Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

මේ වන විට මෙරට වසංගතයක්‌ ලෙස පැතිර යන ඩෙංගු උණ රෝගයට හේතු කාරක වී සිටින ඩෙංගු මදුරු කීටයන් අනුභව කරනු ලබන මිනිස්‌ රුධිරය උරා නොබොන මදුරු විශේෂයන් දෙවර්ගයක්‌ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා අංශය විසින් සිදු කරනු ලැබූ පරීක්‍ෂණවලදී හඳුනාගෙන තිබේ.

වසරක පමණ කාලයක්‌ මුළුල්ලේ සිදු කරනු ලැබු පරීක්‍ෂණවලින් අනතුරුව මෙම මදුරු විශේෂයන් දෙක හඳුනාගෙන ඇති අතර එම මදුරුවන් "ටොහේමියා" නමැති මදුරු ඝනයට අයත් බව ආනාවරණය කරගෙන තිබේ. වසර 104 කට පසු මෙරටින් සොයා ගනු ලැබූ මදුරු විශේෂයක්‌ වන මෙම මදුරුවන් මිනිස්‌ රුධිරය උරා නොබොන මල් පැණි ඇතුළු ශාඛ යුෂ ආහාරයට ගන්නා බව අනාවරණය වී ඇත. කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් මුල් වරට සොයා ගනු ලැබූ මෙම මදුරු විශේෂයන් ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීමේ ක්‍රමවේදයක්‌ වශයෙන් ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙළට එක්‌ කරලීම සම්බන්ධව ප්‍රතිපත්තියක්‌ මේ වන විටත් සකස්‌ කර ඇති අතර ඒ පිළිබඳව තවදුරටත් පුළුල් පරීක්‍ෂණ පැවැත්වෙන බව ජ්‍යෙෂ්ඨ කීට විද්‍යා සහකාර නිලධාරිවරයෙකු වන නජිත් සුමණසේන මහතා පවසයි.

පසුගිය කාලයේ මෙරට සෞඛ්‍ය බළධාරීන්ගේ අවධානය යොමුව තිබුණේ බටහිර රටවල අත්හදා බලමින් පවතින ඩෙංගු මදුරුවන්ගේ ජනගහනය අඩු කරලිය හැකි රසායනාගාරයක කෘත්‍රීමව බෝකර පරිසරයට මුදා හරිනු ලබන කෘත්‍රීම මදුරු විශේෂයක්‌ මෙරට ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙළට එක්‌ කර ගැනීම සම්බන්ධයෙනි. එහෙත් එම කෘත්‍රීම මදුරු විශේෂය බෝ කිරීම මිලෙන් අධික පියවරක්‌ වීම නිසා එය ක්‍රියාත්මක කිරීම අවිනිශ්චිතව මට්‌ටමක පැවැතිණි. මෙම තත්ත්වය යටතේ දැනට අළුතින් සොයා ගැනුනු ඩෙංගු මදුරු කීටයින් අනුභව කරනු ලබන මදුරු විශේෂයන් දෙක රසායනාගාරය තුළ ස්‌වභාවික තත්ත්වයෙන් බෝ කර පරිසරයට මුදාහැරීම පිළිබඳව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා අංශයේ අවධානය යොමුව තිබේ.

එම ක්‍රමය අඩු වියදම් ක්‍රමයක්‌ වීම හා ඵලදායි බව පෙනී ගොස්‌ තිබීම නිසා එය ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමේ ප්‍රතිඵලදායි පියවරක්‌ වනු ඇතැයි කීට විද්‍යා සහකාර නිලධාරීහු විශ්වාසය පළ කර සිටිති.

මෙම මදුරුවන් ඩෙංගු මදුරු කීටයින් ආහාරයට ගනු ලැබනුයේ ජලයේදීම බව අනාවරණය වී තිබේ.

දැනටමත් මෙම මදුරු විශේෂයන් ස්‌වභාවිකව බෝ කර පරිසරයට මුදාහැරීමේ වැඩපිළිවෙළ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශ බළධාරීන්ගේ අනුමැතියද හිමිව තිබේ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කීට විද්‍යා සහකාර නිලධාරී ඩබ්ලිව් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මදුරු විශේෂයන් සම්බන්ධ වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ඒමන්ති මාරඹේ
souse divaina
හොදයිනම් Like කරන්න
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook

Archives