Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

සමරෙ කියන්නෙ ගමේ ගොඩේ ජීවත් වුනු ටිකක් විතර මෝඩ පහේ ඩයල් එකක්.කොහොම හරි පොරට ටවුමට යන්න වුනා තනියෙන්.ගියපු වැඩෙත් කරගෙන එන්න හදනකොට බඩගින්නක් ආව.ලගපාතකම තිබුනු ටිකක් පිලිවෙල,පිරිසිදු කෑම කඩේකට ගිය සමරෙ short eats ඉල්ලුව.වේටරයත් බුලට් එක වගේ short eats සර්ව් කලා කියමුකෝ.දැන් සමරෙ කනව,ටවුමෙ කෑම ගනං වැඩි කියල හිතපු සමරෙ පැටිස් එකයි,රෝල් එකයි,අවසරේකින් තොරවම වේටර් මල්ලි ගෙනත් තිබ්බ පැනි බීම එකයි ගත්ත..කොටාබෑම අවසානෙදි වේටර් බිල් තුන්ඩුවත් අරන් සීන් එකට එන්ටර් වුනා.බිල දැක්කම සමරෙට නහුතෙට මල..රුපියල් 140ක්??කෙලිංම සමරෙ තමංගෙ ප්‍රශ්නෙ වේටර්ට යොමු කලා..
සමරෙ-කොහොමද බං මෙච්චර ලොකු ගානක් ආවෙ?
වේටර්-ඉතිං මහත්තයො...පැටිස් එකට 20යි,රෝල් එකටත් 20යි,සෝස් බෝතලෙට තමයි 80ක් ගත්තෙ...!!

Share on Facebook

Archives