Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

අලෝ මාමේ,

මාමාට කෝමද? මාමාගේ ලියුම ලැබුණාය.. මම එය කියවා ගොඩාක් සතුටු වුණාය.. මාමා කියපු විදිහටම මම හොඳට ඉගෙනගන්නවාය.. එන අවුරුද්දේ 5හේ විබාගේ පාස් වුණාම මාම මාව ගමේ ඉස්කෝලෙට දානවා නේද? 

මම ඉස්කෝලේ යන්නේ එන්නේ වෑන් එකෙන්ය.. ඒකේ ඉන්න ඔක්කොම උන් ඇට්ටරයෝය.. මට උන්ගෙන් එකෙක් දවසක් ගැහුවාය.. මමත් ගැහුවාය.. ඒ වුනාට වැඩියෙම රිදුනෙ මටය.. උන්ගෙන් එකෙක් මාත් එක්ක යාලු වූවාය.. ඒකා මහා මොළකාරයාය.. මට ගැහුවොත් මොකා වුනත් ඒකාට පෙරළා පහර දෙන්න මට කියා දුන්නාය.. දවසක් මට පිටිපස්සෙන් ඇවිත් ගහපු සුසී කෙල්ලට මම පෙරළා ඇග උඩ නැග පහර දුන්නාය.. ඒකි අඩපු ඇඩිල්ලට ප්රින්සිපල්ට බය හිතිල ආයෙ එහෙම කරොත් මාව වපසරියාවටද මොකක්ද එකකට දානවා කිව්වාය.. ඒක ගැන පොඩ්ඩක් කියල දෙන්නකෝ.. ඒක හොඳ තැනක්නම් මම ආයෙත් සුසීට පෙරළා පහර දෙනවාය..

සර්ලගෙයි ටීචර්ලගෙයි කරදරේ නැත්තන් ඉස්කෝලේ හරි ශෝක්ය.. මේ ළගදි මරු වැඩක් වුනාය.. සිංහල ටීච නිවාඩු දවසේ කරපු දෙයක් පොතේ ලියන්න කිව්වාය.. ඉතිං මම නිවාඩු දවසේ පන්සල් ගියාය කියා ලිව්වාය.. මේක වැරදි නිසා මට දඩුවමක් දුන්නාය.. මම ගෙදර ගියෙමි කියල මට 20 පාරක් පොතේ ලියන්න කිව්වාය.. ඒක කියද්දිම ඉස්කෝලෙ ඇරුණාය.. මට ලියන්නේ නැතිව ගෙදර යන්න එපා කීවාය.. ඉතිං මම ගෙදර ගියෙමි කියා 20 පාරක් ලියූ මම ගෙදර ගියාය...

නිදි මතයි... බායි..

Archives