Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

කාන්තාරයේ අතරමං වී සිටි ඔවුන් දෙදෙනා කුඩා කල සිටම හොඳම මිතුරන් විය. නමුත් එක් වරම එක් මිතුරෙකු අනෙකාට මුහුණට වැරෙන් පහරක් ගැසුවේ ඔවුන් දෙදෙනා ඒ පැමිණි විනෝද ගමන සැලසුම් කරේ ඔහු බැවිනි. පහර කෑ මිතුරාට රිඳුනද ඔහු කරන ලද්දේ වැලි කතරේ වාඩිවී තම ඇඟිල්ලෙන් ''අද මගේ හොඳම මිතුරා මට පහරක් ගැහුවා'' ලෙස වැලි මත ලිවීම පමණි.

කෙසේ නමුත් දෙදෙනාම තම ගමන අත් නොහැර දිගින් දිගටම එක් දිශාවකට ඇවිද ගියේ ක්‍ෂේම භූමියකට ලං වීමේ අරමුණ ඇතිවය. ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටුවිය, අවසානයේ ඔවුන් දෙදෙනා හට ක්‍ෂේම භූමියක් දැකගත හැකිවිය. සතුටින් උදම් වූ දෙදෙනා වහා වතුරට පැන දිය නෑමට පටන් ගත්හ. සිදුවූයේ නොසිතූ දෙයකි, පහර කෑ මිතුරා ජලයේ ගිලෙන්නට විය. වහා ඔහු වෙත පීනා ගිය අනෙකා තම මිතුරා රැගෙන ජලයෙන් ගොඩට පැමිණියේය. මද වෙලාවක් ගිමන් හරිමින් සිටි ගිලෙන්නට ගිය මිතුරා ගල් කැබැල්ලක් ගෙන ඒ අසල වූ ගල් තලාවේ මෙසේ සටහන් කරන ලදී. ''අද මගේ හොඳම මිතුරා මගේ ජීවිතය බේරුවා''

මේ දෙස බලා සිටි අනෙකා ඔහුගෙන් මෙසේ විමසීය...

''මම කලින් ඔයාට ගැහුව වෙලාවේ ඔයා ඒක ගැන ලිව්වේ වැලි වල , ඒත් ඇයි දැන් ඔයා මෙතනදී ගල් තලාවේ ලිව්වේ???''

එවිට අනෙකා මෙසේ පිළිතුරු දුනි...

''කෙනෙක් අපිව රිදෙව්වම අපි ඒක ගැන හදවතේ සටහන් කරන්න ඕනේ සමාව කියන සුලඟට ඒ රිදවීම හදවතින් මකලා දමන්න පුළුවන් විධියට. ඒත් අපිට කෙනෙක් හොඳ දෙයක් කරාම අපි ඒ ගැන ජීවිතේ පුරාවටම හදවතේ රැඳෙන පරිදි සටහන් කරන්න ඕන, කිසිම දේකින් එය මැකී නොයන විධියට.''

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

''LEARN TO WRITE YOUR HURTS IN THE SAND, AND TO CARVE YOUR BENEFITS IN STONE''
හොදයිනම් Like කරන්න
මේ හැමදෙයක්ම බලන්න එන්න හැමදාම හැමදෙයක්ම.com එකට
Share on Facebook

Archives