Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

ඇමෙරිකානුවෙක් එංගලන්තයට ගොස් හෝටල් කාමරයක් වෙන්කරවා ගත්තේය.

ඇමෙරිකානුවා - කොහෙද එලිවේටරය තියෙන්නේ? (ඇමෙරිකාවේ විදුලි සෝපානය හඳුන්වන්නේ ‘එලිවේටර්’ යනුවෙනි)

කළමනාකරු - එලිවේටර්..? එහෙම එකක් මෙහේ නෑනේ.

ඇමෙරිකානුවා - මොනවා..? එතකොට මම කොහොමද 11 වැනි තට්ටුවට නඟින්නේ?

කළමනාකරු - ආ.. අර තියෙන්නේ ලිෆ්ට් එක. ඒකෙන් උඩට නඟින්න.

ඇමෙරිකානුවා - ඒකට කියන්නේ ලිෆ්ට් නෙවෙයි එලිවේටර්.

කළමනාකරු - නෑ.. නෑ.. ඒකට කියන්නේ ලිෆ්ට් එක කියලයි.

(මේ සම්බන්ධයෙන් හෝටල් කළමනාකරු සහ ඇමෙරිකන් ජාතිකයා අතර උණුසුම් වාදයක් හට ගත්තේය. අවසානයේදී තදින් කෝප වී සිටි ඇමෙරිකානුවා මෙසේ කීය.

ඇමෙරිකානුවා - හුහ්.. තමුසේ දැනගන්නවා ඔය එලිවේටරය නිර්මාණය කළේත් අපියි. ඒ නිසා ඒකට කියන්නේ එලිවේටර් එක කියලයි.

කළමනාකරු - වෙන්න ඇති.. ඔය ඕන බඩකඩුත්තුවක් හදන්න කාටද බැරි? නමුත් මතක තියාගන්නවා ඉංග්‍රීසි භාෂාව හැදුවේ අපියි. ඒ නිසා ඒකට කියන්නේ ලිෆ්ට් එක කියලයි.

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Share on Facebook

Archives