කොහොමත් ඉල්ලන් කන්න හරි ආසයිනේ..........!! )

ඔන්න Interview එක පටන් ගත්තාලු..........
මුලින්ම Russian මහාචාර්යවරයා ආවාලු.............
ඔන්න ඉතින් පරීක්ෂනය මෙහෙයවන කෙනා සේරම විස්තර අහලා එහෙම......

පරීක්ෂනය මෙහෙයවන්නා : ' හොදයි දැන් ඔබතුමා මේ වැඩේට කොපමණ මුදලක් බලාපොරොත්තු වෙනවාද...........' කියලා ඇහුවාලු

මහාචාර්ය : ' මට මේකට ඩොලර් මිලියන 1000 ක් අවශ්යයි.....' කියලා කිවුවාලු

එතකොට.......

පරීක්ෂනය මෙහෙයවන්නා : ' හොදයි ඔබ මේ මුදලින් කුමක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ......' කියලා ඇහුවාලු

මහාචාර්ය : ' මම මේ මුදල රුසියාවේ ජාන විද්්යාත්මක පරීක්ශන සිදුකරන ආයතනයකට දෙනවා......' කිවුවාලු

ඊට පස්සේ ආවේ ජපන් මහාචාර්යතුමාලු............
ඉතින් මෙහෙයවන කෙනා අර විදියටම විස්තර අහලා අන්තිමට ඇහුවාලු කොච්චර මුදලක් ඕනේද කියලා..........
එතකොට ජපන් කෙනා කිවුවාලු ඩොලර් මිලියන 2500 ක් වත් ඕනේ කියලා............
ඒ මුදලින් කරන දේ ඇහුවාම ජපන් මහාචාර්ය කිවුවාලු ඒ මුදල් ජපානයේ රොබෝවරුන් හදන එකකට පරිත්යාග කරනවා කියලා..........

ඔන්න අන්තිමට ආවාලු අපේ මහාචාර්යතුමා.........ගියාලු ඇතුලට....අර වගේම විස්තර ඇහුවාලු.......
අහලා එහෙම.............

පරීක්ෂනය මෙහෙයවන්නා : ' හොදයි දැන් ඔබ කොයි තරම් මුදලක් බලාපොරොත්තු වෙනවාද......' කියලා ඇහුවාලු

ලංකාවේ මහාචාර්ය : ' මට ඩොලර් මිලියන 5000 ක් ඕනේ....' කිවුවාලු

ඒක ඇහුවාම මෙහෙයවන එකාගේ ඇස් වලින් ඩොලර් පැන්නාලු...........ඇයි යකෝ Russian, ජපන් දෙන්නම ඉල්ලපු නැති ගානක්නේ අපේ එකා ඉල්ලුවේ........

පරීක්ෂනය මෙහෙයවන්නා : ' මොනවා.......ඔබතුමාට මොකටද ඒ තරම් මුදලක් ...??? ' කියලා පුදුමෙන් වගේ ඇහුවාලු

එතකොට පොඩි හිනාවක් එහෙම දාලා.........

ලංකාවේ මහාචාර්ය : ' පුදුම වෙන්න එපා හලෝ......දැන් මේකයි කරන්නේ.............ඩොලර් මිලියන 5000 න් මිලියන 2000 ක් මම ගන්නවා හරිද.....?? මිලියන 2000 ක් තමුසෙට දෙනවා හරි....?? ' කියලා කිවුවාලු

එතකොට.......

පරීක්ෂනය මෙහෙයවන්නා : ' එතකොට හලෝ ඉතුරු ඩොලර් මිලියන 1000 ට මොකද කරන්නේ...........' කියලා ඇහුවාලු

එතකොට.........

ලංකාවේ මහාචාර්ය : ' ආ ඉතුරු ඩොලර් මිලියන 1000 නේද...........අවුලක් කරගන්න එපා ඕයි අපි ඒ ඉතුරු ඩොලර් මිලියන 1000 දීලා අර රුසියන් කාරයාව වැඩේට යවලා නිකන් ඉමු ඕයි........' කියලා ෂේප් එකේ කියලා දැම්මාලු

( ලංකාවේ අය ඔහොමමයි හරිම නරකයි...............!!!  )
……………………………………………………………………….

උපුටා ගැනීමකි
විනෝදය සදහා පමණි
Share on Facebook

Archives