Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages



Microsoft Office 2013 දැනට නිකුත් උන අළුත්ම Office Version එක තමයි මේ.. මේ ටොරන්ට් file එක uTorrent මඟින් run කරන්න.. එතකොට 32 bit (624 MB) සහ 64 bit (703 MB) කියල folder දෙකකුයි keys (179 KB) කියල Text file එකකුයි ඇති..

මේකෙන් ඔයාගෙ පරිගණකයට ගැළපෙන bit version එක සහිත folder එකයි, keys file එකයි TIC කරල download කරගන්න.
සාමාන්‍ය විදියට install කරල Keys.txt file එකේ තියෙන serial key භාවිතා කරල register කරගන්න.




105 KB




Torrent එකේ දීල තියෙන keys වලින් Office 2013 active කරන්න බැරි උනොත් මේ පහත තියෙන crack එක install කරගන්න..



1 MB





මෙන්න මේ software ටික තමයි office 2013 collection එකේ තියෙන්නෙ...
Microsoft Office 2013 Professional Plus
Microsoft Access
Microsoft Excel
Microsoft InfoPath
Microsoft Lync
Microsoft OneNote
Microsoft Outlook
Microsoft PowerPoint
Microsoft Publisher
Microsoft SkyDrive Pro
Microsoft Visio Viewer
Microsoft Word
Office Shared Features
Office Tools
Microsoft Office 2013 Standard
Microsoft Excel
Microsoft OneNote
Microsoft Outlook
Microsoft PowerPoint
Microsoft Publisher
Microsoft SkyDrive Pro
Microsoft Word
Microsoft Visio Professional 2013
Microsoft Visio Standard 2013
Microsoft Proect Professional 2013
Microsoft Proect Standard 2013
Microsoft SharePoint Designer 2013
Microsoft Access 2013
Microsoft Excel 2013
Microsoft InfoPath 2013
Microsoft Lync 2013
Microsoft OneNote 2013
Microsoft Outlook 2013
Microsoft PowerPoint 2013
Microsoft Publisher 2013
Microsoft Word 2013
Share on Facebook
Read More »

1. කුකුළා - ඔවුන් සිතනුයේ සෑම උදෑසනකම මූණුපොතේ Good Morning කීම ඔවුන් ගේ රාජකාරිය බවයි.


2. උකුස්සා - සෑම post 1ක්ම කියවන නමුත් කිසිවිට comment / like නොකරයි.


3. උගුඩුවා - LOL / LMAO හැර කිසිවක් comment නොකරයි.


4. හොර පූසා - 4000+ මිතුරන් කෙලෙස ඇති වුනාදැයි ඔවුන්වත් නොදනී.


5. පොර කුකුළා - ඔවුන් මූණුපොත ක්‍රීඩා පිටියක් ලෙස ක්‍රීඩා කිරීම සඳහා පමණක් යොදා ගනී.


6. බකමූණා - ඔවුන් ජීවිතය කළකිරී, ආදරයෙන් පරාජිත වී ඇති බව මුළු ලොවටම හඬ ගා කියයි.


7. සැළලිහිණියා - මොවුන් ගේ රාජකාරිය events promote කිරීම පමණයි.


8. කොට්ටෝරුවා - දකින දකින post එකට like කරයි.


9. මොණරා - විවිධාකාර ඇඳුම් වලින් සැරසී දිනකට කිහිප වතාවක් තම ඡායාරූප පළ කරයි.


10. සුදු රෙදි හොරා - අනුන්ගේ status / photos සොරා ගනී.


ඔබ මින් කුමන සත්ත්ව විශේෂයට හෝ සත්ත්ව විශේෂයන්ට අයත් වේද?

Share on Facebook

souse ලොවෙත් නෑ
Read More »



ලංකාවට ජංගම දුරකථනය මුලින්ම හදුන්වලා දුන්නේ 1989 සෙල්ටෙල් නෑමෑති ආයතනයක් විසින්. ඒ කාලේ GSM (Global System for Mobile Communication) තාක්ෂණය තිබුනේ නෑහෑ. තිබුනෙ, DTMF (Dual Tone Multi Frequency) තාක්ෂණය විතරයි. මේ ක්‍රමය දෑන් හඳුවන්නෙ ෆර්ස්ට් ජෙනරේෂන් මොබයිල් නෙට්වර්ක් විදිහට. ඒ දවස්වල මුලින්ම ආපු ජංගම දුරකථනය ඉතා විශාල ප්‍රමාණයේ එකක් උනා. ඒක ලංකාවේ ජනප්‍රියඋනේ ගඩොල් බාගේ කියලා, එකේ සයිස් එක නිසා. ඈත්තටම ඒක ලොකු ඉංජිනේරු ගඩොලකින් භාගයක් විතර ඈති. මට මතක විදිහට ඒ දවස්වල ජංගම දුරකථනයක් රුපියල් ලක්ෂයකට අධිකයි. ඒ නිසා, ඒ දවස්වල ජංගම දුරකථනයක් සාමාන්ය කෙනෙක්ට මිලදීගෑනීමේ හෑකියාවක් තිබුනේ නෑහෑ.

මගේ මතකය හරිනම්, දෙවෑනියට පෑමිණි ජංගම දුරකතන ආයතන සාමාජිකයා උනේ කෝල් ලින්ක් කියන සමාගම. ඒක පටන්ගත්තෙ අනූව දශකයේ මුල් භාගයේ. හරියට දන්න කෙනක් ඉන්නවනම් කියන්න. අද ඒක පවතින්නෙ හච් කියලා. ඊට පෙර පෑවතියේ, හචිසන් ටෙලිකොම් ලන්කා විදිහට. මේකත් පටන්ගත්තෙ, DTMF තාක්ෂණයෙන්. මේ වකවානුව වෙද්දි, දුරකතනයේ ප්‍රමාණය තරමක් කුඩාවෙලා තිබුණ. උසින් ද මහතින් ද අඩුවී, මිලෙහිද විශාල අඩුවීමක් තිබුණ. මේ කාලය වනවිට ලන්කාවේ ජනප්‍රිය නිෂ්පාදනය උනේ Motorola කියන වර්ගය.

මේ දවස්වල ෆෝන් වල ඉන්කමින් හා අවුට්ගොයින් කියන දෙකටම චාර්ජ් වෙනවා. ඒවත් සුලුපටු ගනන්වලින් නෙමෙයි. විනාඩියට රුපියල් 14.00 ක් වගේ. ඉන්කමින් හා අවුට්ගොයින් කියලා කිසිම වෙනසක් තිබුනෙ නෑහෑ.


මේ අතරෙදි 1993 දි Mobitel නමින් තුන්වන ජංගම දුරකතන සේවා සපයන්නෙක් එනවා. ඒත් ඔවුනුත් භාවිතාකලේ එවකට පෑව්ති DTMF තාක්ෂණය. ඔවුන්ටත් කිසියම් ග්‍රාහක පිරිසක් හිටියත් වෑඩි ජනප්‍රියත්වයක් ගන්න හෑකියාවක් තිබුනෙ නෑහෑ.

ඔය අතරෙ තමයි, 1998 දි ලංකාවෙ පළවෙනි GSM මොබයිල් නෙට්වර්ක් එක, Dialog GSM කියලා පටන් ගත්තෙ. මේක, අනිත් රටවල වගේම උණු කෑවුම් වගේ ලංකාවෙ ජනප්‍රිය උනා. ඒකට ප්‍රධාන හේතු දෙකක් තිබුණ.

එකක් තමයි, මේ අලුත් තාක්ෂණයත් එක්ක තමයි, කෙටි පණිවුඩ සේවාව පටන් ගත්තෙ. දෙවෑන්න තමයි, සම්බන්ධතාවය තිබුනෙ, ජංගම දුරකතනයේ නෙමෙයි, වෙනම කුඩා චිපයක. මේ චිපය තමයි SIM (Subscriber Identity Module) එක කියලා කියන්නෙ. ඒ කාලයේ තිබුණ ප්‍රධාන මෙන්ම, එකම වාසිය උනෙත් ඔය දෙක විතරක් උනාට කාලයත් එක්ක, Value Added Services කියන ඒවා වෑඩි උනේ මේ ක්‍රමයත් එක්ක.http://x.co/mobiles

මුල කාලයේ පෑමිණි දුරකථන වලට මේ සිම් කාඩ්පත විශාල ATM කාඩ්පතක ප්‍රමාණයම ඈතුල්කරන ක්‍රමයක් තිබුනෙ. සාමාන්යයෙන් බෑටරිය යට. කාලයත් සමගම සිම්පතේ චිපය සමඟ පොඩි කොටසක් කපා ඈතුල් කල හෑකි දුරකතන වෙළඳපලට ආවා. මීට සමගාමීව දුරකතනයේ ප්‍රමාණයද විශාල ලෙස අඩුවීමක් උනා.

'99 වනවිට මේ දුරකතන සමාගම් අතර සටන ඈරඹුනා. විවිධ පෑකේජයන් විවිධ පුද්ගලයින් කේන්ද්‍රකරගනිමින් නිකුත් කරන්න පටන් ගත්ත. එකිනෙකාට නොදෙවෙනි වෙන ලෙසට එකකට එකක් අනුරූපී පෑකේජයන් එන්න ගත්තා, ග්‍රාහක ගහනය හෑකිතාක් තමන්ගේ පෑත්තට ගන්න.

මේ කාලය වනවිට විවිධ වර්ගයේ ජංගම දුරකථන වෙළඳපොලේ තිබුනා. ඒ අතර Motorola, Ericsson, Alcatel යන වෙළඳ නාම තමයි ජනප්‍රියවෙලා තිබුනේ. Nokia දුරකතන එතරම් ජනප්‍රියත්වයක් තිබුනෙ නෑහෑ.

Dialog GSM එකේ ජනප්‍රියත්වයත් එක්ක, අනෙක් DTMF දුරකථන සෑපයුම් කරුවන්ට තරඟ කිරීමේ හෑකියාවක් තිබුනේ නෑහෑ. ඔවුන්ට තිබුණ එකම විකල්පය වුනේ, ඔවුන්ගේ සේවා සෑපයිමත් GSM ක්‍රමයට හෑරවීම පමණයි.

සෙල්ටෙල් සමාගම '99 හෝ 2000 දි තමන්ගේ GSM සන්නිවේදන කටයුතු Celtell Infinity ලෙස දියත් කලා. මේ සමඟම විශේෂ පෑකේජයන් හඳුන්වාදුන්න.

මේ පාරේ යමින් මොබිටෙල් සමාගම 2004 වසරේ අග භාගයේදී තමන්ගේ GSM නෙට්වර්ක් එක අත්හදා බෑලුවේ රටේ දුරකතන සේවාවේ මහත් ආන්දෝලනයක් ඈතිකරමින්. ඒ කල් වේලා ඈතිව GSM සිම්පත් අයදුම් කල අයට, නොමිලේ ඈමතුම් ගෑනීමට හෑකියාව ලබා ලබාදෙමින්. ඒ ඔවුන්ගේ GSM ජාලය අත්හදාබෑලීමේ කාලය පුරාවට. ඈත්තටම මේක Mobitel එකේ ප්‍රවර්ධන ක්‍රමෝපායක්. මේකේ බෑරෑරුම්බව අනෙක් ක්‍රියාකරුවන් දෑනගෙන හිටියා. මේක කෙතරම් ආන්දෝලනාත්මක උනාද කියතොත්, අනෙක් ජංගම දුරකථන ක්‍රියාකරුවන් මේකට විරුද්ධව උසාවි පවා ගියා. ඒත් මේවනකොට Mobitel ආයතනය ශ්‍රි ලංකා ටෙලිකොම් එකේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වෙලා තිබුන නිසා, ඔවුන්ට නොසෑලී සිටීමේ හෑකියාව තිබුන.

මේත් එක්කම ලංකාවෙ අඩුම ග්‍රාහකයින් පිරිසක් සිටි, Hutchison Telecommunications එක Hutch නමින් තමන්ගේත් GSM ජාලය ආරම්භ කරා. ඒ 2004 වසරදි. ලංකාවෙ දෙවෑනි ජන්ගම දුරකතන ජාලය වූ Call-Link සමාගම තමයි, පසුකලකදී Hutchison Telecommunications නමින් මෙහෙයුම් කර , 2004 දි Hutch වෙන්නෙ.
ඒවගේම Celltel>Tigo>Etisalat විදියටත් වෙනස් උනා
මේ අතර පස්වෑනි GSM ජංගම දුරකථන ක්‍රියාකරුවෙකු 2009 දි එනවා. ඒ භාරති එයාර්ටෙල් ආයතනය. තමන්ගේ මෙහෙයුම් වර්ෂ 2009 ජනවාරි පස්වෑනිදා අරඹනව, ඒ Airtel නමින්.

විවිධ පෑකේජයන්ගෙන් හෙම්බත් වී සිටි ලාංකිකයෝ මේ සමාගම ගෑන අධිතක්සේරුවක ඉන්නව. ඉතා අඩු මාසික වරිකයකට අවුට්ගොයින් ෆ්‍රී පෑකේජයන් දෙනවයි කියලා රට පුරා කටකතා යනවා. මොවුන්ගේ සිම් නිකුත්කරන දවස් වල අව්ව වෑස්ස නොතකා, දිග පෝලිම් වල ඉන්නවා. ඒත් අන්තිමේදි වුන සෙතක් නෑහෑ. හෑමෝම බනින්න පටන් ගන්නවා, නිකුත්කර පෑකේජයන් හා දීමනා දෑකපුවහම.

Airtel එකත් ලාභ ලෑබීමේ පරම චේතනාවෙන්, ලංකාවේ විදේශ විනිමය ඉන්දියාවට ඈදගෑනිමේ ක්‍රමයක් ලෙස පටන්ගත් තවත් එක් ජංගම දුරකථන ක්‍රියාකරුවෙක් උනා.

හොදයිනම් Like කරන්න
තවත් ට්‍රික්ස් මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

පොඩි කාලේ
නොතේරුන හන්දා
නිකන් හිටියා....

O/L කරනකොට
අම්මා කිව්වා...
උඹ
‍කෙල්ලෙක් එක්ක
යාළු වෙනවා එහෙම නෙවේ කියලා........
ඒක අහලා O/L කොරගත්තා.....

A/L කරද්දි
තාත්තා කිව්වා...
උඹ
කෙල්ලෝ එක්ක පලහිලව් තියාන
විභාගේ ඇණගන්නවා ඒහෙම නෙවේ කියලා‍‍....
ඒක අහලා A/L ගොඩදාගත්තා.....

ඊට පස්සේ
අයියා කිව්වා.....
උඹ
රස්සාවක් නැතිව මේ ගෙදරට
කෙල්ලෙක් ගේනවා එහෙම නෙවේ කියලා.....
ඒක අහලා රස්සාවකුත් හොයාගත්තා‍‍‍.....

මෙන්න දැන්
අක්කා කියනවා.....
උඹට
දැන් කෙල්ලෙක් එහෙම හිටියට කමක් නෑ කියලා....

හ්ම්......දැන් හොයපන්කෝ කෙල්ලෙක් .....

කෝ යකෝ කෙල්ලෝ........????

අහපුවහම ඔක්කොම....

"яєѕєяνє∂"

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page

අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »


එක්තරා තරුණ උගත් පුද්ගලයෙක් උසස් අධ්‍යාපනය නිමා වෙලා සමාගමක කළමනාකරණ තනතුරට ඉල්ලුම් කලා. පළමු පරීක්ෂණයෙන් සමත් වුනු ඔහු අවසන් පරීක්ෂණයට මුහුණ දෙමින් සිටියා. ඔහුගේ ලිපිගොනු පෙරලා බැලූ අධ්‍යක්ෂකවරයාට ඔහු තනතුරට ඉතාම සුදුසු බව තේරුනා. සියළුම විභාග ඔහු ඉතා ඉහලින් සමත් වී තිබුනා.

"ඔබට විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලැබුනද???" අධ්‍යක්ෂක ඇහුවා. "නැහැ"තරුණයා කිව්වා. "එහෙනම් ඔබට ඔබගේ පියාද වියදම් කලේ??? " "මගේ පියා නැහැ. මට අවුරුද්දක් වෙද්දි තාත්තා නැති වුනා. අම්මා තමා මගේ අධ්‍යාපනයට වියදම් කරන්නේ." තරුණයා කිව්වා. "ඔබේ අම්මා කොහෙද වැඩ කරන්නේ??" "අම්මා කරන්නේ රෙදි හෝදන එක." තරුණයා පිලිතුරු දුන්නා. "මට ඔබගේ දෑත පෙන්වන්න"

දෑත බලපු අධ්‍යක්ෂකවරයා දුටුවේ බොහොම සුමුදු අත් දෙකක්. "මට එක ඉල්ලීමක් කරන්න තිබෙනවා. ඔබ අද ගෙදර ගිහින් ඔබගේ අම්මගේ දෑත හෝදන්න ඕන. හෙට ඇවිත් ඔබ දුටුව දේ මට කියන්න. එය තමා ඔබේ අවසාන පරීක්ෂණය" අධ්‍යක්ෂකවරයා කිව්වා.

තමාට රැකියාව ලබන්න තිබෙන ඉඩ කඩ වැඩි බව දුටු තරුණයා සතුටින් ගෙදර ගිහින් අම්මට ඒ ගැන කිව්වා. පසුව තමන්ගෙ අවසාන පරීක්ෂණය ගැනත් කිව්වා. පුදුමයට පත් වුනත් අම්මා තමන්ගෙ අත් දෙක හෝදන්න පුතාට ඉඩ දුන්නා. දෑත හෝදන්න ගත්ත තරුණයගේ දෑස් තෙත් වුනා. අම්මාගේ දෑත එතරම් රළු බව ඔහුට දැනුනේ පලමු වරටයි. ඒ වගේම කැපුම් තුවාල ගොඩක් තිබුනා. ඇතැම් ඒවා වතුර ගෑවෙද්දි ඉතා වේදනාකාරී බව ඔහුට තේරුනා.

ඔහුට පළමු වරට තේරුනා ඔහු ඉගෙන ගන්න ඔහුට වඩා අම්මා වුනු මහන්සිය. ඇයගේ අතේ තිබුන තුවාල තමා තමාට ඉගැන්නුවෙ කියන එක ඔහුට තේරුනා. ඔහු එතනින් ඉවත් වුනේ ගොඩ ගැහිලා තිබුනු ඉතිරි රෙදි ටිකත් හෝදලා දීලයි. පහුවදා ඔහු නැවත ගියහම අධ්‍යක්ෂකවරයා සිදුවූ දේ ගැන ඇහුවා. තමන් අම්මගේ දෑත සේදීමෙන් පසු ඉතිරි රෙදි තොගයත් සේදූ බව තරුණයා කිව්වා. "බොහොම ස්තුතියි. මම මෙච්චර කල් නුදුටුව දේ මට පෙන්වල දුන්නට"

"අපේ සමාගමට සතුටින් පිලිගන්නවා." අධ්‍යක්ෂවරයා තමන් කලින් පිළියෙල කොට සූදානම් කර තිබූ පත්වීමේ ලිපිය දෙන ගමන් කිව්වා.

I love my mother as the trees love water and sunshine, she helps me grow, prosper, and reach great heights.

මෙවැනි තවත් කතා මෙතනින්

Share on Facebook
Read More »

ඔබ පමණක් නොව තවත් බොහෝ දෙනෙකු මුහුණ දෙන අසීරුතාවයකි තම Facebook පිටුවට likes ලබා ගැනීම.
Click 4 Fans අන්තර්ජාල සේවාව බිහි වූයේ එයට විසඳුමක් වශයෙනි.
මෙම සේවාව භාවිතා කරමින් ඔබගේ Facebook likes ගණන පමණක් නොව YouTube likes, Youtube views සහ Twitter Followers ගණනද වැඩි කරගත හැකිය.
ඊට අමතරව ඔබ වෙබ් අඩවි නිර්මාණකරුවෙක් නම් ඔබගේ වෙබ් අඩවි නරඹන්නන් ගණන වැඩි කරගැනීම සඳහාද මෙම සේවාව භාවිතා කළ හැකිය. 
වෙබ් අඩවි වල දැන්වීම් images ආකාරයෙන් පලකිරීම සඳහාද විශේෂ පහසුකමක් සපයා ඇත.
මෙම සියලු සේවාවන් ඔබ වෙත ලබා දෙන්නේ කිසිඳු අය කිරීමකින් තොරව බව විශේෂයෙන් පැවසිය යුතුය.
මෙම සේවාවන් ලබා ගැනීම සඳහා ඔබට අවශ්ය එකම දෙය වන්නේ කාසි එනම් points ය.
clickforfans වෙබ් අඩවියෙහි ලියාපදිංචි වීමේදී ඔබට කාසි 50ක් හිමි වේ.
clickforfans වෙබ් අඩවියෙහි පෙන්වන වෙනත් අයගේ පිටු like කිරීමෙන් හා වෙබ් අඩවි නැරඹීමෙන් ඔබට තවත් කාසි ලබා ගැනීමට පුළුවන.
ඒ ආකාරයටම ඔබගේ පිටු හා වෙබ් අඩවි අනෙක් clickforfans භාවිතා කරන්නන් හට දිස් වන අතර ඒවා ක්ලික් කිරීමෙන් ඔවුන්ද කාසි ලබා ගනී.
ඔබගේ පිටු හා වෙබ් අඩවි අනෙක් clickforfans භාවිතා කරන්නන්ට දිස් වන්නේ ඔබ සතුව කාසි තිබේ නම් පමණි. එම නිසා ඔබේ පිටු වලට likes ලබා ගැනීම සඳහා අනෙක් අයගේ පිටු like කිරීමට ඔබට සිදුවේ.
මීට අමතරව clickforfans අඩවිය වෙත දිනපතා පැමිණීමෙන් කාසි 15ක දෛනික දීමනාවක් ඔබට හිමි වේ.
ඔබේ පිටුවකට කෙනෙකු like කළ විට එම තැනැත්තාට යම්කිසි කාසි ප්ර මාණයක් ලබා දීමට ඔබට සිදුවේ. ලබා දෙන කාසි ප්ර මාණය ඔබට තීරණය කළ හැකිය.
Clickforfans සේවාව සඳහා ලියාපදිංචි වීමට දැන්ම පිවිසෙන්න www.clickforfans.com වෙත.
මෙය සැබැවින්ම ශ්රීo ලාංකික සේවාවකි. එම නිසා සිංහල භාෂාවෙන්ම නිර්මාණය කර ඇත. තවද ශ්රීව ලංකාවේ දැනට පවතින එකම සහ ප්රාථම Likes හා Web Traffic හුවමාරු වෙබ් අඩවිය මෙම clickforfans වෙබ් අඩවිය බව සඳහන් කළ යුතුය.
ඔබත් දැන්ම ලියාපදිංචි වී ඔබේ කාසි 50 ලබා ගන්න.
www.clickforfans.com


අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

01. හැකි සෑමවිටම ජංගම දුරකථනය ඝට්ටන වලින් ආරක්ෂා කරගන්න.



ජංගම දුරකථන වලට සිදුවන හානි වලින් 85%ක් ම පමණ මෙම ඝට්ටන මගින් සිදුවන ඒවාය.මෙම නිසා පෑස්සුම් බුරුල් වීම, ඩිස්ප්ලේ ආදී සංවේදී උපකරණ වලට හානි සිදුවීම,පාස්සා නොමැති එකට යාවීම මගින් සම්බන්ද වන උපකරණ ස්ථානගත වීම් වෙනස් වීම,ඇතැම් සියුම් පරිපථ කොටස් කැඩී යාම පවා සිදුවිය හැකිය.

Read More »

සිංහල
දිනමිණ - රාජ්‍ය-අයිතිය, දිනපතා
සිළුමිණ - රාජ්‍ය-අයිතිය, සතිපතා
ලංකාදීප - විජය-අයිතිය, දිනපතා
දිවයින - උපාලි-අයිතිය, දිනපතා
ලක්බිම - සුමති පුවත් පත්, දිනපතා
මව්බිම - ද ස්ටෑන්ඩඩ් නිවිස්පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ්, සතිපතා
ඉරුදින - පෞද්ගලික අයිතිය, සතිපතා
ලංකා - ලංකා මල්ටි පබ්ලිෂර් ප්‍රයිවෙට් ලිමිටඩ්.
රිවිර - රිවිර මීඩියා කෝපරේෂන්, සතිපතා
රාවය - පෞද්ගලික අයිතිය, සතිපතා
සියත - පෞද්ගලික අයිතිය, සතිපතා
දෙමළ
තිනකරන් - රාජ්‍ය-අයිතිය, දිනපතා
අල් හසන්ත් - මාසික ඉස්ලාමීය සභරාව
තිනක්කුරල් -පෞද්ගලික අයිතිය, දිනපතා
උදයන් -පෞද්ගලික අයිතිය, දිනපතා
වීරකේශරී - එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස්, දිනපතා
සුදර් ඔලි - පෞද්ගලික අයිතිය, දිනපතා
ඉංග්‍රීසි
ඩේලි නිවුස් - රාජ්‍ය-අයිතිය, දිනපතා
ද සන්ඩේ ඔබ්සවර් - රාජ්‍ය-අයිතිය, සතිපතා
ඩේලි මිරර් - විජය-අයිතිය, දිනපතා
ද සන්ඩේ ටයිම්ස් - විජය-අයිතිය, සතිපතා
දි අයිලන්ඩ් - උපාලි-අයිතිය, දිනපතා
ද සන්ඩේ ලීඩර් පෞද්ගලික අයිතිය, සතිපතා
ද නේෂන්- රිවිර මීඩියා කෝපරේෂන්, සතිපතා
ද මෝනිං ලීඩර් - පෞද්ගලික අයිතිය, සතිපතා
ලක්බිම නිවුස් - සුමති නිවුස් පේපර්ස්, සතිපතා
ද බොටම් ලයින් - රිවිර මීඩියා කෝපරේෂන්, සතිමැද සතිපතා
ද කලම්බු පෝස්ට් - අඟහරුවාදා පමණයි
ලංකා බිස්නස් ඔන්ලයින්-ව්‍යාපාරික පුවත් - දිනපතා
ශ්‍රී ලංකාව පිළිබඳ වි‍‍දේශීය ප්‍රකාශන
දි ඉක‍නමිස්ට් ශ්‍රී ලංකා පිටුව -ශ්‍රී ලංකාව පිළිබඳ ආර්ථීක විද්‍යා පුවත් - දිනපතා

මේ පිටුව Book mark එකක් දාගත්තොත් ඔයාලට ගොඩක් වැදගත්වේවි

Read More »


ඔන්න මේ කතාවත් අපේ සුරංගය ඉස්කෝලේ යන කාලේ මැන්ට සිද්ද වෙච්ච එකක් හො‍දේ.

එක වසර ගුරුතුමා පන්තියේ මුරන්ඩු ළමයෙක් වු සුරංග අමතා මෙසේ ඇසිය.
ගුරුතුමා - සුරංග මම ඊයේ කිව්වා නේද දහයට ගණින්න ඉගෙන ගෙන එන්න කියලා දැන් ඔයාට පුලුවන්ද

සුරංග - ඔව් සර්

ගුරුතුමා - කවුද ඔයාට කියලා දුන්නේ

සුරංග - අපේ තාත්තා

ගුරුතුමා - ආ එහෙනම් කියන්න හතරට කලින් එන ඉලක්කම මොකක්ද

සුරංග - තුන

ගුරුතුමා - බොහොම හොදයි එහෙනම් කියන්න දහයට කලින් එන ඉලක්කම

සුරංග - නමය

ගුරුතුමා - බොහොම හොදයිනේ එහෙනම් කියන්න බලන්න දෙකට කලින් මොකක්ද


සුරංග - ආසියා කොළේ

Like එකකුත් දාන්න හොදේ

තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »


දන්න එවුන් කටවහගෙන ඉදපල්ලා. අනිත් උන් පාඩුවේ අහගනිල්ලා. ඔන්න එක පොරක් ඒ කිව්වේ හොද මහතා දෙහෙත පොරක් ගියාලු ටිකක් ඈත මළගෙදරක. ගියේ බයිසිකලයේ. මොකද ඉතිං කොයි විදියේ ගමනක් උනත් පොරට ඉතිං බයිසිකලයේ පිහිට හැර වෙන පිහිටක් නෑලු. ඉතිං මිනිය එහෙම බලලා, කයියක් ගහලා, හොදට විටක් එහෙම හපලා එන්න බලද්දී බයිසිකලේ නෑලු. මොකෙක් හරි අසමජ්ජාති එකෙක් එක හංගලා ඒ ටිකට. මිනිහට මල පැනලා. දැන් ඉන්න තැනත් ගානක් නෑලු. ගත්තලු සරම කරට. 
"අඩෝ......."

"මොකාද යකෝ මගේ බයිසිකලේ ඉස්සුවේ, උඹලා බසියාවත්තේ සීන් එක දන්නේ නැතිව ඔහොම කරලා තියන්නේ."
දැන් කට්ටියම පුල් හොල්මන්. මොකද මේකගේ පෙනුම ගමකට ගහලා තව දහයකට ගහන සයිස්.
"බසියාවත්තේ සීන් එක නිකමට හරි අහලා තියෙන එකෙක් මේ වගේ බැලු වැඩක් කරන් නෑ. හංගපු තැනින් මගේ බයිසිකලය දීපල්ලා"
කට්ටිය බයවෙලා හොදටම.
"එදත් මේ වගේම මල ගෙදරක්, මලේ උඹලා නිකමට හරි බසියවත්තේ සීන් එක දන්නවනම් මේ වගේ දෙයක් කරන් නෑ"
දැන් මල ගෙදර අඩ අඩා හිටපු උන් ටිකත් අඩන එක නවත්තලා බලාගෙන ඉන්නවලු මොකද මේ වෙන්න යන්නේ කියලා,
"එදත් එකෙක් මගේ බයිසිකලේ උස්සලා තිබබා මේ විදියටම, උඹලා දන් නෑ එදා බසියාවත්තේ මොකද උනේ කියලා. එදා වෙච්ච දේ ආපහු වෙන්න විතරක් ඉඩ තියන්න එපා. හොද හිතින් මගේ බයිසිකලේ දීපල්ලා"
කොහොමද බලහල්ලකෝ ගමක් ඉස්සරහා ගේම ඉල්ලද්දී, බයිසිකලේ උස්සපු එකාට දැන් දහදිය දාලා ලු කිලෝ දෙක හමාරක් විතර.
අරකා ආපහු කෑ ගහනවාලු.
"මම මේ අන්තිම වතාවට අහන්නේ මගේ බයිසිකලේ දීපල්ලා, නැත්තම් බසියාවත්තේ සීන් එක ආපහු මෙතන වෙනවා"
දැන් අහගෙන ඉන්න උන්ට මාර අවුලලු මොකක්ද යකෝ මේ බසියාවත්තේ සීන් එක කියලා. දැන් ඉතිං අහගෙන ඉන්න උඹලටත් එහෙම ඇතිනේ. ඉවසලා ඉවසලා තවත් ටිකක් ඉවසලා බැරිම තැන එකෙක් හෙමිට ඇහුවලු,
"අයියා ඇත්තටම මොකක්ද එදා බසියාවත්තේ උනේ?"
මේකා එකා දිහා හොදට බලලා කියනවලු,
"මල්ලි එදත් මළගෙදරක මම මෙහෙම ගියා බසියාවත්තට, එදත් මගේ බයිසිකලය උස්සලා එකෙක්. මම හෙව්වට හම්බුන් නෑ මලයා"
"ඉතිං"
"මල්ලිට කියන්න මල්ලි මම හැතැක්ම 13ක් පයින් ගියා මල්ලි. අනේ බුදු මල්ලි මට අදත් එදා බසියවත්තේ සීන් එක වෙන්න දෙන්න එපා"


උපුටාගැනිමකි

තවත් කතා මෙතනින් අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »


මේ දවස්වල මේ වගේ post හැමතැනම තියෙනවා දකින්න ඇතිනේ. ඒක කවුරුවත් post කරලා share කරපු ඒවා නෙමෙයි ඉබේම Share/ Post වෙනවා
ඒක නවතින්නෙත් නෑ දිගටම share වෙනවා.
ඉතින් මේ විදියට ඒක හැමෝගෙම profile වලට බෝවීගෙන යනවා. බෝවෙන්නේ ඉතින් නිකන් නෙමෙයි දැක්ක ගමන් ඕක Click කරපු අයගේ තමයි


මෙහෙම පොස්ට් ඒකක් තියෙනවා දැක්කම video icon එකත් තියෙන නිසා හිතන්නේ video එකක් කියල. ඉතින් නිකමට play කරලා බලන්න ඒක උඩ click කරනවා. එත් එතන තියෙන්නේ video icon එක තියෙන Image එකක්. ඒක blog එකක් share කරපු post එකක්. ඉතින් ඒ link එක උඩ click කලාම auto spam වෙන script එක run වෙනවා
ඕක තමයි වෙන්නේ ඉතින්,,

මෙහෙමයි අයින් කරන්නේ Use කරන්නේ  firefox නම් මෙතනින් ගිහින් auto add වෙලා තියෙන Addons අයින් කරන්න




Use කරන්නේ  Chrome නම් මෙතනින් ගිහින් auto add වෙලා තියෙන Extensions  romeve  කරන්න


මේ ක්‍රමෙන් හරි ගියේ නැත්නම් ඔයාල යන්න ඔයාලගේ 
App Settings වලට ඊට පස්සේ ඔයා Use කරන්නේ නැති App ඔක්කොම Remove කරලා දාන්න
:-) එතකොට හරි යයී ඒත් හරි ගියේ නැත්නම් Comment එකක් දාන්නකෝ ;-)
අයේ ඉතින් මේ වගේ link දැක්කට click කරන්න යන්න එපා ඒවා spam virus කියල දැන් දන්නවනේ
ඒ වගේම මෙහෙම එක එක website වල තියෙන addon / extension / plug-in / script install කරගන්න එපා. ඒ වගේම chat ඒකෙන් auto එන links click කරන්න යන්නත් එපා. අනවශ්‍ය apps facebook එකට දාගන්නත් එපා. 
Facebook T-Shirts, Simcards, Barnbuddy credits, animals, Airtel Data connections කියන්නෙත් තව මේ වගේ spam කරන තමයි.

අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

මේ ලගදි දවසක මන් යාළුවෙක් එක්ක බස් එකේ යනව. හිටගෙන තමයි ගියෙ. ඔන්න බස් එක ට්‍රැෆික් ලයිට් එකක් ගාව නැවැත්තුව. එතකොට අපි ඉස්සරහින් කවුළුවෙන් පේනවා දම්රෝ ෂෝ රූම් එකක්. 
ටිකක් වෙලා මේක දිහා බලන් හිටපු මගේ යාලුව අර ෂෝ රූම් එක පෙන්නල කියනවා "බලහන් බන්, මුන් තනිකර බොරුවනේ කරන්නේ. බොරුව දාල මිනිස්සුන්ගේ සල්ලි කඩා ගන්නව"
මට මූ මේ කියන්නේ මොකක් ගැනද කියල එකපාරටම මීටර් නෑ. එත් මන් කිව්ව "ඕව ඔහොම තමයි බන්, ඕව ගත්තට පස්සේ ඔය කියන තරම් ආතල් නෑ. අන්තිමට වොරන්ටිත් නෑ" කියල.
එතකොට මගේ මුණ දිහා බලන් ඉදල අරූ කියනව "බොට පිස්සුද හු**, මං කතාකලේ කෙහෙල්මල් වොරන්ටියක් ගැන නෙවෙයි යකෝ!" කියල.
"එහෙනම් මොන වෙඩිමක්ද උබ කතාකරන්නේ???"
එතකොට මූ කියනවා "දැන් බොට පේනවද අර වීදුරුවේ එල්ලල තියන බැනර් එක. එකේ අගල් 14, 21, 29 , 32, 42 වගේ එක එක සයිස් වල ටීවී වල ෆොටෝ දාල තියනව. හැබැයි හැම ටීවී එකේම පෙන්නේ ඩොල්ෆින්ලා දෙන්නයි. අගල් 14 එකෙත් දෙකයි, 42ත් දෙකයි. ඉතින් එකම ඩොල්ෆින්ලා දෙන්න බලන්න අපි මොන හු**ටද තුන් හතර ගුණයක් වැඩිපුර සල්ලි දෙන්නෙ. අඩුම තරමේ ලොකු එකේ ඩොල්ෆින්ලා දෙන්නයි හාල් මැස්සයි වත් පේනවනම් කමක් නෑ"
ඉතින් ඔන්න ඔය විදියට තමයි මගේ යාලුව මේ වෙළද මාෆියාව අල්ලගත්තෙ. උගේ මිත්‍රයෙක් වෙන්න ලැබීම මගෙත් පෙර පිනක්.
උපුටගැනිමකි

තවත් කතා මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

අකිලයි සුරංගියි එදා ලෑස්ති උනේ පාටියකට යන්න. එයාලගෙ වාහනේ රෙපෙයාර්වලට දාල නිසා අකිල නැනෝ කැබ් එකකට කතා කලා. එයාලගෙ ගෙදර බැල්ලියෙකුයි ගිරවෙකුයි ඉන්නවා. එයාල නැති වෙලාවට බැල්ලිව ගෙදර එලියට දැම්මෙ නැත්තං ඌ ගිරවව හපන්න යනවා. ඒ නිසා අකිල කලින්ම බැල්ලිව මිදුලට දැම්මා.

කැබ් එක ඇවිත් හෝන් කලාම දෙන්න එළියට ගියා. ඒත් ගෙදර දොර අරිද්දි බැල්ලි ඇතුලට පනිනව අකිල දැක්කා. ඒ නිසා සුරංගිට කැබ් එකට නගින්න කියල අකිල ආයෙත් බැල්ලිව හොයන්න ගේ ඇතුලට ගියා.

සුරංගි කැබ් එකට නැග්ගා. විනාඩි කීපයක් ගියත් අකිල නෑ තාම. ඩ්‍රයිවරුත් නොසන්සුන්.

"ඇයි නෝනා... මහත්තය තාම නැත්තෙ මොකද?"

සුරංගිට ඕන උනේ නෑ එයාල පාටියට ගියාම ගෙදර කවුරුත් නෑ කියල කියන්න. මේ දවස්වල මිනිස්සු විශ්වාස නෑනේ.

"ආ... හස්බන්ඩ් එයාගෙ අම්මට යන්නම් කියල එන්නයි ඇතුලට ගියෙ. ඉක්මනට එයි."

සුරංගි බොරුවක් කිව්වා. ටික වෙලාවකින් අකිල දාඩිය දාගෙන ඇවිත් වාහනේට නැග්ගා.

"මොකද අනේ ඔච්චර වෙලා ගියේ?"

සුරංගි ඇහුවා.

"අර පිස්සු බැල්ලි මට දස වදයක් දුන්නෙ. ඒකි ගිහින් ඇඳ යට හැංගුනානෙ. මං කොස්ස දාල ඇදල ගත්තෙ. එලියට ගත්ත විතරයි දඟලන්න ගත්තා. මං බෙල්ලෙන් අල්ලා බ්ලැන්කට් එකක එතුවා. පස්ස පැත්තෙන් තල්ලු කරගෙන ඇවිත් එලියට දැම්මෙ. මල පැනල හොඳට. එළවලු පාත්තියෙ කක්ක දැම්මෙ නැත්තං හොඳයි."

පාටියට යනකල් ගමන ගොඩක් නිහඬ එකක් උනේ ඇයි කියල අකිලට හිගාතන්න බැරි උනා.


තවත් කතා මෙතනින් අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

මෑතකදී ලොව විවිධ රටවල ස්ත්‍රී දූෂකයන් රැසක් ඇසුරෙන් කරන ලද සමීක්ෂණයක අවසානයේ පහත සඳහන් ප්‍රධාන කරුණු කෙරෙහි ඔවුන් වැඩි අවධානයක් දක්වන බව පෙනී ඇත.

1) ස්ත්‍රී දූෂකයන් බොහෝසෙයින් දිගු වරලසක් ඇති අය කෙරේ උනන්දුවක් දක්වයි. මන්දයත් පහසුවෙන් කොන්ඩයෙන් ඇද මෙල්ල කරගතහැකි බැවිනි.

2) පහසුවෙන් උනා දැමිය හැකි ඇඳුම් දැරීමද ස්ත්‍රී දූෂකයන්ගේ ඉලක්කයක් වීමට හේතුවකි. බොහෝ විට ඔවුන් ඇඳුම් ඉවත් කිරීම සඳහාම කතුරු පිහි වැනි ආම්පන්න වලින් සන්නද්ධ වී සිට ඇත.

3) අවට පරිසරය කෙරෙහි අනවධානයෙන් පසු වන නිසාම ඇවිදින අතර ජංගම දුරකථන කෙරෙහි ඇලී සිටින්නියන්, ගමන් මලු තුල ඇති දෑ සොයමින් ඇවිදින්නියන් කෙරෙහි ස්ත්‍රී දූෂකයන් වැඩි කැමැත්තක් දක්වයි.

4‍) පොදු වැසිකිලි සහ අන් අයගේ ඇස නොගැටෙන පාලු ප්‍රදේශ මොවුන්ගේ නිරන්තර ‍"ගොදුරු බිම්" වේ.

5) ස්ත්‍රී දූෂකයන් ස්වකීය ආරක්ෂාව සඳහා ‍නිරන්තරයෙන්ම යම් තැනකින් ඩැහැගත් ස්ත්‍රියක් පළමුකොට තවත් තැනකට ගෙනයාම සිදු කරයි.

6) යම් ස්ත්‍රියක් මොනයම් හෝ අයුරකින් යලි පහරදීමක් සිදු කරයි නම්, ගතවන කාලයත් සමග ඔවුන් අන් අයට නිරාවරණය වන ප්‍රමානය වැඩි වන නිසා එම ඉලක්කය අතහැරයාමට ස්ත්‍රී දූෂකයන් පෙළඹේ.

7) ස්ත්‍රී දූෂකයන්, කුඩ වැනි දුරක සිට පහරදිය හැකි ආයුධ ලෙසින් භාවිතා කල හැකි උපකරණ දරන්නියන් ඉලක්ක නොකරන බව පවසා ඇත.

යතුරු වැනි උපකරණ වලින් පහරදීම සඳහා බොහෝ ආසන්නයට යෑමට සිදුවන නිසා, ගැලවී යාම සඳහා වෙනත් උපක්‍රම භාවිතා කිරීම සුදුසු වේ.

මතක තබාගන්න..........

1) යමෙක් ඔබ පසු පස එන බව වැටහේ නම් ආපසු හැරී ඔහුගේ මුහුණ දෙස බලා යමක් විමසන්න.
උදා. වෙලාව, කාලගුණය වැනි
මෙවිට ඔබ ඔහුගේ මුහුණ දුටු බව සහ ඔබට හඳුනාගතහැකි බව දන්නා බැවින්, ඔහු ඔබව බොහෝ දුරට මගහැර යා හැක.

2) යමෙකු ඔබ කෙරේ පැමිනෙයි නම් දෑත් ඉදිරියට දිගු කර නවතින්න, යන්න යැයි වැරෙන් හඬගා පවසන්න. පහසු ඉලක්ක නොවන බැවින් කෑ ගසන සහ පහර දීමට ‍පසුබට නොවනාකාරයේ කාන්තාවන් මගහැර යන බව බොහෝ ස්ත්‍රී දූෂකයන් පවසා ඇත.

3) ඔබ‍ සතුව ගම්මිරිස් විසිර විදිනයක් (pepper spray - මෙවැනි උපකරණ බටහිර රටවල බොහෝසෙයින් ආත්මාරක්ෂාව සඳහා භාවිතා වේ.) ඇතිනම් "මගේ ගාව ගම්මිරිස් spray එකක් තිබෙනවා" යැයි කෑ ගසමින් එය ඉහලට දිගු කිරීමද ස්ත්‍රී දූෂකයන් පලවාහැරීමට ප්‍රමානවත්ය.

4) ඔබව අල්ලාගෙන සිටීනම් (පිටුපසින් වුවද) ඔබ ශක්තිමත් නොවුවද සතුරාගේ වැලමිටත් කිහිල්ලත් අතර යටින් ඇති ප්‍රදේශය හෝ දනහිසත් කලවයත් අතර කකුලේ ඇතුලු ප්‍රදේශය නිය යොදා වැරෙන් කෙනිත්තීමෙන්ද සතුරා අඩපන කිරීමට යොදාගත හැක. (ඒ පිලිබඳව සැකයක් ඇත්නම් ඔබගේම කොනිත්තා බලන්න.) එම ප්‍රදේශවල ඇති අනාරක්ෂිත බව නිසා මෙවැනි ක්‍රමයකින් බේරුනු එක් කාන්තාවක ස්ත්‍රී දූෂකයාගේ මාංශ පේශී ඉරීයනතෙක් කෙනිත්තූ අවස්තාවක් වාර්ථා වේ.

5) අවස්ථාව ලද විගසම සතුරාගේ කලවා ප්‍රදේශයට (ලිංගේන්ද්‍රයටම) පහරදෙන්න. පිරිමියෙකුට දැනිය හැකි උපරීම වේදනාව එය නිසා, එය සතුරාව බොහෝසෙයින් අඩපන කරයි. කොටින්ම කිවහොත් විනාඩි ගණනකට ඔබගෙන් පළිගැනීමට සිතීමටද ඔහුට සිහියක් නොමැති වනු ඇත. ස්ත්‍රී දූෂකයන් මෙවැන්නියන්ගෙන් හැකි ඉක්මනට ඉවත්වන බවට ඔවුන් පවසා ඇත. ඔබ කරදර කරන තරමටම ඔබගෙන් ඉවත් වීමට ඔවුන් උත්සහ දරයි.

6) සතුරා දෑත් දිගු කරන විගස ඔහුගේ ඇල්ලිය හැකි පළමු ඇගිලි දෙක වැරෙන් අල්ලා නැවියහැකි දෙසට විරුද්ද දෙසට හැකි තාක් වැරෙන් තෙරපන්න. මෙයින් වැඩි බලයක් නොයොදාම එම ඇඟිලි කැඩී සතුරාව බොහෝසෙයින් අඩපන කරයි.

7) අවට පරිසරය ගැන උපරිම අවධානයෙන් සිටින්න. හැකිතාක් තනිව හැසිරීමෙන් වලකින්න. කිසිවෙකු සැක සහිත ලෙසින් හැසිරෙයි නම් එය නොතකාහැරීමෙන් වලකින්න. ඔබට සැමවිටම මෙසේ කිරීම මෝඩ වැඩක් යැයි සිතුනද ජීවිතයේ යලි නිවැරදි කල නොහැකි අනතුරක් සිදුවනවාට වඩා එය ආරක්ෂාකාරීය.

සැලකිලිමත් වන්න...........

ඔබ මෙය කියැවූ පසු මෙය සිහියේ තබාගැනීමට හැකි වුවද අවධානය පිනිස යලි යලි කියවන්න. එපමනක් නොව පසුතැවීමක් ඉතිරි නොවීමට අන් අයද දැනුවත් කරන්න.

1) Tae Kwon Do ආත්මාරක්ෂක සටන් කලාව අනුව වැලමිට කොන සිරුරේ ශක්තිමත්ම ස්ථානයයි. සතුරා ඊට බොහෝ ආසන්න නම් හැකි වැරෙන් ඉන් පහරදෙන්න.

2) New Orleansහි සංචාරක අත්පොතකට අනුව යම් මං පහරන්නෙක් ඔබේ පර්සය හෝ අත් බෑගය ඉල්ලාසිටී නම් එය අතට නොදී ඉවතට විසි කරන්න. එවිට ඔහුට ඔබටත් එම බෑගයටත් ඇති උනන්දුව අනුව ඔබට ගැලවී යාමට බොහෝසෙයින් ඉඩ ලැබෙනු ඇත. එවිට හැකි තාක් වේගයෙන් විරුද්ධ දෙසට දුවන්න.

3) සතුරෙකු ඔබව කාරයක බඩු බහාලන කොටසට ‍බලෙන් දමාගෙන යයි නම්, ඇතුලතින් පිටුපස ලාම්පු වලට ගැලවෙන සේ පරහදී එයතුලින් අත එලියට දමා වනන්න. මෙය රියතුල කිසිවෙකු නුදුටුවද පිටුපසින් එන රථ ඇතුලුව එලියේ සිටින බොහෝ දෙනාට පෙනේ. මෙම උපක්‍රමය භාවිතා කිරීම නිසා බොහෝදෙනා දිවි ගලවාගෙන ඇත.

4) තනිව මෝටර් රථ වල ගමන්කරන බොහෝ කාන්තාවන් රථ ගාල් තුලදී සිය රථයට නැග රූපලාවන්‍ය, ආහාර ගැනීම්, කිරීමට ඇති වැඩ පරීක්ෂා කිරීම් වැනි වැඩ වල නියැලීමට උනන්දුවක් දක්වයි. මෙය සතුරාට ඔබේ රථයටම නැග ඔබ පැහැරගෙනයාමට රුකුලක් විය හැක. ඔබේ රථයට නැගි වහාම රථ ගාලෙන් ඉවත් වන්න.

5) මෝටර් රථයකට ගොඩවන ඔබ පහත කරුණු කෙරෙහි අවධානයෙන් පසුවන්න.

අවධානයෙන් ඇතුල් වන්න. රථය තුල කිසිවෙක් සැඟවී සිටියහැක. ඉදිරිපස මගී අසුන මෙන්ම පිටුපස අසුනෙහි බිමද කිසිවෙකුට සැඟවී සිටියහැක. පැති වීදුරු තුලින් රථයතුල බලා ඉන්පසු අසුන්ගන්න.

ඔබ අසුන්ගන්නා රියදුරු අසුන පැත්තට වන්න වෑන් රථයක් නවතා ඇත්නම් ඉදිරිපස මගී අසුනෙන් ඔබේ රථයට ගොඩවන්න. බොහෝ අපරාධකරුවන් මෙලෙස රිය නවතා කාන්තාවන් රථයට ගොඩවන අවස්ථාවේදී රියට ඇදගනී.

ඔබේ රිය ආසන්නයේ නවතා ඇති රියෙහි ඔබ අසුන්ගන්නා රියදුරු ආසනය පැත්තට වන්නට යම් සැක කටයුතු තැනැත්තෙක් සිටී නම් තනිව නොගොස් නැවත සිටි ස්ථානයෙන් ආරක්ෂක නිලධාරියෙකු හෝ පොලිස් නිලධාරියෙකු සමග නැවත රථය කරා යන්න. යම් අනතුරක් සිදුවනවාට වඩා මදක් පමා වීම නුවනට හුරුය.

6) ගොඩනැගිල්ලක හැකිතාක් පඩිපෙලට වඩා සෝපානයම භාවිතා කරන්න. පඩිපෙල බොහෝවිට තනිවීමට දරුණු ස්තානයක් විය හැක.

7) සතුරා සතුව තුවක්කුවක් ඇත්නම්, ඔබ ඔහු ග්‍රහනයේ නොසිටී නම්, අනිවාර්යයෙන් දුවන්න! සතුරා ඔබට වෙඩිතැබීමට ඉඩ ඇත්තේ සියයට 4ක තරම් අඩු අවස්ථාවක් වන අතර එසේ කලද දරුණු ස්ථානයකට වෙඩි තැබීමට ඇත්තේද අවම අවස්ථාවකි.

ඔබට කව්රුන් හෝ හිරි හැර කළහොත්, ඔබට පහරදිය හැකි හොදම ස්ථානය නම්, "ඇස් දෙකයි" මිනිසාගේ අතිශයෙන්ම සියුම් වුත් සංවේදී වුත් අත්‍යවශය වුත් ඉන්ද්‍රිය ඇසයි. ඔබේ අතේ "මහපට" ඇඟිලත්, දබර ඇඟිල්ලත් (එසේත් නැතිනම් දබර අගිල්ලත් මැද ඇඟිල්ලත්) අඟල් 2 1/2 පමණ පළල කර, ශක්තිමත් කර වේගෙන් ඇස දෙකට ප්‍රහාරයක් එල්ල ක‍රන්න. ඔබට ක්ෂණයකින් බෙරිමටත්, අපරාධකරු සදාකාලිකව අන්ධයෙක් කිරීමටත් එය ප්‍රමාණවත්ය.

9) බොහෝ කාන්තාවන්ගේ කරුණාවන්ත බවෙන් ස්ත්‍රී දූෂකයන් බොහෝ පල ප්‍රයෝජන ගත් අවස්ථා ඇත. නොදන්නා දරුවෙකුට යම් තැනකට යාමට උදවු කිරීම, අන්ධයන්ට, ‍වාරු නොමැති (එලෙස හොඳින් රඟපාන්නන් ඇත) මහල්ලන්ට තම රථයට ගොඩවන්නට උදවු කිරීම වැනි දේ තුලින් කාන්තාවන් සිය ජීවිත වලින් වන්දි ගෙවූ අවස්ථා අපමන ඇත.

මෙම වීඩියෝවෙන්ද ඔබට වැඩිදුර කරුණු ඉගෙනගත හැක


හොදයිනම් Like කරන්න
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

වැඩි වැඩ නෑ පොඩි දෙයයි තියෙන්නේ
මුලින්ම Google Chrome එකෙන් Fb Log වෙලා
ඔයාගේ Page or Event එකට යන්න,,, ඊට පස්සේ Normal විදියට Invite කරන තැනට යන්න
ඕන කෙනෙක් දන්නවනේ Invite කරන්න,,
අමාරු වැඩේ එකින් එක්කෙනාට එක  Click එක ගානේ යාලුවෝ ඔක්කොටම දාන එකනේ නේද
අපි ඒක එක Click එකෙන් ඔක්කොම invite කරන්න තමයි මේ යන්නේ
දැන් ඉතින් ඔය ස්ක්‍රෝල් එක කරකවල හරි දකුනු පැත්තෙ තියන ටැබ් එක පහලට කරල හරි ෆ්‍රෙන්ඩ්ස්ල ටික සේරම ලෝඩ් වෙනකන්.පහලට කරන්න .. ඊට පස්සෙ...Keyboad එකේ F12 key Press කරන්න
පහල තියෙන රූපය බැලුවම තේරෙනවා


දැන් මෙන්න මේ Link එකට ගිහින් http://notes.io/f5M Code එක
 අර පහලින් ආව Console කියන තැනට Copy Paste කරලා Enter කරලා බලන් ඉන්න මොකද වෙන්නේ කියල විනාඩියක් යන්න කලින් යාලුවෝ ඔක්කොම Auto select වෙයි.
ඊට පස්සේ ඉතින් Submit කරන්න එච්චරයි ;-)

හොදයිනම් Like කරන්න
තවත් ට්‍රික්ස් මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

හැමෝටම mail address එකක් තියනවනේ. ඉතින් කරන්න තියෙන්නෙ යාලුවට mail එකක් යවන එක විතරයි. මේක ඔයාට phone එකෙනුත් mail යවන්න පුලුවන් නිසා phone එකෙන් වුනත් කරන්න පුලුවන්.
හැබැයි මේක තාම කරන්න පුලුවන් Mobitel -Dialog userලට විතරයි. Updated
ඔයාලට කරන්න තියෙන්නෙ පහල තියන විදියට mail එකක් යවන්න විතරයි. Image එක mail එකට attach
කරන්න දන්නවනේ....
+9471xxxxxxx@mms.mobitel.lk
+9477xxxxxxx@mms.dialog.lk


යවන කෙනාගෙ address එකේ මේ විදියට දාල normal විදියට යවන්න.

ඔය x වෙනුවට යවන්න ඕන කෙනාගෙ no එක දාන්න.

තත්පර 10ක් ඇතුලත MMS එක ඒවි.

දැන් බලමු SMS යවන විදිය මේකනම් ගොඩක් අය දන්නවා ඒත් කට්ටිය අහල තිබ්බ නිසා අයේ පොස්ට් එක Update කළා මේකනම් හරි ලේසි Chat Box එකේ sms එක යවන්න ඕනෙ කෙනාගේ Number එක type කරලා Enter කරලා Name එක දීල Save කරන්න,,, දැනට පුළුවන් dialog,Mobitel,Etisalat අයට විතරයි

හොදයිනම් Like කරන්න
ඉස්සරහට තවත් දේ දැනගන්න
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
තවත් ට්‍රික්ස් මෙතනින්
Share on Facebook
Read More »