අකිලයි සුරංගියි එදා ලෑස්ති උනේ පාටියකට යන්න. එයාලගෙ වාහනේ රෙපෙයාර්වලට දාල නිසා අකිල නැනෝ කැබ් එකකට කතා කලා. එයාලගෙ ගෙදර බැල්ලියෙකුයි ගිරවෙකුයි ඉන්නවා. එයාල නැති වෙලාවට බැල්ලිව ගෙදර එලියට දැම්මෙ නැත්තං ඌ ගිරවව හපන්න යනවා. ඒ නිසා අකිල කලින්ම බැල්ලිව මිදුලට දැම්මා.
කැබ් එක ඇවිත් හෝන් කලාම දෙන්න එළියට ගියා. ඒත් ගෙදර දොර අරිද්දි බැල්ලි ඇතුලට පනිනව අකිල දැක්කා. ඒ නිසා සුරංගිට කැබ් එකට නගින්න කියල අකිල ආයෙත් බැල්ලිව හොයන්න ගේ ඇතුලට ගියා.
සුරංගි කැබ් එකට නැග්ගා. විනාඩි කීපයක් ගියත් අකිල නෑ තාම. ඩ්‍රයිවරුත් නොසන්සුන්.
"ඇයි නෝනා... මහත්තය තාම නැත්තෙ මොකද?"
සුරංගිට ඕන උනේ නෑ එයාල පාටියට ගියාම ගෙදර කවුරුත් නෑ කියල කියන්න. මේ දවස්වල මිනිස්සු විශ්වාස නෑනේ.
"ආ... හස්බන්ඩ් එයාගෙ අම්මට යන්නම් කියල එන්නයි ඇතුලට ගියෙ. ඉක්මනට එයි."
සුරංගි බොරුවක් කිව්වා. ටික වෙලාවකින් අකිල දාඩිය දාගෙන ඇවිත් වාහනේට නැග්ගා.
"මොකද අනේ ඔච්චර වෙලා ගියේ?"
සුරංගි ඇහුවා.
"අර පිස්සු බැල්ලි මට දස වදයක් දුන්නෙ. ඒකි ගිහින් ඇඳ යට හැංගුනානෙ. මං කොස්ස දාල ඇදල ගත්තෙ. එලියට ගත්ත විතරයි දඟලන්න ගත්තා. මං බෙල්ලෙන් අල්ලා බ්ලැන්කට් එකක එතුවා. පස්ස පැත්තෙන් තල්ලු කරගෙන ඇවිත් එලියට දැම්මෙ. මල පැනල හොඳට. එළවලු පාත්තියෙ කක්ක දැම්මෙ නැත්තං හොඳයි."
පාටියට යනකල් ගමන ගොඩක් නිහඬ එකක් උනේ ඇයි කියල අකිලට හිගාතන්න බැරි උනා.
තවත් කතා මෙතනින් අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න