Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

සුරංගයි ලක්මාලුයි එකතු වෙලා ලෝකල් රෙදි, අත්කම් වගේ අයිටම් තියෙන කඩයක් දැම්මා. බිස්නස් එකට ඉලක්ක කලේ සංචාරෙට ආපු සුද්දංව. දාපු අළුතම නිසා වැඩිය බඩු ගෙනත් තියාගත්තෙ නෑ. රාක්ක ගොඩක් හිස් වෙලයි තිබුණෙ. මුන් දෙන්න පුටු දෙකකට වෙලා බයිල කියව කියව හිටියා.

"මචං අපි මේක දැම්ම වගේ නෙවෙයි. හෙට අනිද්දට හොඳ බඩු ටිකක් ඩිස්ප්ලේ දාන්න වෙයි. කවුරු හරි පිස්සු සුද්දෙක් ඇවිත් මොනවද උඹල විකුණන්නෙ කියල ඇහුවොත් කට උත්තරත් නැති වෙයි."

මිනිහ එහෙම කියල කටගන්න උනේ නෑ පාරෙ ගිය සුද්දෙක් කඩේ පාස් කරගෙන ගිහින් ආයෙමත් හැරිල එබිල බැලුවා. ඊට පස්සෙ කඩේ ඇතුලට ආවා.

"ඔහ්... යෝ... ඔයාල්ලා... මොනා බිස්නස් කරනවා?"

සුද්දට ටිකාක් විතර සිංහල ෂේප් වගේ...

සුරංගට හිතුණා පොරව ටිකක් බයිට් කරන්න...

"අපි බූරුවො තමයි විකුණන්නේ..."

පොර ගාණක් නැතිව කියල දැම්මා...

"ඔහෝ... පෝබ හොඩායි... පෝබ හොඩායි... ඕලා හොඩට බිස්නස් කර්ල ටීනවා... ටව ඩෙන්න ටමා ඉටුරු නේඩ..."

සුද්දත් ගාණක් නැතිව කියලා මාරු වුණා....


හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Share on Facebook

Archives