Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ඔන්න දවසක් අපේ සුරන්ගයා හැටට හැටේ High Speed ගිහින් අපේ සත්ගුනවත් රාලහාමි 

කෙනෙක්ට මාට්ටු වුනාලු. මේ එතනදි ඇති වුන සන්වාදය..... ‍
.
.
රාලහාමි - හදිස්සියක් වගේ ඈ!! කො ගන්නව බලන්න තමුසෙගෙ ලයිසන්.
සුරන්ග - අනේ රාලහාමි මගෙ ලයිසන් එක කැන්සල් වෙලත් දැන් මාස 8ක් විතර වෙනවනෙ..
රාලහාමි - වෙරි ගුඩ්, වෙරි ගුඩ්, එහෙනම් ගන්නව බලන්න වාහනේ ලියකියවිලි ටික...
සුරන්ග - අනේ සර් මම එව තියෙන තැනක් දන්නෙ නැහැනෙ..
රාලහාමි - ඒක යකාගෙ කතාවක්නෙ ඕයි!!! තමුසෙගෙ වාහනෙ ගැන තමුසෙ දන්නෙ නැද්ද?
සුරන්ග - අනේ රාලහාමි ඇත්තම කියනවනම් මේක මම හොරකම් කරපු වාහනයක්!!
(සුරන්ග තත්පර කිහිපයක් කල්පනා කරයි)
සුරන්ග - ආහ් මතක් වුනා, මම පිස්තෝලෙ දාපු Glove Box (ඔවු ඔවු අර වාහන වල තියෙන

අනන් මනන් දාන පෙට්ටිය තමයි) එකේ ලියකියවිලි වගයක් තිබ්බ වගේ මතකයි!!
රාලහාමි - මුගෙ අම්ම්ට @*&%$+#, යකෝ උඹ ගාව පිස්තෝලෙකුත් තියෙනවද?
සුරන්ග - ඔවු සර් මේ කාර් එක අයිති ගෑනු කෙනාව මැරුවෙ ඒකෙන්නෙ..
රාලහාමි - මොකාක්ක්ක්ක්???? කෝ යකෝ ඒ ගෑනිගෙ බොඩි එක??????????????????
සුරන්ග - පිටිපස්සෙ ඩිකියට මම දැම්ම ගෝ....!!!!!!
රාලහාමි - (සැනෙකින් රාජකාරි පිස්තෝලය ගෙන) අත් දෙක උස්සපිය පරයා..... තො

හෙල්ලුනොත් තියනව ඔලු කට්ටු කුඩු වෙන්න දැනගනින්!!!!!!!!! හෑන්ඩ්ස් අප්....!!!!!!!!!!!
.
.
ඊට පස්සෙ සුරන්ගයාව ලගම තියෙන ලයිට් කනුවක තියලා මාන්චු දාල රාලහාමියා උසස් වීමක්

ගැන හීන දැක දැක වහාම පොලිස් ස්ථානාදිපති තුමාට කෝල් කරල විස්තරේ කිව්වලු.. විනාඩි

පහකවත් ගියෙ නෑලු තුවක්කු අමෝරාගත් පොලිස් මාමල සේනාවක් සුරන්ගයව වට

කරගත්තලු.... ඒ අය මැදින් ලොකු බඩක් තියෙන සැප පාට බුවෙක්, එ කියන්නෙ ස්ථානාදිපති

තුමා, එ කියන්නෙ පොලිස් OIC මහත්තයා ආවලු සුරන්ගයගෙන් ප්‍රශ්න කරන්න...
මේ එතනදි ඇති වෙච්ච සන්වාදෙ...
.
.
OIC - මහත්තයා මට ඔයාගෙ ලයිසන් එක බලන්න පුලුවන්ද?
සුරන්ග - ආහ් ඔවු සර්, මේ තියෙන්නෙ....
OIC - ඕහ්හ්!!! එතකොට මේ කාර් එක කාගෙද??
සුරන්ග - මගේ සර්..මේ තියෙන්නෙ ලියකියවිලි සේරම...
OIC - මහත්තය එහෙනම් හෙමීට කලබල නැතුව මට මේ වාහනේ glove box එක ඇරලා

පෙන්නන්න බලන්න?
සුරන්ග - මේ තියෙන්නෙ සර් වතුර බෝතලයක් විතරයි තියෙන්නෙ...
OIC - හ්ම්හ්ම්ම්ම්!!! එහෙනම් තරහා නැතුව මට වාහනේ ඩිකිය බලන්න පුලුවන්ද?
සුරන්ග - මේ තියෙන්නෙ සර්, ස්පෙයාර් වීල් එක (ඔවු ඔවු අමතර ටයර් එක) විතරයි තියෙන්නෙ...
OIC - මේක හතර බීරි කතාවක්නෙ අයිසේ, ත්මුන්ව ඇරෙස්ට් කරපු රාලහාමි කිව්වෙනම් තමුන්

ගාව ලයිසනුත් නෑ, වාහනේ හොරකම් කරපු එකක්, glove box එකේ පිස්තෝලයක් තියෙනව ඒ

මදිවට ඩිකියේ ගෑනියෙක්ගෙ බොඩි එකකුත් තියෙනවා කියලනෙ!!!
සුරන්ග - අනෙ අම්මේ සර් ඒ රාලහාමි මන් ගැන කියල තියෙනෙ බොරු ගොඩ.. ශුවර් එකටම මම

High Speed ගියා කියලත් කියන්න ඇති ඔය මනුස්සයා..!!!!


හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook

Archives