Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages


ටොන් 30 ක් පමණ බර දුම්රිය මැදිරියක් ඔසවා එයට යටවී සිටි කාන්තාවක බේරා ගැනීමට ජපානයේ මිනාමි උරාවා දුම්රිය ස්ථානයේ මගීහු හා නිළධාරීහු පිරිසක් සමත් වූහ.
කාන්තාව සිටියේ දුම්රිය මැදිරියත් දුම්රිය වේදිකාවත් අතර පවතින හිඩැසට වැටී දුම්රිය මගේ සිරවීය.ඇය පිටතට ගැනීමට නම් දුම්රිය මැදිරිය එම ස්ථානයෙන් ඉවතට ඇදගෙන යා යුතුව තිබුණි.ඇයට හානියක් නොවී එසේ කිරීම නොකළ හැක්කක් විය.
එනිසා දුම්රිය වේදිකාවෙහි සිටි මගීහු දුම්රිය නිළධරයෝද එකතුව දුම්රිය මැදිරිය ඔසවා සිරවී සිටි කාන්තාව පිටතට ගත්හ.
ඇයට කිසිදු අනතුරක් සිදුවී නොතිබුණු අතර සියල්ලෝම ඇය බේරුණු බව දැක ජය ගොස නැගූහ.
Share on Facebook

Archives