තමංගෙ 50 වෙනි විවාහ සංවත්සරේ වෙනුවෙන් වයසක ජෝඩුවක් පාටියක් තිබ්බලු. මේකට එයාලගෙ යාළුවො ගොඩක් ආවලු. ඔන්න පාටිය අතරෙ වයසක අංකල් නෝනට කතා කරන්නෙ මෙහෙමලු.
"කෝ පැටියො බත් එක ෆ්‍රයි කරන්න කිව්වද?"
"මේ දෙන්න දැන් ආවෙ. මෙයාලට ඩ්‍රින්ක්ස් අල්ලන්න සුදූ"
"ඔයාගෙ යාළුව හුරතලී නංගි ආවෙ නෑ නේද චූටි?"
"ඩාලිං මෙහෙ එන්න මෙන්න මිස්ටර් සුරංගල ඇවිත්"
"කෝ මගේ මැණික? ඔයා කුස්සියෙද රත්තරං?"
"කෝ සුන්දරී අනිත් වයින් බෝතලේ?"
මේක බලං හිටපු එක යාළුවෙක්ට මාර සතුටුයිලු. මේ දෙන්න අවුරුදු 50ක් පවුල් කාලත් තාම ඒ විධියටම ආදරෙන් ඉන්නවනේ කියල හිතුනලු. මිනිහ අර අංකල් ගාවට ළං උනාලු.
"මිස්ටර් හත්නාගොඩ කොහොමද ඉතිං?"
"හලෝ හලෝ... කොහොමද පාටිය හොඳට එන්ජෝයි කරනව නේද ඔයාලා... කෝ අපේ නෝනෙව හම්බඋනාද ඔයාට?"
"ඔව් ඔව්... කතා කලා කතා කලා.... මේ ඒක නෙවෙයි. මං කල්පනා කලේ... ඔය දෙන්න තාම ගොඩක් ආදරෙන් ඉන්නවනේ. නෝනට ගොඩක් ආදරෙන්නෙ ඔයා කතා කරන්නෙ මිස්ටර් හත්නාගොඩ"
"හෙහ් හෙහ්... පොඩ්ඩක් ළං වෙනවකො කියන්න.... මේකයි දැන් අවුරුදු 10ක විතර ඉඳල මට අපෙ ගෑණිගෙ නම අමතක වෙලා ඕයි..."
හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්