එක් මහළු මිනිසෙකුට පුතුන් තිදෙනෙක් හිටියා. මේ පුතුන් තිදෙනා හරිම ආඩම්බරයි. පියා කියන කිසිම දෙයක් අහන්නේ නැ. ඒ විතරක් නෙමෙයි එකිනෙකා සමඟ දවස පුරාම සණ්ඩු කර ගන්නවා. මහලු මිනිසා මේ ගැන හිටියේ හරිම වේදනාවෙන්.
කෙදිනක හෝ තමන් මිය ගිය පසු පුතුන් තිදෙනා අසම්ඟි වී තම තමන්ගේ දේපල විනාශ කර ගනීවියැයි පියාට බය හිතුනා.
ඔහු දිනක් තම පුතුන් තිදෙනා කැඳවා එක සමාන කෝටු මිටි තුනක් රැගෙන එන්නැයි ඔවුන්ට කිව්වා. පුතුන් තිදෙනාත් කෝටු මිටිය බැගින් අරගෙන පියා සමීපයට ගියා. ඉන් පසුව මහලු පියා ඒ කෝටු මිටියෙන් එක් එක් කෝටුව පුතුන් තිදෙනාටම බෙදා දී, එය කඩන්නැයි අණ කලා. පුතුන් තිදෙනාත් කිසිම වෙහෙසක් නැතිව තම තමන්ට ලැබුණ කෝටුව කැබලි වලට කඩා දැම්මා.
"දැන් මේ කෝටු මිටිය කඩන්නැයි" පියා පුතුන්ට කිව්වා.
කෝටු මිටිය අතට ගත් වැඩිමහල් පුතා එය කඩා දමන්නට උත්සහා කොට නොහැකි වූ තැන එය දෙවෙනියාට භාර කලා. දෙවෙනියාද කෝටු මිටිය කඩා දමන්නට උත්සහා කොට නොහැකි වූ තැන බාලයාට දුන්නා. එයාටත් කෝටු මිටිය කඩන්න බැරි වුණා.
මේ විදියට තිදෙනාටම කෝටු මිටිය කඩන්නට නොහැකි වුනා. පුතුන් තිදෙනා පියා දෙස කල්පනාවෙන් බලා සිටියා.
"තනි කෝටුවක් කඩා දමන්න ඔය තුන් දෙනාටම පුළුවන් වුණා, ඒත් කෝටු මිටියක් කඩා දමන්න බැරි වුණා. ඒක තමයි සමඟියේ සවිය කියන්නේ. පුතාලා තුන් දෙනාම වෙන් වෙන්ව හිටියොත් ඕනෑම කෙනෙකුට ඔය තුන්දෙනාව විනාශ කරන්න පුළුවන් ඒත් තුන් දෙනා ඔය කෝටු මිටිය වාගේම එකමුතුව හිටියොත් ඔය තුන් දෙනා විනාශ කරන්න කාටවත් බැහැ. ඒ හන්දා කවදාවත් තුන්දෙනා එකිනෙකා සමඟ අමනාප වෙන්න එපා"
මේ කාථාව වැදගත්වෙයි කියලා හිතනවානන් මිතුරන් අතරේ share කරන්න...
හොදයිනම් Like කරන්න
මේ හැමදෙයක්ම බලන්න එන්න හැමදාම හැමදෙයක්ම.com එකට