වයසට ගිය ඩෑල් එකක් හිටියලු හෙන මහත.. මේකට හැම වේලකටම කන්න ඕනෙලු මහ ගොඩක්... ඉතිං ශාරීරික ව්‍යායාමත් නැති නිසා මේ ඩෑල් එකට ඇඟේ සීනි වැඩි උනාලු... ඩොකා කිව්වලු මිස්ට මේ වයසට බර ආහාර වැඩිපුර ගන්න එපා... රෑට වත් සැහැල්ලු ආහාරයක් ගන්න.. ඔය පාන් පෙති දෙකක් වගේ නම් ගොඩක් හොඳයි.. කියල...
මෙන්න පහුවදත් අර ඩෑල් එක එනවලු සීනි වැඩි වැඩි වෙලා
ඩොකා:- එයේ රෑට මොනවද මිස්ට ආහාරයට ගත්තේ..
වයසක ඩෑල් එක :- ඩොක්ට කියපු විදිහටම මන් පාන් පෙති දෙකක් තමයි කෑ..
ඩොකා :- (පුදුමයෙන්) එහෙම වෙන්න බෑනේ මිස්ට.. පාන් පෙති දෙක කොයි තරංද?...
ව: ඩෑල් එක:- පාන් ගෙඩියක් දෙකට කපලයි ඩොක්ට..
ඩොකා හිතා ගත්තලු මේ බඩජාරියා ව මෙහම කොන්ට්‍රෝල් කොරන්න බෑ කියල.. හිතලා කිව්වලු එහෙනම් මිස්ට අද ඉඳං රෑට පලතුරු පලුවක් විතරක් ගන්න කියලා..
මිනිහා පහුවදත් එනවලු ලෙඩේ වැඩි වෙලා
මොනාද ඊයේ රෑට කෑවේ...
වරක පලුවක් ඩොක්ට..
හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්