Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages



ලංකාවට ජංගම දුරකථනය මුලින්ම හදුන්වලා දුන්නේ 1989 සෙල්ටෙල් නෑමෑති ආයතනයක් විසින්. ඒ කාලේ GSM (Global System for Mobile Communication) තාක්ෂණය තිබුනේ නෑහෑ. තිබුනෙ, DTMF (Dual Tone Multi Frequency) තාක්ෂණය විතරයි. මේ ක්‍රමය දෑන් හඳුවන්නෙ ෆර්ස්ට් ජෙනරේෂන් මොබයිල් නෙට්වර්ක් විදිහට. ඒ දවස්වල මුලින්ම ආපු ජංගම දුරකථනය ඉතා විශාල ප්‍රමාණයේ එකක් උනා. ඒක ලංකාවේ ජනප්‍රියඋනේ ගඩොල් බාගේ කියලා, එකේ සයිස් එක නිසා. ඈත්තටම ඒක ලොකු ඉංජිනේරු ගඩොලකින් භාගයක් විතර ඈති. මට මතක විදිහට ඒ දවස්වල ජංගම දුරකථනයක් රුපියල් ලක්ෂයකට අධිකයි. ඒ නිසා, ඒ දවස්වල ජංගම දුරකථනයක් සාමාන්ය කෙනෙක්ට මිලදීගෑනීමේ හෑකියාවක් තිබුනේ නෑහෑ.

මගේ මතකය හරිනම්, දෙවෑනියට පෑමිණි ජංගම දුරකතන ආයතන සාමාජිකයා උනේ කෝල් ලින්ක් කියන සමාගම. ඒක පටන්ගත්තෙ අනූව දශකයේ මුල් භාගයේ. හරියට දන්න කෙනක් ඉන්නවනම් කියන්න. අද ඒක පවතින්නෙ හච් කියලා. ඊට පෙර පෑවතියේ, හචිසන් ටෙලිකොම් ලන්කා විදිහට. මේකත් පටන්ගත්තෙ, DTMF තාක්ෂණයෙන්. මේ වකවානුව වෙද්දි, දුරකතනයේ ප්‍රමාණය තරමක් කුඩාවෙලා තිබුණ. උසින් ද මහතින් ද අඩුවී, මිලෙහිද විශාල අඩුවීමක් තිබුණ. මේ කාලය වනවිට ලන්කාවේ ජනප්‍රිය නිෂ්පාදනය උනේ Motorola කියන වර්ගය.

මේ දවස්වල ෆෝන් වල ඉන්කමින් හා අවුට්ගොයින් කියන දෙකටම චාර්ජ් වෙනවා. ඒවත් සුලුපටු ගනන්වලින් නෙමෙයි. විනාඩියට රුපියල් 14.00 ක් වගේ. ඉන්කමින් හා අවුට්ගොයින් කියලා කිසිම වෙනසක් තිබුනෙ නෑහෑ.


මේ අතරෙදි 1993 දි Mobitel නමින් තුන්වන ජංගම දුරකතන සේවා සපයන්නෙක් එනවා. ඒත් ඔවුනුත් භාවිතාකලේ එවකට පෑව්ති DTMF තාක්ෂණය. ඔවුන්ටත් කිසියම් ග්‍රාහක පිරිසක් හිටියත් වෑඩි ජනප්‍රියත්වයක් ගන්න හෑකියාවක් තිබුනෙ නෑහෑ.

ඔය අතරෙ තමයි, 1998 දි ලංකාවෙ පළවෙනි GSM මොබයිල් නෙට්වර්ක් එක, Dialog GSM කියලා පටන් ගත්තෙ. මේක, අනිත් රටවල වගේම උණු කෑවුම් වගේ ලංකාවෙ ජනප්‍රිය උනා. ඒකට ප්‍රධාන හේතු දෙකක් තිබුණ.

එකක් තමයි, මේ අලුත් තාක්ෂණයත් එක්ක තමයි, කෙටි පණිවුඩ සේවාව පටන් ගත්තෙ. දෙවෑන්න තමයි, සම්බන්ධතාවය තිබුනෙ, ජංගම දුරකතනයේ නෙමෙයි, වෙනම කුඩා චිපයක. මේ චිපය තමයි SIM (Subscriber Identity Module) එක කියලා කියන්නෙ. ඒ කාලයේ තිබුණ ප්‍රධාන මෙන්ම, එකම වාසිය උනෙත් ඔය දෙක විතරක් උනාට කාලයත් එක්ක, Value Added Services කියන ඒවා වෑඩි උනේ මේ ක්‍රමයත් එක්ක.http://x.co/mobiles

මුල කාලයේ පෑමිණි දුරකථන වලට මේ සිම් කාඩ්පත විශාල ATM කාඩ්පතක ප්‍රමාණයම ඈතුල්කරන ක්‍රමයක් තිබුනෙ. සාමාන්යයෙන් බෑටරිය යට. කාලයත් සමගම සිම්පතේ චිපය සමඟ පොඩි කොටසක් කපා ඈතුල් කල හෑකි දුරකතන වෙළඳපලට ආවා. මීට සමගාමීව දුරකතනයේ ප්‍රමාණයද විශාල ලෙස අඩුවීමක් උනා.

'99 වනවිට මේ දුරකතන සමාගම් අතර සටන ඈරඹුනා. විවිධ පෑකේජයන් විවිධ පුද්ගලයින් කේන්ද්‍රකරගනිමින් නිකුත් කරන්න පටන් ගත්ත. එකිනෙකාට නොදෙවෙනි වෙන ලෙසට එකකට එකක් අනුරූපී පෑකේජයන් එන්න ගත්තා, ග්‍රාහක ගහනය හෑකිතාක් තමන්ගේ පෑත්තට ගන්න.

මේ කාලය වනවිට විවිධ වර්ගයේ ජංගම දුරකථන වෙළඳපොලේ තිබුනා. ඒ අතර Motorola, Ericsson, Alcatel යන වෙළඳ නාම තමයි ජනප්‍රියවෙලා තිබුනේ. Nokia දුරකතන එතරම් ජනප්‍රියත්වයක් තිබුනෙ නෑහෑ.

Dialog GSM එකේ ජනප්‍රියත්වයත් එක්ක, අනෙක් DTMF දුරකථන සෑපයුම් කරුවන්ට තරඟ කිරීමේ හෑකියාවක් තිබුනේ නෑහෑ. ඔවුන්ට තිබුණ එකම විකල්පය වුනේ, ඔවුන්ගේ සේවා සෑපයිමත් GSM ක්‍රමයට හෑරවීම පමණයි.

සෙල්ටෙල් සමාගම '99 හෝ 2000 දි තමන්ගේ GSM සන්නිවේදන කටයුතු Celtell Infinity ලෙස දියත් කලා. මේ සමඟම විශේෂ පෑකේජයන් හඳුන්වාදුන්න.

මේ පාරේ යමින් මොබිටෙල් සමාගම 2004 වසරේ අග භාගයේදී තමන්ගේ GSM නෙට්වර්ක් එක අත්හදා බෑලුවේ රටේ දුරකතන සේවාවේ මහත් ආන්දෝලනයක් ඈතිකරමින්. ඒ කල් වේලා ඈතිව GSM සිම්පත් අයදුම් කල අයට, නොමිලේ ඈමතුම් ගෑනීමට හෑකියාව ලබා ලබාදෙමින්. ඒ ඔවුන්ගේ GSM ජාලය අත්හදාබෑලීමේ කාලය පුරාවට. ඈත්තටම මේක Mobitel එකේ ප්‍රවර්ධන ක්‍රමෝපායක්. මේකේ බෑරෑරුම්බව අනෙක් ක්‍රියාකරුවන් දෑනගෙන හිටියා. මේක කෙතරම් ආන්දෝලනාත්මක උනාද කියතොත්, අනෙක් ජංගම දුරකථන ක්‍රියාකරුවන් මේකට විරුද්ධව උසාවි පවා ගියා. ඒත් මේවනකොට Mobitel ආයතනය ශ්‍රි ලංකා ටෙලිකොම් එකේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වෙලා තිබුන නිසා, ඔවුන්ට නොසෑලී සිටීමේ හෑකියාව තිබුන.

මේත් එක්කම ලංකාවෙ අඩුම ග්‍රාහකයින් පිරිසක් සිටි, Hutchison Telecommunications එක Hutch නමින් තමන්ගේත් GSM ජාලය ආරම්භ කරා. ඒ 2004 වසරදි. ලංකාවෙ දෙවෑනි ජන්ගම දුරකතන ජාලය වූ Call-Link සමාගම තමයි, පසුකලකදී Hutchison Telecommunications නමින් මෙහෙයුම් කර , 2004 දි Hutch වෙන්නෙ.
ඒවගේම Celltel>Tigo>Etisalat විදියටත් වෙනස් උනා
මේ අතර පස්වෑනි GSM ජංගම දුරකථන ක්‍රියාකරුවෙකු 2009 දි එනවා. ඒ භාරති එයාර්ටෙල් ආයතනය. තමන්ගේ මෙහෙයුම් වර්ෂ 2009 ජනවාරි පස්වෑනිදා අරඹනව, ඒ Airtel නමින්.

විවිධ පෑකේජයන්ගෙන් හෙම්බත් වී සිටි ලාංකිකයෝ මේ සමාගම ගෑන අධිතක්සේරුවක ඉන්නව. ඉතා අඩු මාසික වරිකයකට අවුට්ගොයින් ෆ්‍රී පෑකේජයන් දෙනවයි කියලා රට පුරා කටකතා යනවා. මොවුන්ගේ සිම් නිකුත්කරන දවස් වල අව්ව වෑස්ස නොතකා, දිග පෝලිම් වල ඉන්නවා. ඒත් අන්තිමේදි වුන සෙතක් නෑහෑ. හෑමෝම බනින්න පටන් ගන්නවා, නිකුත්කර පෑකේජයන් හා දීමනා දෑකපුවහම.

Airtel එකත් ලාභ ලෑබීමේ පරම චේතනාවෙන්, ලංකාවේ විදේශ විනිමය ඉන්දියාවට ඈදගෑනිමේ ක්‍රමයක් ලෙස පටන්ගත් තවත් එක් ජංගම දුරකථන ක්‍රියාකරුවෙක් උනා.

හොදයිනම් Like කරන්න
තවත් ට්‍රික්ස් මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Share on Facebook

Archives