Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ඉතාමත් දුප්පත් මනුස්සයෙක් තම බිරිඳ සමග ජීවත්වුණා. ඔහුගේ බිරිඳ සතුව දිග කොණ්ඩයක් තිබුණා. ඇගේ කොණ්ඩයට සාත්තු කරන්න තමාට පනාවක් ගෙනත් දෙන ලෙස ඇය සිය සැමියාගෙන් ඉල්ලා සිටියා.

සැමියාට තම බිරිඳ ගැන දුක හිතුනත් ඔහුට පනාවක් අරන් දෙන්න මුදල් නැතිබව ප‍්‍රකාශ කලා. තමාගේ කැඩුන ඔරලෝසුවට පටියක් දා ගන්නවත් තමා ලඟ මුදල් නැති බව ඔහුට කියා සිටියා.

ඇය කමක් නෑ කියා සිත හදාගත්තා.

පසු දින තම රැකියාවට ගොස් නැවත එනවිට ඔරලෝසු කඩයක් දුටු සැමියා, තම කැඩුන ඔරලෝසුව අඩු මුදලකට විකුණා දමා ඒ මුදලින් තම බිරිඳට පනාවක් මිලට ගත්තා. නිවසට පැමිණි ඔහු පනාවත් අතැතිව තම බිරිඳ හමුවූවිට දුටුදෙයින් මවිත වුණා. ඔහු දුටුවේ බිරිඳගේ කොණ්ඩය ඉතා කොටවී ඇති බවය.

ඇය සිය කොණ්ඩය විකුණා සැමියාට ඔහුගේ ඔරලෝසුවට පටියක් ගෙනත් තිබුණා. දෙදෙනාගේම ඇස් වලින් එකවර කඳුළු කඩා වැටුනා. ඒ තරහෙන් නොවේ, ඔවුන් එකිනෙකා කෙරෙහි තිබුන ආදරය නිසා.

"ආදරය කිරීම සුළු දෙයක්. ආදරය ලැබීම වටිනා දෙයක්. නමුත් ආදරය කිරීම සහ ආදරය ලැබීම යන දෙකම ඔබ ආදරය කරන කෙනාගෙන් ලැබෙනවානම් එය ඉතාමත් වටිනා දෙයක්."

Archives