Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ඔන්න අපෙ පොලෙ ඉන්නවා "පාලයා" කියල වට්ටක්ක බිස්නස් කරන පොරක්.මේක පට්ට මෝඩය.මේකගෙ පුතා ඉන්නෙ 7 වසරෙ. කොල්ල 7 උනාට කොම්පියුටර් ජිල්මාට් එහෙම එලටම දන්නවා මේකා...ඉතින් පාලය ඒකගෙ පුතට කොම්පියුටර් එකක් අරන් දීල උගෙ අදෝනාව අහන් ඉන්න බැරිම තැන. දවසක් කොල්ල තෙමීගෙන ඇවිත් කොල්ලට හොදටම හෙම්බිරිස්සව...එදා කොල්ල ඉස්කෝලෙ යන්නත බැ කියල ගෙදරට වෙලා දවසම කොම්පියුටරේ එක එක වැඩ කොර කොර හිටියලු..

ඊට පහුවදා......

"ශික්.... මෙ කොම්පියුටරේට වයිරස් ගිහිල්ල නොවැ.." කියල පාලගෙ කොල්ල උටම කියා ගත්තලු...

ඒක ඇහුන පාලයා ගත් කටටම කිව්වාලු...

" මන් හිතුව... මන් හිතුව... තෝ හෙම්බිරිස්සාවකුත් තියාගෙන ඕක අස්සේ ඊයෙ දවසම රි0ගන් ඉන්නකොට ඔය මල ඉලව්වට වයිරස් යන් නෙතුව තියෙඩ බොල... කීපාරක් උඹ ඕකට කිඹුහුම් ඇරියද........ මොඩ හරකා"

Share on Facebook

Archives