දවසක් හුරතලි පන්ති ඇරිලා (කුකරි ක්ලාස්) සුරන්ගයලගේ ගේ ගාවින් යනවලු. ඒ වෙලාවේ මු පන දාගෙන සවලකුත් අතේ තියන් වැලි ගොඩක් අස්කරනවලු. දාඩිය පෙරාගෙන මු වැඩ කරනවා දැකපු හුරතලිට හිතුනලු ලග තිබ්බ කඩේට එක්ක ගිහින් ප්ලේන්ටියක් අරන් දෙන්න. ගෙදරින් සීන් එක දන්නේ නැති හින්දා වත්ත ඇතුලට යන්නත් බෑලු. ඔන්න හුරතලි වැට ඉන්නකුත් අල්ලාගෙන වික්සොපයෙන් කතාව පටන් ගත්තලු. (සුරන්ගයා මෙහම දාඩිය පෙරන් වැඩ කරනවා දැක්කේ එදාමලු)
හුරතලි :- ඔයාට ගොඩක් මහන්සි වගේ බබා (එහෙමලු කියන්නේ) බිලා ඉමු මොනාහරි
සුරංග :- "බෑ සුදු බෑ දැන් අයියා ආවම බැනුම් අහන්න වෙනවා" කියලා මු කෙල්ල දිහා නොබලාම පන දාගෙන වැලි ගොඩ අස් කරනවලු)
හුරතලි :- ඉක්මනට එමු කඩේ ලගයිනෙ ඔයා පවු බබා (අඩන්න ලගයි වගේලු කෙල්ල)
සුරංග :- පිස්සුද දන්නවනේ අයියගේ හැටි දැන් ආවම කෑ ගහයි ගමටම ඇහෙන්න ඔයා යන්න ඔයා යන්න කිවලු
හුරතලි :- අනේ බෑ එහෙනම් මම ගෙනත් දෙන්නම් ඔයා බිලා ඉන්න
සුරංග :- "බෑ බෑ ඔයා දන්නේ නෑ අපේ අයියගේ හැටි දැන් ආව ගමන් මෙතන දෙවනත් වෙන්න කෑ ගහනවා අපේ අයියා මාර සැරයි ඔයා යන්න " කිවලු
හුරතලි :- එහෙනම් මේ මගේ බෝතලෙන් වතුර ටිකක් වත් බොන්න (පොවන්නමලු ඕන මොනවහරි)
සුරන්ගයා :- "බෑ බෑ මට හෙල්ලෙන්නවත් වෙලාවක් නෑ මේ දැන් බෑවේ මේ වැලිගොඩ ඉක්මනට අස් කරන්න ඕන දන්නවනේ අයියගේ හැටි ආව ගමන් කන පැලෙන්න බැනුම් තමා" කිය කිය මු දිගටම දාඩිය පෙරන් සවලෙන් වැලි ගොඩ අස්කරනවලු
හුරතලි :- ඉතින් දැන් ඔයාගේ අයියා කොහෙද ඉන්නේ හදිසියේ එන්න (තරහින් ඇහුවලු)
සුරංග :- "කොහෙද කියන්නේ අයියා ඉන්නේ වැලි ගොඩ යටනේ" කිවලු
තවත් කතා මෙතනින්
හොදයිනම් Like කරන්න