Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

බොහෝ අයට නම් උදෑසන ඇසෙන සීනු ඔරලෝසුවේ නාදය තරම් අප්‍රසන්න නාදයක් තවත් නැති වන්නට පුළුවනි.
බොහෝ කම්මැලියන් නම් අඩනින්දෙන්ම ස්නූස් බොත්තම ඔබමින් තවත් විනාඩියක් හෝ දෙකක් පවා නිදිවදින්නට පුරුදුව සිටියි.
එහෙත් මෙම ගැටළුවට අපූරු විසඳුමක් ගෙන ඒමට රිකී හෝ නැමැත්තෙකු සමත්ව සිටියි.
ඒ, ඇපල් අයිෆෝන් හා අයිපෑඩ් සඳහා නව ඇප් මෘදුකාංගයක් ගෙන ඒමෙනි.
‘වෝක් අප් ! එලාම් ක්ලොක්’ ලෙස නම් කර ඇති මෙම මෘදුකාංගය නිමවා ඇත්තේ ඇඳෙන් බැසීමට කම්මැලියන් වෙනුවෙනි.

උපාංගයේ අයිතිකරු ඇඳෙන් බැස පියවර 10ක්වත් (පියවර ගණන වෙනස් කළ හැක) ඇවිදින තෙක් එලාම් සීනුව නොනවත්වාම නාද වීම මෙම ඇප් මෘදුකාංගයේ විශේෂත්වයයි.
මෙම මෘදුකාංගය විසින් අයිතිකරුගේ ක්‍රියාකාරිත්වය මැනීම සඳහා ඇපල් අයිෆෝන් හා අයිපෑඩ් උපාංග වල ඇති තාක්ෂණික ක්‍රමවේද යොදාගනියි.
උදෑසන සිය ඇඳෙන් බැසීමට කම්මැලියෙකු වන රිකී හෝ සිය සහෝදරයා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා තාක්ෂණික වැඩකටයුතු සඳහා යුක්රේනයේ පරිඝණක සැලසුම් ශිල්පියෙකු බඳවාගෙන තිබේ.
මාස කිහිපයක් තුළ නිමවූ මෙම ඇප් මෘදුකාංගය මේ වන විට ඇමෙරිකානු ඩොලර් 0.99කට අලෙවි වේ.
මේ අතර, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සහිත උපාංග සඳහා මීට සමාන ඇප් මෘදුකාංගයක් පසුගිය ජුනි මාසයේදී නිකුත් වූ අතර, එය වෝක් මී අප් එලාම් ක්ලොක් ලෙස නම් කර තිබේ.

හොදයිනම් Like කරන්න
මේ හැමදෙයක්ම බලන්න එන්න හැමදාම හැමදෙයක්ම.com එකට
Share on Facebook

Archives