ඔය මාතලේ පැත්තේ යන සී.ටී.බී බස් එකකට
අළුතින් කොන්දෙක් එනවා වැඩට. ඔන්න ඉතින්
මිනිහා අළුත් නිසා තැලිලා පොඩි
වෙලා එහෙම නැති නිසා හරිම ප්රවේසමෙන්
තමයි ඔය බස් එකේ වැඩ. ඩිපෝවෙන් උදේම
පාරට දාපු ගමන්ම වගේ හෝල්ට් එකකින්
තට්ටෙ ගාපු, ෆුල් මරුමුස් පාට අතේ පච්චයක්
එහෙම ගහපු සරමත් කැහැපට ගහගත්ත
පොරක් නගිනවා බස් එකට.
“අයියේ ටිකට් ගන්න...” ඔන්න
කොන්දා කියනවා...
"හහ්, ටිකට් ගන්න....? මම තමයි
මාතලේ ජේමිස්... මම කවදාවත් බස්
එකේ ටිකට් ගන්නෙ නෑ....!" ඔන්න බුවත්
කොන්දා දිහා බලාගෙන මුළු බස් එකටම
ඇහෙන්න කියනවා...
වැඩ කරන්න ආපු අළුත, සතා කවුද කියලවත්
දන්නෙ නැතිව වලියට යන්නත් බැරි නිසා,
කොන්දත් සද්දේ වහලා අනිත් අයගේ ටිකට්
කඩන්න පටන් ගන්නවා...
ඔන්න ඔහොම දෙවනි දවසෙත් බුවා බස් එකට
නගිනවා....
කොන්දත් ටිකට් ගන්න කියලා කියනවා...
“මම තමයි මාතලේ ජේමිස්... මම කවදාවත්
බස් එකේ ටිකට් ගන්නෙ නෑ....!" අර බුවත්
මුළු බස් එකටම ඇහෙන්න කියනවා. කොන්දත්
සද්දේ වහලා ඉන්නවා.
ඔය විදිහට ටික කාලයක්ම ගියා. කොන්දට
හැමදාම වෙන මේ නව නිංගිරාව තව
දුරටත් ඉවසගෙන ඉන්න බැරිම තැන ඒ
පැත්තේ මාස්ටර් කෙනෙක් ගාවට
ගියා කරාටේ ඉගෙන ගන්න.
ඔන්න ටික කාලයක් යනකොට කොන්දත් හොඳට
කරාටේ එහෙම ඉගෙන ගෙන ඔය එක එක
ජාතියේ පටි දෙක තුනකුත් දා ගත්තා. දැන්
ඔන්න කොන්දා යකාටවත් බය නෑ....
ඔන්න එදා කොන්දා උදේ බස් එකට
නැග්ගේ අදනම් මේකෙ දෙකෙන් එකක්
බේරගන්නවාමයි කියලා හිතාගෙන.
අර මරුමුස් ජේමිසා එදත් උදේම බස් එකට
නැග්ගා...
"දැන් නැග්ග අය ටිකට් ගන්න..." කොන්දත්
ජේමිසා දිහා බලාගෙන කෑගැහුවා....
"මම තමයි මාතලේ ජේමිස්, මම බස්
එකේ යනකොට ටිකට් ගන්නෙ නෑ..." ජේමිසත්
පුරුදු උත්තරේම දුන්නා....
"ටිකට් ගන්නෑ....? එහෙම පුළුවන්ද
මිනිහෝ බස් වල යන්න. ගනින් මිනිහෝ ටිකට්...!"
කියාගෙන කොන්දත් ටිකට් මැෂිමත් උළුක්
කරගෙන පැන්නා ජේමිසා ඉස්සරහට...
“අනේ මචං මම සීසන්....ඒකයි ටිකට්
ගන්නෙ නැත්තෙ....!” ජේමිසත් සාක්කුවෙන්
සීසන් එක අරගෙන කොන්දට දුන්නා.
උපුටාගනීමකි
හොදයිනම් Like කරන්න
තවත් රස කතා මෙතනින්->>>>