* ඔන්න ඉතින් වජිර කියලා කොල්ලෙක් තමන්ගේ කාර් රථය පදවාගෙන ගමනක් යනවාලු.............. වෙලාව ඇතිලු පාන්දර 1 ට විතර…..ඔන්න ටික දුරක් මෙහෙම යනකොට අනිත් Side එකෙන් ආපු තවත් කාර් එකක් එක පාරටම Cross කරලා කෙලියා නේද තාප්පෙට.......නෑ නෑ කෙලියා නේද මූගේ කාර් එකට........අම්මා ගහයි කියන්නේ ලගදී ගත්ත කාර් එකලු...අඩු ගානේ මූ දූවිලි පාරක් වත් වදින්න දෙන්නේ නෑලු.....ඒ තරමට ආදරෙයිලු මිනිහා කාර් එකට.......
ඒත් ඉතින් දැන් මොන දූවිලි ද ??
කාර් එක වැදුන විදියට කාර් එකේ ඉස්සරහා බාගේ තියෙනවද කියලත් මිනිහාට දැන් සැකයිලු..........වජිර ඉතින් වද්දපු එකාගේ අම්මා මතක් කර කර බැස්සලු කාර් එකෙන් එලියට........බැහැලා බැලින්නම් කාර් දෙකේම ඉස්සරහා බාගේ Damage ලු..........අනිත් කාර් එක නම් ටිකක් පරන එකක් නිසා අවුලක් නෑ කියමු....ඒත් යකෝ වජිර ගේ එක එහෙමද....??
සතෙන් සතේ එකතු කරලා.....එකතු කරලා අමාරුවෙන් ගත්තු කාර් එකනේ යකෝ.............ගත්තා විතරයි වැද්දුවානේ.........අනිත් එක මෙතන වජිර ගේ කිසි වැරැද්දක් නෑනේ........
වජිර ඉතින් 84,000 ට මල පැනලා අනිත් කාර් එකේ ආපු එකාට හොද පාඩමක් උගන්වන්නම් කියලා හිතාගෙන ගියාලු අනිත් කාර් එක ගාවට.........
අම්මා ගහයි වජිර ට කිවුවාලු....
කාර් එකෙන් බැස්සා කියපන්කෝ ජැකලීන් ෆර්නෑන්ඩස් වගේ පට්ට කෙල්ලෙක්.....(ජැකලීන් පට්ටද මන්දා....???? )
කොහොම හරි ඔන්න කෙල්ල දැක්කා විතරයි වජිර ට කාර් එකත් අමතක වීගෙන වගේ ආවාලු.......ඒත් වද්දපු එකේ පලිය ගන්න ඕනේ කියලා හිතාගෙන වජිර මවා ගත්තාලු වගේ රකුසු මුහුණක්.......
වජිර : ' මොනවද නංගි කරන්නේ.....ඔහොමද හලෝ වාහන Drive කරන්නේ.....කවුද ඔයාට ලයිසන් දුන්නේ.....' කියලා ඔන්න යුද්දේ ප්රකාශ කලාලු
එතකොට අර කෙල්ල.......
කෙල්ල : 'අයියෝ අයියා Calm Down Calm Down.....ඔයාට ඉක්මනට තරහා යනවානේ අයියා.......ඔහොම තරහා ගන්න එපා ඉක්මනට වයසට යයි.....So I’m Nickee….Glad to Meet You……….' කියලා වජිර ට අත දික් කලාලු (නෑ නෑ වෙන මගුලකට නෙවෙයි Shake Hands කරන්න )
වජිරට දැන් පට්ටම මලලු......යකෝ සතෙන් සතේ ( නෑ නෑ ඒක ඕනේ නෑ.....).......හෙන අමාරුවෙන් ලගදි ගත්තු කාර් එකනේ මේකි වැද්දුවේ.....ඒ මදිවට වජිරට දැන් යන්න ආපු ගමන යන්න විදියකුත් නෑනේ මේ මගුලක් නිසා......අනිත් එක මේ මහ රෑ ජාමේ උදව්වක් ඉල්ලන්නවත් අහල පහල බල්ලෙක් වත් නෑනේ........
මේ සේරම මගුල් අස්සේ වැරැද්ද කලා මදිවට Shake Hands කරන්න දැන් මේකිගේ කතාව..........
වජිර : 'මේ නංගි Shake Hands නෙවෙයි හලෝ...බලන්න මගේ අලුත් කාර් එකනේ ඔයා හැප්පුවේ...මම මේක නිකන් අරින්නේ නෑ....ඉන්න තව ටිකකින් පොලිසිය එයි...එතකොට එයාලත් එක්ක බේරගන්න...' කියලා කිවුවාලු
එතකොට......
කෙල්ල : ' අනේ අයියා පොඩ්ඩක් මම කියන දේත් අහන්නකෝ අයියා.......' කිවුවාලු
වජිර : ' නෑ මුකුත් අහන්න ඕනේ නෑ....' කිවුවාලු
එතකොට ටිකක් වෙලා ඉදලා........
කෙල්ල : ' අනේ අයියේ මේ අහන්න......දැන් බලන්න අයියේ මගේ වැරැද්ද කියලා මම පිලිගන්නවා.....But look at That මම කෙල්ලෙක් නේ අයියා......මගේ පැත්තෙනුත් ටිකක් හිතන්නකෝ අයියා....
අනික ඔයාව දැක්කාම උනත් පේනවා ඔයා ගොඩාක් Handsome,ගොඩාක් Cute හොද Family එකක Decent අයියා කෙනෙක් කියලා........So Please try to Understand Me…..මගේ පැත්තෙනුත් ඔයා ටිකක් හිතයි කියලා මම හිතනවා...' කියලා ඔන්න දැන් බටර් පාර ගාන්න ගත්තාලු
වජිරටත් දැන් ඒක ඇහුවම Christmas වගේලු....ඇයි යකෝ කෙල්ලෙක් ජීවිතේටම මෙහෙම වර්ණනාවක් කලාමයිනේ...........
ඒ පාර මේ කෙල්ල ආයෙත් කියපි......
කෙල්ල : ' අනිත් එක අයියා ඔයාම හිතලා බලන්නකෝ.......ඔයා Handy Boy කෙනෙක්.....මාත් ලස්සන තරුණ කෙල්ලෙක්....ටිකක් හිතන්න සුදු අයියේ මේ වගේ පාලු තැනක,කවුරුත් නැති වෙලාවක තරුණ වයසේ කෙල්ලෙකුයි,කොල්ලෙකුයි Meet වෙනවා......මේ විදියට අහම්බෙන් අපි දෙන්නව Meet කෙරෙව්වේ අපේ දෛවය නෙවෙයිද සුදු අයියේ............කවුද දන්නේ අපේ මේ අහබු හමුවීම තවත් ලස්සන ආදර කතාවක ආරම්භයද කියලා සුදු අයියේ.............' කියලා ඔන්න දැන් නිකී කෙල්ල වෙනම Track එකකට කතාව හැරෙව්වාලු
කොහොමින් කොහොම හරි තවත් ලස්සන පුංචි ආදර කතාවක් ඒ විදියට ආරම්භ උනාලු..........දැන් ඔන්න ටික වෙලාවක් යනකොට
අපේ වජිර.....
'ඉතින් නිකී...ඔයා කොහේද ඉන්නේ.......මොනවද පවුලේ විස්තර....ඇයි ඔයාට මගේ ගැන ආදරයක් හිතුනේ.....ඇත්තටම ඉස්සෙල්ලා ඔයාට අර විදියට කතා කලාට මට සමාවෙන්න....මට හිතාගන්නත් බෑ මම කොහොම මේ පුංචි කෙල්ලට බැන්නද කියලා........දැන් මටත් ඔයාව නැතුව බෑ වගේ......'
අනේ ඉතින් දැන් මේ අර ටිකකට කලින් කාර් එකෙන් බැහැපු වජිරද කියලා හිතාගන්න බෑලු....ඒ තරමට වජිර ආදරෙන් මුසපත් වෙලා,වෙලිලා ගැලිලා,හෙම්බත් වෙලා කොටින්ම කිවුවොත් අනාත වෙලාලු දැන් ඉන්නේ.......දැන් මිනිහාට Accident එක මතකත් නෑ,යන්න ආපු ගමන මතකත් නෑ,කාර් එක මතකත් නෑලු......ඒ තරමට දෙන්නා දැන් ආදරෙන් වෙලිලාලු.......
ටිකක් වෙලා ගිහින්......
කෙල්ල : ' මේ ඒක නෙවෙයි Darling (මේ ටිකට Darling උත් වෙලා.....) .................මගේ කාර් එකේ වොඩ්කා බෝතලයක් තිබුනා........අකමැත්තක් නැත්තම් දෙන්නත් එක්ක ටිකක් බොමුද.......' කියලා ඇහුවාලු
වජිරත් ඉතින් ගත් කටටම 'හා' කියලා කිවුවාලු..........
ඔන්න දැන් කෙල්ල වොඩ්කා එක ගෙනැල්ලා Glasses දෙකකුත් ගෙනැල්ලා වජිරටත් එකක් දුන්නාලු........වජිරත් ඉතින් Glasses 2,3 විතර හිස් කලාලු.........ඒත් කෙල්ල තාම Glass එක අතේ තියාගෙන කල්පනා කරනවාලු....... බොන පාටක් නෑලු
කොහොම හරි ටික වෙලාවක් යද්දී වොඩ්කා බෝතලෙන් කාලකට වැඩිය වජිර වග කිවුවාලු.....
ඊට පස්සේ බලනකොට කෙල්ල ටිකක් එහාට ගිහින් Call එකක් ගන්නවාත් වජිර දැක්කාලු........බලනකොට කෙල්ල බොන්න ගත්තු වොඩ්කා එක බීලත් නෑලු....ඒකත් එහෙම්මම ඉතුරුයිලු..........
පස්සේ කෙල්ල එනකල් ඉදලා...............
වජිර : ' අයියෝ ඔයාගේ වොඩ්කා එක තාම ඉතුරුයිනේ.....මොකද පැටියෝ බොන්නේ නැද්ද.......' කියලා හරි ආදරෙන් මාරම විදියට ඇහුවාලු
කෙල්ල බැලුවාලු වජිර දිහා......හැලුවාලු කෙල්ලගේ වොඩ්කා ටික බිමට....
කෙල්ල : ' බොන්න....බොන්න නෙවෙයි මම පොලිසියට Call කලා.....තව ටිකකින් පොලිසියෙන් එයි...........මෙතන බේබද්දා වගේ බීලා බීලා Drive කරලා මගේ කාර් එක හැප්පුවාට ඉන්නවාකෝ තමුසේට උගන්නන්න මම හොද පාඩමක් අද.....' කියලා වජිර ට කිවුවාලු
/අනේ ඉතින් අසරණ වජිර මේ මහා බියකරු රාත්රියේ Totally Lost ලු..........කෙල්ලගේ කපටිකමද, නැත්තම් වජිරගේ මෝඩකමද කියලා සිතාගැනීම කියවන ඔබට බාර කරමි...........!! /
………………………………………………………………………………………………………
[ Mouse එක වැඩ කරනවා නම් Like කරන්න......Key Board එක වැඩ කරනවා නම් Comment කරන්න….!!! ]
>-© -<
Share on Facebook