Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages


දන්න එවුන් කටවහගෙන ඉදපල්ලා. අනිත් උන් පාඩුවේ අහගනිල්ලා. ඔන්න එක පොරක් ඒ කිව්වේ හොද මහතා දෙහෙත පොරක් ගියාලු ටිකක් ඈත මළගෙදරක. ගියේ බයිසිකලයේ. මොකද ඉතිං කොයි විදියේ ගමනක් උනත් පොරට ඉතිං බයිසිකලයේ පිහිට හැර වෙන පිහිටක් නෑලු. ඉතිං මිනිය එහෙම බලලා, කයියක් ගහලා, හොදට විටක් එහෙම හපලා එන්න බලද්දී බයිසිකලේ නෑලු. මොකෙක් හරි අසමජ්ජාති එකෙක් එක හංගලා ඒ ටිකට. මිනිහට මල පැනලා. දැන් ඉන්න තැනත් ගානක් නෑලු. ගත්තලු සරම කරට. 
"අඩෝ......."

"මොකාද යකෝ මගේ බයිසිකලේ ඉස්සුවේ, උඹලා බසියාවත්තේ සීන් එක දන්නේ නැතිව ඔහොම කරලා තියන්නේ."
දැන් කට්ටියම පුල් හොල්මන්. මොකද මේකගේ පෙනුම ගමකට ගහලා තව දහයකට ගහන සයිස්.
"බසියාවත්තේ සීන් එක නිකමට හරි අහලා තියෙන එකෙක් මේ වගේ බැලු වැඩක් කරන් නෑ. හංගපු තැනින් මගේ බයිසිකලය දීපල්ලා"
කට්ටිය බයවෙලා හොදටම.
"එදත් මේ වගේම මල ගෙදරක්, මලේ උඹලා නිකමට හරි බසියවත්තේ සීන් එක දන්නවනම් මේ වගේ දෙයක් කරන් නෑ"
දැන් මල ගෙදර අඩ අඩා හිටපු උන් ටිකත් අඩන එක නවත්තලා බලාගෙන ඉන්නවලු මොකද මේ වෙන්න යන්නේ කියලා,
"එදත් එකෙක් මගේ බයිසිකලේ උස්සලා තිබබා මේ විදියටම, උඹලා දන් නෑ එදා බසියාවත්තේ මොකද උනේ කියලා. එදා වෙච්ච දේ ආපහු වෙන්න විතරක් ඉඩ තියන්න එපා. හොද හිතින් මගේ බයිසිකලේ දීපල්ලා"
කොහොමද බලහල්ලකෝ ගමක් ඉස්සරහා ගේම ඉල්ලද්දී, බයිසිකලේ උස්සපු එකාට දැන් දහදිය දාලා ලු කිලෝ දෙක හමාරක් විතර.
අරකා ආපහු කෑ ගහනවාලු.
"මම මේ අන්තිම වතාවට අහන්නේ මගේ බයිසිකලේ දීපල්ලා, නැත්තම් බසියාවත්තේ සීන් එක ආපහු මෙතන වෙනවා"
දැන් අහගෙන ඉන්න උන්ට මාර අවුලලු මොකක්ද යකෝ මේ බසියාවත්තේ සීන් එක කියලා. දැන් ඉතිං අහගෙන ඉන්න උඹලටත් එහෙම ඇතිනේ. ඉවසලා ඉවසලා තවත් ටිකක් ඉවසලා බැරිම තැන එකෙක් හෙමිට ඇහුවලු,
"අයියා ඇත්තටම මොකක්ද එදා බසියාවත්තේ උනේ?"
මේකා එකා දිහා හොදට බලලා කියනවලු,
"මල්ලි එදත් මළගෙදරක මම මෙහෙම ගියා බසියාවත්තට, එදත් මගේ බයිසිකලය උස්සලා එකෙක්. මම හෙව්වට හම්බුන් නෑ මලයා"
"ඉතිං"
"මල්ලිට කියන්න මල්ලි මම හැතැක්ම 13ක් පයින් ගියා මල්ලි. අනේ බුදු මල්ලි මට අදත් එදා බසියවත්තේ සීන් එක වෙන්න දෙන්න එපා"


උපුටාගැනිමකි

තවත් කතා මෙතනින් අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook

Archives