Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

දාබරේ තම පෙම්වතිය ද සමඟ සිනමා ශාලාවට ගොස් බැල්කනි ප්‍රවේශ පත්‍ර 2ක් ගෙන ඇය සමඟ උඩුමහලට නැංගේය. ටික වේලාවකින් ඔහු තනිවම ටිකට් කවුන්ටරය වෙත පැමිණ තවත් ටිකට් 2ක් මිලදී ගත්තේය. පඩිපෙළ නැඟ උඩට ගිය හේ නැවතත් ආපසු පැමිණ කවුන්ටරය වෙත ගොස් නැවතත් ටිකට් පත් 2ක් ඉල්ලීය.

කවුන්ටරයේ සිටි සේවකයා මඳක් විමතියෙන් ඔහුගේ මුහුණ දෙස පරීක්ෂාවෙන් බලා මෙසේ ඇසීය.

“මහත්තයා මීට කලින් දෙවතාවක්ම ටිකට් දෙක ගණනෙ ගත්තා නේද? ඇයි මේ ආයෙත් ටිකට් ඉල්ලන්නෙ?”

“ගත්තා ‍නේන්නං. ඒත් කවුදෝ පල් මෝඩයෙක් බැල්කනියේ දොර ළඟ ඉඳගෙන ඒ ටිකට් ඉරනව නෙ” දාබරේ කීවේ නොඉවසිලිමත්වය.

Archives