මේ ලගදි දවසක මන් යාළුවෙක් එක්ක බස් එකේ යනව. හිටගෙන තමයි ගියෙ. ඔන්න බස් එක ට්‍රැෆික් ලයිට් එකක් ගාව නැවැත්තුව. එතකොට අපි ඉස්සරහින් කවුළුවෙන් පේනවා දම්රෝ ෂෝ රූම් එකක්.
ටිකක් වෙලා මේක දිහා බලන් හිටපු මගේ යාලුව අර ෂෝ රූම් එක පෙන්නල කියනවා "බලහන් බන්, මුන් තනිකර බොරුවනේ කරන්නේ. බොරුව දාල මිනිස්සුන්ගේ සල්ලි කඩා ගන්නව"
මට මූ මේ කියන්නේ මොකක් ගැනද කියල එකපාරටම මීටර් නෑ. එත් මන් කිව්ව "ඕව ඔහොම තමයි බන්, ඕව ගත්තට පස්සේ ඔය කියන තරම් ආතල් නෑ. අන්තිමට වොරන්ටිත් නෑ" කියල.
එතකොට මගේ මුණ දිහා බලන් ඉදල අරූ කියනව "බොට පිස්සුද හු**, මං කතාකලේ කෙහෙල්මල් වොරන්ටියක් ගැන නෙවෙයි යකෝ!" කියල.
"එහෙනම් මොන වෙඩිමක්ද උබ කතාකරන්නේ???"
එතකොට මූ කියනවා "දැන් බොට පේනවද අර වීදුරුවේ එල්ලල තියන බැනර් එක. එකේ අගල් 14, 21, 29 , 32, 42 වගේ එක එක සයිස් වල ටීවී වල ෆොටෝ දාල තියනව. හැබැයි හැම ටීවී එකේම පෙන්නේ ඩොල්ෆින්ලා දෙන්නයි. අගල් 14 එකෙත් දෙකයි, 42ත් දෙකයි. ඉතින් එකම ඩොල්ෆින්ලා දෙන්න බලන්න අපි මොන හු**ටද තුන් හතර ගුණයක් වැඩිපුර සල්ලි දෙන්නෙ. අඩුම තරමේ ලොකු එකේ ඩොල්ෆින්ලා දෙන්නයි හාල් මැස්සයි වත් පේනවනම් කමක් නෑ"
ඉතින් ඔන්න ඔය විදියට තමයි මගේ යාලුව මේ වෙළද මාෆියාව අල්ලගත්තෙ. උගේ මිත්‍රයෙක් වෙන්න ලැබීම මගෙත් පෙර පිනක්.
උපුටගැනිමකි
තවත් කතා මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න