Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

වජිරයි, ඇම්ඩනුයි හොද යාලුවෝ...........කොහොම හරි වජිර ට කෙල්ලෙක් සෙට් උනාලු......දැන් කෙල්ල Meet වෙන්න යන මුල්ම දවසලු.....
අවුල තියෙන්නේ වජිර ට ෂූටින් පාර දාන්න යන්න ඇදුම් සේරම තියෙනවලු....ඒත් වැඩේ කියන්නේ දාගෙන යන්න හොද සපත්තු දෙකක් නෑලු........වෙලාවේ හැටියට සපත්තු දෙකක් ගන්න තරම් සල්ලිත් නෑලු.......
කොහොම හරි වෙලාවට ඇම්ඩන් ගාව වැඩිපුර සපත්තු දෙකක් තිබිලා ඒක දුන්නාලු වජිර ට දාගෙන යන්න කියලා..........


ඔන්න දැන් වජිර කෙල්ල Meet වෙන්න යන දවසත් ආවාලු..........තනියම යන්නත් මොකද්ද වගේ නිසා කෝකටත් කියලා වජිර ඇම්ඩන් වත් ගමනට සෙට් කර ගත්තාලු.....
ඔන්න දැන් වජිර ජැන්ඩි පහට ඇදගෙන ඇම්ඩන් එක්ක යනවාලු.........
ටිකක් දුර යනකොට උඩහ ගෙදර සුරා එනවාලු ඉස්සරහට.......



| සුරා : ' අම්මා ගහයි.......කොහෙද මේ තරු පහට ඇදගෙන යන්නේ.......'

| වජිර : ' මම මේ පොඩි ගමනක් යනවා මචන්..........'

| සුරා : ' ඒක නෙවෙයි පට්ට ඇදුම් ටික හැබැයි...........'

වජිරත් ඉතින් සුරා ට පොඩි Ad එකක් දාන්න කියලා හිතාගෙන…………….

| වජිර : ' ආහ් ඔව් මචන් දන්නේ නැද්ද ඉතින්......ODEL එකෙන් ගිය සතියේ ගත්තේ T එකයි Denim එකයි.....'
කියලා කට ගන්න ලැබුනේ නෑලු.........

| ඇම්ඩන් : ' හැබැයි මචන් මූ මේ දාගෙන ඉන්න සපත්තු දෙක නම් මගේ....' කියලා පැනපු ගමන් කිවුවාලු

වජිර ට දැන් පට්ට නෝන්ඩිය ලු සුරා ඉස්සරහා............
සුරා යනකල් ඉදලා........

| වජිර : ' ඇයි යකෝ උබ එහෙම කිවුවේ..........සපත්තු දෙක උබේ කියලා කියපු එකෙන් මම නේ බං නිකන් නෝන්ඩි උනේ සුරා ඉස්සරහා.......' කියලා ඇම්ඩන් ට කිවුවාලු

ඇම්ඩන් ටත් ඉතින් මාර දුකයි ලු වෙච්ච දේට.........ඇයි ඉතින් මොනවා උනත් වජිර යාලුවා නේ...........ඇම්ඩන් ඉතින් වෙච්ච වැරැද්දට වජිර ගෙන් සමාව එහෙම අරගෙන ආයෙත් එහෙම කරන්නේ නෑ කියලා හිතාගෙන දැන් දෙන්නා එක්ක ආයෙත් ගමන යනවාලු.............

ටික දුරක් යනකොට ඒ පැත්තේ මැරයෙක් එනවාලු ඉස්සරහාට.........
කලින් උන case එක මතක නිසා වජිර ට ඇම්ඩා ව ෂුවර් නෑලු.....ඇයි ඉතින් මැරයාට උනත් 2nd වෙන්න බෑනේ.......ඒත් කමක් නෑ ඇම්ඩන් අවුලක් වෙන්නේ නෑ කියලා පොරොන්දු උන නිසා වජිර ත් ලොක්කා වගේ යනවාලු ඉස්සරහාට..........

| මැරයා : ' ආ වජිර ලොක්කා Party එකක් වගේ......?? Sun-glasses දාලා, රත්තරන් මාල එහෙම දාලා පදිරි ඈ............'

| වජිර : ' ආහ් ඔව් අයියේ........Hilarious ජුවලරි එකෙන් ගත්තේ.....තනිකර White Gold...........' කියලා කියද්දිම

| ඇම්ඩන් : ' හැබැයි අයියේ මෙයා මේ දාගෙන ඉන්න සපත්තු දෙක නම් මගේ නෙවෙයි........ඔව් මේ ඇත්තමයි මගේ නම් නෙවෙයි.......' කිවුවාලු

වජිර ට දැන් ඇම්ඩන් ව මරාගෙන කන්න තරම් මළලු.............
මැරයා ගියාට පස්සේ..........

| වජිර : ' මොකද්ද යකෝ තෝ මේ කරන්නේ........මොන කෙහෙල් මලටද යකෝ තෝ හැමවෙලාවෙම සපත්තු දෙකක් ඇදලා ගන්නේ........?? ' ඇහුවාලු

| ඇම්ඩන් : ' ඉතින් යකෝ මම කිවුවේ සපත්තු දෙක මගේ නෙවෙයි කියලානේ........'

| වජිර : ' ඉතින් ගොන් හරකෝ එහෙම කිවුවාම ඕන බූරුවෙක්ට තේරෙනවානේ මේක උබේ කියලා..........'

ඔන්න ඉතින් දෙවෙනි පාරටත් බැනුම් අහලා දෙන්නා ආයෙත් යනවාලු........
අම්මා ගහයි මේ පාර එනවාලු ඉස්සරහට ඒ පැත්තේ හිටපු පට්ටම ලස්සන (ද ? ) කෙල්ලෝ දෙන්නා නිකී සහ බබී..........
වජිර ට දැන් දාඩියත් දාලාලු........ඇයි ඉතින් මුන් දෙන්නා ඉස්සරහා නෝන්ඩි උනොත් ඉදලත් ඉවරයිනේ.............
කොහොම හරි කෙල්ලෝ දෙන්නා ලංවෙද්දිම වජිර ඇම්ඩන් ගේ කනට ලංකරලා කිවුවාලු
' මේ පාරවත් කට වහගෙන හිටු....' කියලා

| නිකී : ' හානේ වජිර අයියා නිකන් නළුවෙක් වගේ.........ලස්සන Watch එකක් එහෙම දලා.....හරිම හැඩයි ආහ්.........' කිවුවාලු

| වජිර : ' ආහ් ඔව් නංගි මේක මේ Swiss Watch එකක් අපේ අයියා කෙනෙක් Italy ඉදලා එව්වේ......' කිවුවාලු

එතකොට.......

| බබී : ' ඒ විතරක්ද බලන්නකෝ මෙයාගේ ලග තියෙන සුවද……… මොකද්ද දන්නේ නෑ Perfume එක...... නේද ඇම්ඩන් අයියා.......' කියලා ඇම්ඩන් ගෙන් ඇහුවාලු

අරූ ඉතින් ගත් කටටම........

| ඇම්ඩන් : ' නංගි මේ.........මගුල් Perfume එකක් ගැන නම් මම දන්නේ නෑ......හැබැයි මූ දාගෙන ඉන්න සපත්තු දෙක ගැන මගෙන් ඇහුවොත් නම් මම උබේ අම්මට ^%$^%^^ ..........' කියලා කිවුවාලු

-----------------------------------------------
උපුටා ගැනීමකි
Share on Facebook

Archives