Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ඔන්න එක පොරක් බාර් එකකට ගිහින් නස්තාර වෙන්න බිව්වලු. බීලා බීලා ෂේප් එකේ මාරු වෙන්නලු මූ හැදුවෙ.
බාර් කාරය මේක දැකල බීල ඉල්ලනවලු,
"මේ ඕයි, ඕයි බිල ගෙවන්නෙ පොලිස්සියෙන්ද? මේ බිල ගෙවල යනවා"
එතකොට අරූ කියනවලු,
"මොන බිලද? දැන් එක පාරක් ගෙව්ව මතක නැද්ද? දෙපාරක් ගෙවන්න ඕනිද? මේක යකාගෙ කෙලියක්නෙ යකෝ £$%#§€+§...."

මේක අහපු ගමන් බාර්කාරයට හිතුනලු, මූ ඇත්ත වෙන්ටැ කියනව ඇත්තෙ. බීපු එවුං කොහොමත් බොරු කියන්නැහැනෙ (  ). ඇරත්, කොහොමත් මට ඔය අමතක වෙන එක ඉස්සර ඉදන්ම තිබ්බනේ. ඒකනෙ 5 වසරෙන් එහාටවත් යාගන්න බැරි වුනේ. එහෙම හිතල,
"හා හා එහෙනම් යනව! යනව!" කියල කිව්වලු.
එතින් අරුත් ලොර්ඩ් වගේ සිග් සැ(z)ග් ක්‍රමේට බාර් එකෙන් එලියට ආවලු. එතකොටම මුගෙ යාලුවෙකුත් බාර් එකට එනවලු. දැන් මූ යාලුවට කියනවලු,

"බාර් එකේ එකා රට හරකෙක් බං. උට මෙලෝ දෙයක් මතක නෑ. මම බීල, උට පොල්ලකුත් තියල ආවෙ..........බ්ලා බ්ලා බ්ලා" මුලු සීන් එකම කිව්වලු.
"ඕං මචං අපි එහෙනම් කැපුන. හරි? මට නිකං පීස්සු වගේ මචං......" කියල සැලියුට් එකකුත් දාල සිංදුවක් එහෙම කියාගෙන සුපුරුදු සිග්-සැග් ක්‍රමේටම ගියලු.
මුගෙ යාලුවත් ඉතින් අරුටම හරියන එකාලු.
මූත්, ඇතිපදමට බීල මාරු වෙන්න හදනකොටම, බාර්කාරයට මාට්ටුලු.
මේකත් අරූ වගේම ටෝක දුන්නලු.
බාර්කාරයත් කලින් වගේම හිතල, මුට යන්න දුන්නලු.
දැන් මූත් එලියට එනවලු සිග්-සැග් ක්‍රමේටම....... කියල හිතුවනම් උඹල වැරදියි . මූට තියෙන්නෙ සරල අනුවර්තී චලිතයක්ලු .
මූත් බාර් එලියට එද්දිම උගෙ යාලුවෙක් හම්බුනාලු, මූ උටත් සීන් එක කිව්වලු.
තුන්වැනියට ආපු එකත් දෙන්නං ජම්බූ කියල බාර් එක ඇතුලට ගියාලු.
මූත් ආපු වෙලේ ඉදන්ම බෝතල් හිස්කරනවලු.
බාර්කාරය මුගෙ ලගට ගිහින් උගෙ කතාව කියනවලු,
"බලන්නකෝ මහත්තය. දැන් මිනිස්සු දෙන්නෙක්ම මට බිල ගෙව්ව කියල යන්න ගියා. ඒ වුනාට ඒ එකෙක්වත් බිල ගෙවපු බවක් මට මතක් නෑ..... "

එතකොට අරූ කියනවලු,

"මේ අහනව අයිසෙ, තමුසෙගෙ ඔය කතා අහ අහ ඉන්න මට වෙලාවක් නෑ. කරුණාකරල මගෙ ඉතුරු සල්ලි ගෙනත් දෙනව, මට පරක්කු වෙනව ඕයි!"

Credits goes to Madhusankha Hewage
Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook

Archives