Categories

Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

Showing posts with label HEART TOUCHING. Show all posts


උදේ පාන්දරම රෝහලක නර්ස් නෝනා කෙනෙක් වගේම මුළු රෝහලම බොහෝම කාර්යබහුලව කලබලයෙන් වැඩ. උදෑසන 8.30 පමණ වෙනකොට අවුරුදු 80ක පෙනුම තියෙන මහත්මයෙක් මේ රෝහලට ආවා. ඔහු ආවේ ඔහුගේ මහපටඟිල්ලේ තිබුනු තුවාලයකට නැවතත් ඛෙහෙත් කරගන්න. අහම්බයෙන් වුනත් මේ නර්ස් නෝනා මේ මහත්තයාව දුටුවේ ඔහු නිතරම කලබලයෙන් තමන්ගේ අතේ තියෙන ඔරලෝසුව බලන නිසාමයි.

”ඔහුට නම් හොදටම කලබල පාටයි. තව මොකක් හරි වැඩක් දාගෙන. හදිසි නම් මොකටද දැන්ම ආවේ. මේ ලෙඩ්ඩු ටිකට සාත්තු කරලා තමා ඔහුව බලන්න වෙන්නේ.” ඇය හිතුවා.


Read More »

හෝවාර්ඩ් කෙළී කියන්නේ කුඩා නගරයක ජීවත් වුන දුප්පත් ළමයෙක්,මෙයා ඉස්කෝලේ යන්න සල්ලි හොයා ගත්තේ ගෙයින් ගෙට ගිහින් බඩු විකුණලා. දවසක් මෙයා වෙළදාමේ යනකොට ලොකු බඩගින්නක් ආවා. ඒත් මෙයා ලග ඉතිරි වෙලා තිබුනේ බොහෝම සුලු මුදලක් නිසා මෙයා හිතුවා ඊලගට යන ගෙදරින් කන්න දෙයක් ඉල්ලනවා කියලා. ඊලග ගෙදරට ගිහින් දොරට තට්ටු කලාම දොර ඇරියේ ගොඩක් ලස්සන තරුණ ගෑණු ළමයෙක් නිසා මෙයාට කන්න දෙයක් ඉල්ලන්න ලැජ්ජා හිතිලා බොන්න වතුර ටිකක් ඉල්ලුවා. ඇයට හිතුනා මේ පිරිමි ළමයට ගොඩක් බඩගිනි පාටයි කියලා,ඒ නිසා වතුර වීදුරුවක් වෙනුවට කිරි වීදුරුවක් ගිහින් හෝවාර්ඩ් කෙළීට දුන්නා.

හෝවාර්ඩ් කෙළී බොහෝම ආශාවෙන් මේ කිරි වීදුරුව පානය කරලා ඇහුවා
"මැඩම් මම ඔබට කොපමන ණයද" කියලා.
"ඔයා මට කීයක්වත් ණය නෑ" මදක් සිනාසුන ඇය කීවා "අපේ අම්මා කියලා තියනවා කරුණාවෙන් දෙන දෙයට මුදල් ගන්න එපා කියලා".
"එහෙනම් මැඩම් මම මගේ හදවතින්ම ඔයාට ස්තූති කරනවා...ඔයාට ගොඩාක් ස්තූතියි මැඩම්" කිව්ව හෝවාර්ඩ් කෙළී ආපහු යන්න පිටත් උනා.

ඒ ගෙදරින් පිට වෙනකොට බීපු කිරි වීදුරුව නිසා එයා ශාරීරිකව පමනක් නෙවේ මානසිකවත් ගොඩක් ශක්තිමත් වෙලයි හිටියේ.මිනිසුන් ගැන එයාගේ තිබුන විශ්වාසය ගොඩක් වැඩි උනා ඒ සිද්ධියෙන්.
මේ සිද්ධියෙන් පස්සේ වසර ගණනාවක් ගෙවිලා ගියා. හදිසියේම මේ කාන්තාව බරපතල විදියට අසනීප උනා. ඇය ජීවත් වුන කුඩා නගරයේ වෛද්‍යවරුන්ට ඇගේ රෝගය නිශ්චය කිරීමට නොහැකි වූ නිසා ඇයව විශාල නගරයක විශාල රෝහලක් වෙත යැවුවා. මේ වෙනකොට වෛද්‍ය උපදේශකයෙක් ලෙස වෛද්‍ය හෝවාර්ඩ් කෙළී සේවය කලේත් මේ රෝහලේ. රෝහලේ නේවාසිකව සිටින ගොඩක් දුර්ලභ රෝගයක් ඇති මේ කාන්තාවගේ පදිංචි නගරය තමන් ගේ නගරයම බව දැන ගත් පසු වෛද්‍ය හෝවාර්ඩ් කෙළී ඉක්මනින් ඇයව බලන්න ගියා. ඇය සිටින කාමරයට ඇතුල් වී ඇයගේ මුහුන දුටු පමනින් වෛද්‍ය හෝවාර්ඩ් කෙළී ඇයව හදුනා ගත්තා.

එතැන් පටන් සති ගණනාවක් යන තුරු ඔහු ඇය වෙනුවෙන් කැප වී ඇයගේ රෝගය සුව කිරීමට මහන්සි ගත්තා.ඔහුගේ මහත් කැප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ඇය සම්පූර්ණ සුවය ලැබුවා,නමුත් තමන්ව සුව කලේ තමන් වසර ගණනාවකට පෙර කිරි වීදුරුවකින් සංග්‍රහ කල ඒ කොලු ගැටයා බව හදුනා ගැනීමට ඇයට නොහිකි වුනා.

අවසානයේ ඇය රෝහලෙන් නික්ම යන දිනය උදා වුනා. ඇයගේ ප්‍රතිකාර සහ නේවාසිකව සිටි කාලය සදහා වුන බිල් පත අවසන් අනුමැතිය සදහා වෛද්‍ය හෝවාර්ඩ් කෙළී වෙත ගෙන ආවා. බිල් පත හොදින් පරීක්‍ෂා කල ඔහු එහි කොනක යමක් සටහන් කර ඔහුගේ මුද්‍රාව තබා නැවත බාර දුන්නා.

කාන්තාව වෙත ගෙන ආ බිල් පත ඇයට බාර දුන්නා. ඇය සෙමින් එය විවෘත කලා,ජීවිත කාලය පුරාම මහන්සි වුනත් ගෙවීමට නොහැකි විශාල මුදලක් එහි සටහන්ව ඇති බව ඇයට හොදටම විශ්වාසයි. බිල්පත විවෘත කල විට එහි කොනක සටහන්ව ඇති යමක් වෙත ඇගේ අවධානය යොමු වුනා.

"සම්පූර්ණ මුලු මුදලම කිරි වීදුරුවකින් ගෙවන ලදී"

සහතික කලේ,
වෛද්‍ය හෝවාර්ඩ් කෙළී.
Read More »


මම කුඩා දැරියක්ව සිටි කාලයේ මගේ මව සතියකට වතාවක්වත් විශේෂ ආහාර වේලක් පිලියෙල කිරීම පුරුද්දක්ව කරගෙන සිටියාය.එසේ විශේෂ ආහාර වේල් සැකසූ දින සිය ගණනක් ඇතත් ඉන් එක් දිනයක් තවමත් මගේ මතකයේ හොදින් සටහන් වී ඇත. 

දිනක් කාර්යාලයේ විඩාබර දිගු දිනයක් අවසානයේ නිවසට පැමිනි මගේ මව වහාම මුලුතැන්ගෙයට වැදී පියා සහ මා වෙනුවෙන් විශේෂ රාත්‍රී ආහාර වේලක් සැකසුවාය.රසවත් ආහාර වේලක රස බැලීමේ අරමුනෙන් රාත්‍රී කෑම මේසයට වාඩි වූ මගේ බලාපොරොත්තු බිද වැටුනි.මව අප වෙනුවෙන් සොසේජස් සහ බිත්තර සමග ආහාරයට පාන් ටෝස්ට් කර තිබූ නමුත් පාන් පෙති සියල්ල කර වී තද දුඹුරු පැහැයට හැරී තිබුනි. බලාපොරොත්තු කඩ වූ දෙනෙතින් මම මව දෙස බැලූ අතර ඇගේ මුහුනේ ඇදී තිබුනේ අපෙන් සමාව ඉල්ලන සුලු බැල්මකි.පියා ඇයට බැන වැදෙනු ඇතැයි සිතා මම පියා දෙස බැලූ නමුත් ඔහුගේ මුහුනේ කිසිදු වෙනසක් මා දුටුවේ නැත.මවට සිනහවකින් සංග්‍රහ කල ඔහු කර වූ පාන් පෙති කිහිපයක් තම පිගානට දමා ගත් අතර සුපුරුදු පරිදි මගෙන් එදින පාසලේ කටයුතු පිලිබදව ඇසීය.එදින රාත්‍රියේ මම ඔහුට දුන් පිලිතුර මට මතක් නැති මුත් බිත්තර සහ සොසේජස් සමග පිගානට දමා ගත් සෑම කර වූ පාන් පෙත්තක්ම ඔහු රස කර කර ආහාරයට ගත් අයුරු නම් මට අමතක නොමැත. සොසේජස් සහ බිත්තර පමනක් ආහාරයට ගත් මා කෑම මේසයෙන් නැගිට ඉවත්ව යාමේදී මට ඇසුනේ මගේ මව පියාගෙන් පාන් පෙති කරවීම පිලිබදව සමාව අයදින ආකාරයයි.

"මම කර වුනු පාන් කන්න ගොඩක් කැමතී " ඒ පියා මද සිනහවක් සමගින් මවට දුන් පිලිතුරයි.
එදින රාත්‍රී නින්දට යාමට පෙර පියා අසලට ගිය මා ඔහුගෙන් ඇසුවේ සත්‍ය වශයෙන්ම ඔහු කර වුනු පාන් කෑමට කැමතිද යන්නයි. මාව තුරුලට ගත් ඔහු පැවසූ වදන් අද වන තෙක්ම මගේ සිතේ තදින්ම සටහන්ව ඇත.

"දුවේ අද දවසම අම්මා ඔෆිස් එකේ ගොඩක් මහන්සි වුන දවසක්,එයා ගොඩක් මහන්සියෙන් හිටපු නිසා පාන් කර වෙන්න ඇත්තේ, එක වේලකට කරවුනු පාන් කෑවා කියලා අපි කාටත් හිරිහැරයක් වෙන්නේ නෑනේ දුවේ"
එදින රාත්‍රියේ නිදා ගැනීමට ඇදට ගියත් මම බොහෝ වේලාවක් යන තුරුත් කල්පනා කලේ එදින වූ සිද්ධිය සහ පියාගේ කරුණාවන්තකම පිලිබදවයි.

එම සිද්ධිය වසර ගණනාවක් පුරා මගේ මතකයේ රැදී තිබුනු අතර පසුගිය සතියේ මගේ සැමියා වන ජැක් සහ මා රාත්‍රී ආහාරය සදහා වාඩි වූ විට මුහුන දුන් සිද්ධියක් නිසා එම මතකය අලුත් විය.
එදින කාර්යාලයේ වැඩ අධික දිනයක් වූ බැවින් මා නිවසට එනවිට බොහො ප්‍රමාද විය.රාත්‍රී ආහාරය සදහා සොසේජස් සමග ආහාරයට ගැනීමට පාන් පෙති කිහිපයක් ටෝස්ටරයට දැමූ මා නාන කාමරයට වැදුනේ අධික මහන්සිය නිවා ගැනීමට ස්නානය කිරීමටයි.
අධික වෙහෙස නිසා මටත් නොදැනීම බොහෝ වේලාවක් මා නාන කාමරයේ ගත කල අතර අවසානයේ පිටතට පැමින මුලුතැන් ගෙයට ගිය මා දුටුවේ පාන් පෙති අධික ලෙස කර වී ඇති ආකාරයයි.

රාත්‍රී ආහාර මේසයේදී මට මහත් අපහසුවක් දැනුනු අතර ජැක් කර වූ පාන් පෙති පිලිබදව යමක් පවසන තුරු මම බලාගෙන සිටියෙමි නමුත් ඔහු කිසිවක් නොපැවසූ අතර පාන් පෙති තුනක්ම අපහසුවකින් තොරව ආහාරයට ගත්තේය.එම කාලය පුරාම මා ඔහුගෙන් ඇනුම් පදයක් එල්ලවන තුරු බලා සිටි නමුත් ආහාර වේල අවසානයේ ඔහු පැවසුවේ

"ඔයාට ගොඩාක් ස්තූතියි අද රෑ කෑම පිලියෙල කලාට, මම දන්නවා අද ඔයාට ගොඩාක් මහන්සි දවසක් " යන්න පමනි.
වසර ගණනාවකට කලින් මා කුඩා දැරියකව සිටියදී මගේ පියා පිලිබදව මතකය මගේ සිහියට නැගුනි, කර වූ පාන් කැබැල්ලකට තම විවාහ දිවිය පලුදු කිරීමට ඔහු ඉඩ නොදුන් අතර එවැනිම වූ සැමියෙකු ලැබීම පිලිබදව මා බෙහෙවින් සතුටු විය.


Read More »

මිනිසෙක් තම 3 හැවිරිදි දියණියට දඩුවම් කලේ ඇය රත්‍රන් පැහැති තෑගි දවටනයක් නාස්ති කල නිසාවෙන්. ඔහු පසු කරමින් සිටියේ මූල්‍ය වශයෙන් ඉතාමත් අපහසු සමයක් වූ අතර නත්තල් ගස අසලින් තබන තෑගි පෙට්ටියක් සැරසීමට රත්‍රන් පැහැති දවටනයක් තම කුඩා දියණිය විසින් භාවිතා කිරීම පිලිබදව ඔහු දැඩි ලෙස කෝපයට පත් වුනා.
කෙසේ නමුත් පසුවදා උදෑසනම එම තෑගි පෙට්ටිය රැගෙන ඔහු අසලට පැමිනි දියණිය "මේ තාත්තිට මගෙන් තෑග්ගක්" පැවසූ විට තමන් පෙර දිනයේ හැසිරුනු ආකාරය පිලිබදව පසුතැවුනත් ඔහු යලි කෝපාවිෂ්ඨ වුනේ එය එය හිස් පෙට්ටියක් පමනක් වූ නිසාවෙන්.
"ඔය ළමයා දන්නේ නැද්ද කෙනෙකුට තෑග්ගක් දෙනකොට හිස් පෙට්ටියක් දෙන එක සුදුසු නැති බව?"ඔහු දියණියට යලිත් බැන වැදුනා.
දෑස් වල කදුලු පුරවා ගත් දියණිය හුරතල් හඩින් මෙසේ පිලිතුරු දුන්නා,
"තාත්ති ඒක හිස් නෑ ඊයේ රෑ මම ඔය පෙට්ටියට හාදු ගොඩාක් දැම්මා...ඒ ඔක්කොම තාත්තිට..."
දියණියගේ පිලිතුරින් මිනිසාගේ දෑස් කදුලින් තෙත් වූ අතර දියණියව තුරුලු කර ගත් ඔහු කීප වතාවක්ම ඇගෙන් සමාව ඉල්ලා සිටියා.
ඉන්පසු මිනිසා මිය යන තෙක්ම ඒ තෑගි පෙට්ටිය සුරැකිව තබා ගත් අතර ජීවිතයේ මානසිකව ඇද වැටුනු අවස්ථා වල එම පෙට්ටිය දෙස බලා එම පෙට්ටිය හාදු වලින් පිරවූ තම දියණිය තුල තමාට ඇති ආදරය පිලිබදව සිහිපත් කිරීමට ඔහු හුරු වුනා.
මෙලොව උපදින සෑම කෙනෙක්ම උපදින විටම රත්‍රන් පැහැති තෑගි පෙට්ටියක් රැගෙන මෙලොවට පැමිනෙන අතර එය දෙමව්පියන්ගේ සහෝදර සහෝදරියන්ගේ නෑදෑයන්ගේ යහලු හිත මිත්‍රාදීන්ගේ හාදු වලින් පුරවා ඇත.එය අප සතු වටිනාම වස්තුව වන අතර එය සුරැකිව ලග තබා ගැනීම අපේ යුතුකමයි.

Some time ago, a man punished his 3-year-old daughter for wasting a roll of gold wrapping paper. Money was tight and he became infuriated when the child tried to decorate a box to put under the Christmas tree.

Nevertheless, the little girl brought the gift to her father the next morning and said, “This is for you, Daddy.” He was embarrassed by his earlier overreaction, but his anger flared again when he found the box was empty.

He yelled at her, “Don’t you know that when you give someone a present, there’s supposed to be something inside it?”

The little girl looked up at him with tears in her eyes and said,”Oh, Daddy, it is not empty. I blew kisses into the box. All for you, Daddy.”

The father was crushed. He put his arms around his little girl, and he begged for her forgiveness.
It is told that the man kept that gold box by his bed for years and whenever he was discouraged, he would take out an imaginary kiss and remember the love of the child who had put it there.

In a very real sense, each of us as humans have been given a gold container filled with unconditional love and kisses from our children, friends, family and God. There is no more precious possession anyone could hold.

Read More »

කාන්තාරයේ අතරමං වී සිටි ඔවුන් දෙදෙනා කුඩා කල සිටම හොඳම මිතුරන් විය. නමුත් එක් වරම එක් මිතුරෙකු අනෙකාට මුහුණට වැරෙන් පහරක් ගැසුවේ ඔවුන් දෙදෙනා ඒ පැමිණි විනෝද ගමන සැලසුම් කරේ ඔහු බැවිනි. පහර කෑ මිතුරාට රිඳුනද ඔහු කරන ලද්දේ වැලි කතරේ වාඩිවී තම ඇඟිල්ලෙන් ''අද මගේ හොඳම මිතුරා මට පහරක් ගැහුවා'' ලෙස වැලි මත ලිවීම පමණි.

කෙසේ නමුත් දෙදෙනාම තම ගමන අත් නොහැර දිගින් දිගටම එක් දිශාවකට ඇවිද ගියේ ක්‍ෂේම භූමියකට ලං වීමේ අරමුණ ඇතිවය. ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටුවිය, අවසානයේ ඔවුන් දෙදෙනා හට ක්‍ෂේම භූමියක් දැකගත හැකිවිය. සතුටින් උදම් වූ දෙදෙනා වහා වතුරට පැන දිය නෑමට පටන් ගත්හ. සිදුවූයේ නොසිතූ දෙයකි, පහර කෑ මිතුරා ජලයේ ගිලෙන්නට විය. වහා ඔහු වෙත පීනා ගිය අනෙකා තම මිතුරා රැගෙන ජලයෙන් ගොඩට පැමිණියේය. මද වෙලාවක් ගිමන් හරිමින් සිටි ගිලෙන්නට ගිය මිතුරා ගල් කැබැල්ලක් ගෙන ඒ අසල වූ ගල් තලාවේ මෙසේ සටහන් කරන ලදී. ''අද මගේ හොඳම මිතුරා මගේ ජීවිතය බේරුවා''

මේ දෙස බලා සිටි අනෙකා ඔහුගෙන් මෙසේ විමසීය...

''මම කලින් ඔයාට ගැහුව වෙලාවේ ඔයා ඒක ගැන ලිව්වේ වැලි වල , ඒත් ඇයි දැන් ඔයා මෙතනදී ගල් තලාවේ ලිව්වේ???''

එවිට අනෙකා මෙසේ පිළිතුරු දුනි...

''කෙනෙක් අපිව රිදෙව්වම අපි ඒක ගැන හදවතේ සටහන් කරන්න ඕනේ සමාව කියන සුලඟට ඒ රිදවීම හදවතින් මකලා දමන්න පුළුවන් විධියට. ඒත් අපිට කෙනෙක් හොඳ දෙයක් කරාම අපි ඒ ගැන ජීවිතේ පුරාවටම හදවතේ රැඳෙන පරිදි සටහන් කරන්න ඕන, කිසිම දේකින් එය මැකී නොයන විධියට.''

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

''LEARN TO WRITE YOUR HURTS IN THE SAND, AND TO CARVE YOUR BENEFITS IN STONE''
හොදයිනම් Like කරන්න
මේ හැමදෙයක්ම බලන්න එන්න හැමදාම හැමදෙයක්ම.com එකට
Share on Facebook
Read More »

රැකියා විරහිත තරුණයෙක් පරිගණක ආයතනයක කාර්‍යාල කාර්‍ය සහායක තනතුර
ඉල්ලුම් කළේය.ඔහු සම්මුඛ පරීක්ෂණයට ලක් කළ කළමනාකරු ප්‍රායෝගික
පරීක්ෂණයක් ලෙසින් ඔහු පොළොව මදින හැටි බලා සිටියේය.ඉන්පසු කළමනාකරු
ඉල්ලුම්කරුට මෙසේ කීවේය.


"ඔබට රස්සාව ලැබෙනවා මට ඊ මේල් ලිපිනය දෙන්න ඔබට පිරවීමට අයදුම් පතකුත්
රැකියාව ආරම්භ කළ හැකි දිනයත් මා ඔබට දන්වන්නම්"

"මට කොම්පියුටරයක් නැහැ.ඊ මේල් එකකුත් නැහැ" තරුණයා පිළිතුරු දුන්නේය.

"මට කණගාටුයි." කළමනාකරු පැවසීය."ඔබට ඊ මේල් එකක් නැත්නම් ඔබ පවතින
මිනිසකු නොවෙයි. නොපවතින කෙනෙකුට රැකියාව ලබාදෙන්න බැහැ."

රැකියා විරහිත පුද්ගලයා කිසිම බලාපොරොත්තුවක් නැතිව පිටත්ව ගියේය.කළයුත්තේ
කුමක්දැයි ඔහුට නොවැටහිණි.ඔහුගේ සාක්කුවේ තිබුණේ ඩොලර් 10 ක් පමණි පසුව
සුපිරි වෙළඳ සලකට ගියේය.කිලෝ ග්‍රෑම් 10ක තක්කාලි පෙට්ටියක් මිලදී ගත්තේය.
ගෙයින් ගෙට ගොස් තක්කලි විකිණීය.පැය දෙකක් ගත වෙන්නටත් පෙර ඔහුගේ මුදල
දෙගුණ කර ගැනීමට ඔහු සමත් විය.

ඔහු මේ ක්‍රියාවලිය තෙවතාවක්ම කරමින් ආපසු නිවසට පැමිනියේ ඩොලර් 60 අතැතිවය.
මේ අන්දමට තමන්ට ජීවත් වියහැකි බව වටහාගත් ඔහු සෑම දිනකම කලින්ම නිවසින්
පිටව යාමට තීරණය කළේය.ප්‍රමාද වී යළි නිවසට ආවේය.මේ නිසා ඔහුගේ මුදල දිනපතා
දෙගුණ තෙගුණ විය.

ටික දිනකින් ඔහු කරත්තයක් මිලදී ගත්තේය.ඉක්බිති ට්‍රක් රථයක් මිලදී ගත් ඔහුඅවසානයේ
ඩිලිවරි වාහන ගණනාවකම අයිතිකරු විය.වසර පහකට පසුව ඇමරිකානු ආහාර වෙළඳ
පොලේ ලොකුම පොහොසතා බවට පත්විය.

ඔහු සිය පවුලේ අනාගතය සැලසුම් කිරීමට පටන් ගත්තේය.

ජීවිත රක්ෂණයක් ලබාගැනීමට තීරණය කළ ඔහු රක්ෂණ බ්‍රෝකර් වරයකු කැඳවා කුමන
විදියේ රක්ෂණ සැලසුමක් ලබා ගත යුතු දැයි සාකච්ඡා කළේය.

සාකච්ඡාව අවසන් වූ පසු බ්‍රෝකර්වරයා ඔහුගෙන් ඊ මේල් ලිපිනය ඉල්ලා සිටියේය.

එම පුද්ගලයා මෙසේ පිළිතුරු දුන්නේය."මට ඊ මේල් එකක් නැහැ"

බ්‍රෝකර් කුතුහලයෙන් මෙසේ ඇසුවේය "ඔබට ඊ මේල් එකක් නැහැ ඒත් ඔබ ඔබේ
රාජධානියක් ගොඩනගා ගැනීමට සමත්ව සිටිනවා.ඔබට ඊ මේල් එකක් තිබුණා නම්
ඔබට කොහොම කෙනෙක් වෙන්න හැකියාව තිබුණාද කියා ඔබට හිතා ගන්න
පුළුවන්ද.?"

මදක් කල්පනා කළ පුද්ගලයා මෙසේ පිළිතුරු දුන්නේය.

"ඔව් මට පරිගණක ආයතනයේ කාර්යාල සහායකයෙක් වෙන්න තිබුණා"


මෙවැනි තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »


එතකොට මම සාමාන්‍ය පෙල. ඒ කාලෙ අපේ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි මූන දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න ඕනෙ කියලා.ඒත් එයාට ඒ බව තේරුණේ නෑ.

දවසක් පංතිය ඉවර උනාම එයා මං ලගට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා ලස්තුතියිල කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. ලමම ඔයාට ආදරෙයිල කියලා කියන්න කොච්චර හිතුනත් හිතේ තිබුන ලැජ්ජාව නිසා මට ඒ බව එයාට කියන්න බැරි උනා.මම දන්නේ නෑ ඒ ඇයි කියලා.


ඒ වෙනකොට මම උසස් පෙල.දවසක් මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය ඉකිබිදිමින් පැවසුවා ඇගේ ආදරය බිදුනු බව. ඇයට ඒ දුක තනියම දරා ගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. ඇය හමුවුනාම ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා. මම ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා ලස්තුතියිල කිව්වා. මෙවරත් ලමම ඔයාට ආදරෙයිල කියලා කියන්න බැරි උනේ මගේ ලැජ්ජාව නිසා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.


කාලය ගත වුනා. අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අපේ පලමු වසර.ඒ වෙනකොට ඇයට පෙම්වතෙක් හිටියා. දිනක් ඔවුන් දෙදෙනා හමුවීමට සිටියත් අසනීපයක් නිසා ඔහු පැමිනියේ නෑ. මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා. අපි සමුගන්නකොට ඇය මට කිව්වා ලඔයා දන්නවද, මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපයල කියලා. මෙවරත් මට මගේ හිතේ ඇය වෙනුවෙන් තිබුනු ආදරය ප්‍රකාශ කරන්න බැරි උනා.


වසරින් වසර ගෙවී ගියා. අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනය උදා වුනා. ඒ වන විට ඇය රූමත් තරුණියක්.උපාධිය ලබා ගැනීමට වේදිකාවට ගොඩ වූ ඇය දුටු මට හිතුනා අනේ ඇය මගේම උනා නම් කියලා.ඒත් ඇය එය නොදන්නා බව මම දැන සිටියා. උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා. වෙන් වී යන විට ඈ මගේ කම්මුල සිපගෙන ලඔයා තමයි මගේ හොඳම යාලුවාල කියලා කිව්වා. මට කියන්න ඕනි උනා ලඔයා මට හොදම යාලුවෙකුටත් වඩා වැඩි කෙනෙක්ල කියලා.නමුත් ඒ බව කියන්න මෙවරත් මට ආත්ම ශක්තියක් තිබුනේ නෑ.මම දන්නේ නෑ ඒ ඇයි කියලා.


මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අද ඇගේ ජීවිතය අලුතෙන් පටන් ගන්නවා තවත් පුද්ගලයෙක් සමග.ඇයව මගේ කරගන්න මට ඕනි උනත් මට ඒක කර ගන්න බැරි උනා. ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් ලඅනේ ඔයා ආවද? බොහොම ස්තුතියිල කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මම ඔයාට ආදරෙයි කියන්න හිතුනත් මෙවර ඒ සදහා මට ඉඩක් නෑ.

කාලය වේගයෙන් ගෙවී ගියා. දැන් මම ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත, මම රහසින් පෙම් කල, ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා.

ලමම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ බව තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්....ල

ඔබ කිසිවෙකුට අවංකව ආදරය කරනවා නම් ලැජ්ජාව බිය පසෙකලා පමා නොවී ඒ බව ඇයට/ඔහුට පවසන්න. ඔබේ පමාව නිසා ඒ අය ඔබට අහිමි උනොත් ජීවිත කාලය පුරාම ඒ පිලිබදව ඔබට පසුතැවීමට සිදු වේවි.

Read More »

ඉතාමත් දුප්පත් මනුස්සයෙක් තම බිරිඳ සමග ජීවත්වුණා. ඔහුගේ බිරිඳ සතුව දිග කොණ්ඩයක් තිබුණා. ඇගේ කොණ්ඩයට සාත්තු කරන්න තමාට පනාවක් ගෙනත් දෙන ලෙස ඇය සිය සැමියාගෙන් ඉල්ලා සිටියා.

සැමියාට තම බිරිඳ ගැන දුක හිතුනත් ඔහුට පනාවක් අරන් දෙන්න මුදල් නැතිබව ප‍්‍රකාශ කලා. තමාගේ කැඩුන ඔරලෝසුවට පටියක් දා ගන්නවත් තමා ලඟ මුදල් නැති බව ඔහුට කියා සිටියා.

ඇය කමක් නෑ කියා සිත හදාගත්තා.

පසු දින තම රැකියාවට ගොස් නැවත එනවිට ඔරලෝසු කඩයක් දුටු සැමියා, තම කැඩුන ඔරලෝසුව අඩු මුදලකට විකුණා දමා ඒ මුදලින් තම බිරිඳට පනාවක් මිලට ගත්තා. නිවසට පැමිණි ඔහු පනාවත් අතැතිව තම බිරිඳ හමුවූවිට දුටුදෙයින් මවිත වුණා. ඔහු දුටුවේ බිරිඳගේ කොණ්ඩය ඉතා කොටවී ඇති බවය.

ඇය සිය කොණ්ඩය විකුණා සැමියාට ඔහුගේ ඔරලෝසුවට පටියක් ගෙනත් තිබුණා. දෙදෙනාගේම ඇස් වලින් එකවර කඳුළු කඩා වැටුනා. ඒ තරහෙන් නොවේ, ඔවුන් එකිනෙකා කෙරෙහි තිබුන ආදරය නිසා.

"ආදරය කිරීම සුළු දෙයක්. ආදරය ලැබීම වටිනා දෙයක්. නමුත් ආදරය කිරීම සහ ආදරය ලැබීම යන දෙකම ඔබ ආදරය කරන කෙනාගෙන් ලැබෙනවානම් එය ඉතාමත් වටිනා දෙයක්."
Read More »

සති අන්ත ඉරිදා සන්ධ්‍යාවේදී මම අත්‍යාවශ්‍ය කළමනා කීපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි. තනිව යාම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි දෑතින් එල්ලී සිටියාය. තරමක් විශාල වෙළඳසැලේ ඒ මේ අත සෙනග සැරි සරති. මා බඩු ගන්නා අතරේ දියණිය මගේ සුලැඟිල්ල අතහැර ඇය රිසි තැන්වල ඇවිද්දාය. සියලුම දෙනා මා හඳුනන බැවින් මම ඈ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූයෙමි.
මොහොතකින් බලනවිට පෙනෙන මානයක දියණිය සිටියේ නැත. මම තරමක කලබලයෙන් විපරම් කළෙමි. දුටු දසුනින් මම ඇවිලී ගියෙමි. ඇය වෙළඳසැල කොනේ වූ කුඩා බංකුව මත වාඩි වී මහා බර කල්පනාවකය. ඇයගේ දෙනෙත් තිබුණේ ඇගේ වයසේම තවත් දැරියක් ළඟය. මම මොහොතක් ඇය දෙස බලා උන්නෙමි. ඇය ඇගේ කුඩා මිරිවැඩි සඟල දෙස බැලුවාය. එහි තැන තැන මඩ තැවරී දුර්වර්ණ වී ගොස් තිබුණි. රුපියල් සීයකට මීට බොහෝ කලකට පෙර අරන් දුන් එය දැන් බොහෝ පැරණිය. පොහොසත් දැරිය උජාරුවෙන් ශබ්ද නගන ඇගේ පාවහන් යුවල එහා මෙහා කළාය. ක්‍රමයෙන් රතු පැහැ වන පුංචි මුහුණේ තරු කැටවන් දිළිසෙන නෙත් සඟලේ හැඟුම් තේරුම් ගන්නට මා අපොහොසත්ය. එක්කෝ ඒවා තේරුම් ගන්නට මා බියය. පුංචි සිඟිති දියණිය මේ මිනිසුන් අතර තනිවී සිටින්නා සේ මට පෙනේ.

ඇය මගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඒ පුංචි දෙනෙත් මහමග යන පොඩි උන් ලඟ නතර වෙයි. වාහනවල ගැටෙයි. සතුටින් සිනහවන ළදරු සිනාවන් හා එක් වී සිනාසෙයි. දෙවියනි.. ඇය දන්නේ මොනවාද... ජීවිතයේ කටුක බව පපු කැනැත්තේ ඇතුළතින්ම විඳ දරා ගන්නා දුප්පත් මට ඇය වෙනුවෙන් ලොවක් තැනිය හැකිද..? ඒ පුංචි දෙනෙත් ළඟ මා කවරදාටත් වඩා දුප්පතෙකියි මට දැනේ.
අපට තිබුනේ සරල සුගම ළමා වියකි. ඒ කුරුම්බැට්ටි මැෂිමේ සුරතල් ළමා විය අද ලැප්ටොප් පරිගණකයක් දක්වා විකාශනය වී තිබේ. මා තවමත් සිතන්නේ මගේ දියණියට බෝරිච්චි අත් දැමූ ගවුමක් ඇති කියාය. රබර් සෙරෙප්පු දෙකක් ඇති කියාය. මට වඩා වාසනාවන්ත පියවරුන් තම දරුවන් උදෙසා වත්කම් සරි කරද්දී ඒ හා සැසඳෙන්නට මගේ හිඟන ජීවිතයට නොහැකි වූයේ ඇයි..? දියණියගේ මුව දකිද්දී මට අර මහා දුප්පත්කම අසරණකම දැනෙන්නේ ඇයි..?

"අපි යමු රත්තරං පැටියෝ.."

ඇය දැහැනින් මිදුණාය. ඒ ඇද ගත් සුසුම පුංචි ළය මඩලට බර වැඩි බව මම හොඳටම දනිමි. ඇය ඉපදීමට පෙර මා මීට වඩා ශක්තිමත්ව හිඳින්නට තිබිණ. එක්කෝ දුප්පත් මට දාව උපදින්නට තරම් අවාසනාවක් ඇගේ දෛවයේ නොතිබෙන්නට තිබිණ. ජීවිතයේ දුක අනෝරාවක්ව මගේ හිස මතට කඩා වැටෙද්දී අසරණ දෑතින් මා ඇගේ හිස වසාගන්නට තැත් කරන අසරණ තාත්තා කෙනෙකි. මේ අනෝරාවෙන් ඇයද පීඩා විඳින බව මම දනිමි. නමුදු කාටත් ජීවත් වන්නට අපහසු මේ නපුරු ආර්ථිකයෙන් මා කියා කුමක් කරන්නද... මේ කටුක යථාර්ථයට නිහඬව මුහුණ දෙන පියවරුන් අප අතර කොතෙක් නම් ඇත්ද..?

"තාත්තේ"
"ඇයි පැටියෝ?"
"මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ"
මම අලුතෙන් ඇවිළී ගියෙමි. ගෙන ආ රුපියල් පන්සියයෙන් ඉතිරිව තිබුණේ හරියටම රුපියල් හතලිහකි. ඇය කඩපලේදී දුටු මිරිවැඩි සඟලක්, බෝනික්කෙක් හෝ වෙනයමක් ඉල්ලුවොත්?

"මොනවද රත්තරං පැටියො..?"
"රටකජු ගොට්ටක්.." ඇගේ මුලු වතම සඳ වතක් සේ පිපී ඇත.

මහ මග නොබලා ඇයව බදාගෙන ලෝකයටම ඇසෙන සේ කෑ ගසා අඬන්නට මට සිතෙයි. අපටත් වඩා මේ කිරි කැටියා අපේ ජීවිත තේරුම් ගෙන ඇතිද..?
උඹ මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න ඕන. මතක තියාගන්න, මේ තාත්තා මැරෙන්න මොහොතක් තියල හරි මගේ රත්තරං පැටියට සතුටින් ඉන්න ලෝකයක් හදල දෙනවා. මං දන්නව ඔය පුංචි පපුව ඇතුලෙ හිර කරගත්තු දුක එදාට මහවැලිය වගේ ගලනවා.

"ඔබහට ලෝකය ඉදිකර දී මිස මට යා නොහැකිය පුංචි පුතුන්" කියා මහගම සේකරයන් ලියා තැබුවේ දරුවන් ළඟ තාත්තලාට දැනෙන ඒ මහා අසරණකම සහ ආදරය නිසා විය යුතුය.

Read More »

එක් මහළු මිනිසෙකුට පුතුන් තිදෙනෙක් හිටියා. මේ පුතුන් තිදෙනා හරිම ආඩම්බරයි. පියා කියන කිසිම දෙයක් අහන්නේ නැ. ඒ විතරක් නෙමෙයි එකිනෙකා සමඟ දවස පුරාම සණ්ඩු කර ගන්නවා. මහලු මිනිසා මේ ගැන හිටියේ හරිම වේදනාවෙන්.

කෙදිනක හෝ තමන් මිය ගිය පසු පුතුන් තිදෙනා අසම්ඟි වී තම තමන්ගේ දේපල විනාශ කර ගනීවියැයි පියාට බය හිතුනා.

ඔහු දිනක් තම පුතුන් තිදෙනා කැඳවා එක සමාන කෝටු මිටි තුනක් රැගෙන එන්නැයි ඔවුන්ට කිව්වා. පුතුන් තිදෙනාත් කෝටු මිටිය බැගින් අරගෙන පියා සමීපයට ගියා. ඉන් පසුව මහලු පියා ඒ කෝටු මිටියෙන් එක් එක් කෝටුව පුතුන් තිදෙනාටම බෙදා දී, එය කඩන්නැයි අණ කලා. පුතුන් තිදෙනාත් කිසිම වෙහෙසක් නැතිව තම තමන්ට ලැබුණ කෝටුව කැබලි වලට කඩා දැම්මා.

Read More »

තරුණ කොලු ගැටයෙක් සැලුන් එකකට පැමිණියෙය. "මේ කොල්ලා තමයි මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩයා. මම ඒක ඔප්පු කරලා පෙන්නන්නම්"යැයි කරණවෑමියා තම පාරිභෝගිකයෙක්ට පැවසීය.

කරණවෑමියා එක් අතකට රුපියල් 5 කාසියකුත් අනෙක් අතට රුපියලේ කාසි 2කුත් ගෙන කොලු ගැටයාට අත් දෙක පෑවේය. "හාදයා,මගේ අත් දෙකෙන් එක අතක තියෙන සල්ලි ඔයාට ගන්න පුලුවන්"

කොලු ගැටයා රුපියලේ කාසි 2 රැගෙන සැලුන් එකෙන් පිට විය.

"මම ඔබට කිව්වා නේද..?? මේ කොලුවා කවදාවත් ඉගෙන ගන්න එකක් නෑ"යි කරණවෑමියා පාරිභෝගිකයාට කීවේය.

හිස කෙස් කපා නිම වී පාරිභෝගිකයා සැලුන් එකෙන් පිට විය. ඔහුට අර කොලු ගැටයාව අයිස් ක්‍රීම් වෙලඳ සැලකදී හමු විය.

"පුතා, මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද..?? ඇයි ඔයා රුපියල් 5 කාසිය ගන්නේ නැතුව රුපියලේ කාසි 2 අරගත්තේ..??"

"මම රුපියල් 5 කාසිය ගත්ත දවසට ඔය සෙල්ලම ඉවර වෙනවා. ඒත් මම හැමදාම රුපියලේ කාසි 2 ගනිද්දි සෙල්ලම කවදාවත් ඉවර වෙන්නේ නෑනේ"යි අයිස් ක්‍රීම් කෝන් එක ලෙවකමින් කොලුවා පිළිතුරු දුන්නේය.
Read More »


එක දවසක්‌ ගොඩක්‌ ලස්‌සන ලංකාවේ කෙල්ලෙක්‌ මෙයගෙන් අහනව office එක තියෙන්නෙ කොහෙද කියල.ඉතින් මේ කොල්ලා එයව එක්‌කගෙන යන්වා..ඊලග දවසෙත් මේ කොල්ලට අර කෙල්ලව meet වෙනවා..කොහොම හරි මේ දෙන්නා ටික දවසකින් හොද යාලුවෝ වෙනවා....

ටික කාලයක්‌ යනවා..මෙ කොල්ලා ඒ කෙල්ල ගැන ආදරයක්‌ හිතෙනවා...එත් කියාගන්න බැ..කොල්ලට බය හිතෙනවා ආදරෙයි කියන්න ගිහින් යලුකමත් නැති වෙයි කියලා..ගොඩ කාලයක්‌ මේ විදිහට ඉන්නවා..කොල්ලා හැමදාමත් ආදරෙයි කියන්නම් කියල හිටියට කවදාවත් කියගන්න බැරි වෙනවා..

කාලයත් එක්‌ක කෙල්ල එ රටේ කොල්ලෙක්‌ එක්‌ක යාලු වෙනවා..University එකෙදි මේ දෙන්නා එකට ඉදලා කෙල්ල හැමදාම හවසට අර කොල්ලව හම්බ වෙන්න යනවා..(හැමොම දන්නවනේ එ රටවල් වල සංස්‌කෘතිය)

මේයාලට University එකෙන් දෙන වැඩ කරන්නේ ලංකාවෙ කොල්ලා..අර කෙල්ල මෙයාට එ වැඩ කරන්න දිලා කොල්ලත් එක්‌ක රවුන් ගහනවා... මොන දේ කරත් ලංකාවේ කොල්ලට මේ කෙල්ලව අමතක කරන්න බැ..

දවසක්‌ මේ කොල්ලා අර කෙල්ලගෙ පස්‌සෙන් යනවා..කෙල්ල යන්නේ කොල්ලගෙ ගෙදරට.ටික වෙලාවකින් ගෙ අස්‌සෙන් රන්ඩුවක්‌ ඇහෙනවා..මෙ කොල්ලා ගේ ඇතුලට යනවා...ඇයි කියලා අහනවා..අර කෙල්ල මෙ කොල්ලට බැනලා කියනවා ඔය අපේ ප්‍රශ්න වලට ඇගිලි ගහන්න එපා කියලා...

ටික දවසකින් මේ කොල්ලා අර කෙල්ලට කියනවා මම ඔයට ආදරෙයි කියලා.. කෙල්ලට හොදටම කෙන්ති යනවා...හැමොම ඉස්‌සරහා කොල්ලට මෙහෙම කියනවා...''බලනවා තමුසෙගෙ හැටි..මම වගේ කෙල්ලෙක්‌ තමුසෙට ගැලපෙනවද..? ගිහින් හොයගන්නව තමුසෙට ගැලපෙන කෙල්ලෙක්‌ කියලා''

කොල්ලා එදා සද්ද නැතුව කාමරෙට යනවා..එත් දවස්‌ ගානක්‌ යනකම් කවුරුත් එයාව දකින්නේ නැ..මේ කොල්ලගෙ යාලුවෙක්‌ දවසක්‌ කාමරේට යනවා..යනකොට කොල්ල බිම ඉදගෙන කල්පන කර කර ඉන්නවා..මේ කොල්ලට ගොඩක්‌ ආමරුයි..දවස්‌ ගානකින් කාලා නැ..යලුවා මෙයාව hospital අරගෙන යනව..ටික දවසකින් මෙයාට හොද වෙනවා..එත් අර කෙල්ලව අමතක කරන්න බැ..දවසක්‌ මෙයාට ලංකාවෙන් ගියා හාමුදුරු කෙනෙක්‌ හම්බ වෙනවා...මේ හැමදේම හාමුදුරුවන්ට කියනාවා..ටික කාලයක්‌ මේයා බාවනා කරලා මෙයගෙ හිත හාදාගන්නවා..මේ කාලේ අර කෙල්ල සුද්දව බැදලා...මෙයා හොදට ඉගෙන ගන්නව..ටික කාලයයකින් මෙයා එ රටේ සමාගමක්‌ පටන් ගන්නවා..දැන් මෙයාට හොදට සල්ලි තියෙනවා..

දවසක්‌ අර කෙල්ල රස්‌සාවක්‌ හොයගෙන මෙයගේ සමාගමට එනවා..එත් එ සමගමෙන් මෙයව ගන්නේ නැ සුදුසුකම් මදි නිසා..එත් මෙ කොල්ල මෙයාව දකිනවා...මෙයා ටිකක්‌ එ කෙල්ල ගැන හොයනවා..හොයලා බලනකොට අර සුද්දා මෙ කෙල්ලව දාලාගිහින්..මේ කෙල්ලට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා..

මේ කෙල්ලට ටික දවසකින් හොද රස්‌සාවක්‌ ලැබෙනවා..ඉන්න හොද තැනක්‌ වාහනයක්‌ හිටන් හම්බ වෙනවා...එත් එ කෙල්ල දන්නෙ නැ සුදුසුකම් නැතත් මේ තරම් හොද රස්‌සාවක්‌ ලැබුනේ කොහොමද කියලා..එ කොහොමද දන්නවද මේ හැමදෙම දිලා තියෙන්නෙ අර කොල්ලා. එත් එ කෙල්ල අද වෙනකම් දන්නේ නැ මේ හැමදේම දුන්නේ මේ කොල්ලා කියලා
Read More »

දිනුක – ”මතකද සමන් ! අපි දෙන්න ඉස්කෝලෙ යන කාලේ රණ්ඩු උනා ලොකු උනාම
කවුද ලොකුම ලොක්ක වෙන්නේ කියලා.. ”
සමන් – ” ඔව් දිනුක , එදා මම ඔයාත් එක්ක රන්ඩු උනා ඒක කරන්නේ මමයි
කියලා.ඔයා පන්තියේ අන්තිම වෙනකොට මම ඔයාට නෝන්ඩි දැම්මා.ඒ පොඩි
කාලේ නිසා දිනුක”
දිනුක – ” මම ඔයා එක්ක කේන්තියෙන් හිටියේ පොඩිකාලේ..ඔයා මට හැමදාම නෝන්ඩි
දාපු නිසා.ඔයා හොදට ඉගනගෙන කොලඹ ඉස්කෝලේ ආවා.ඔයා ගියාට
පස්සේ මගේ ජීවිතේ වෙනස් උනා.මගේ තාත්තා නැති උනා.පවුල රකින්න වෙන
විදියක් තිබ්‍බේ නෑ.අම්මයි අක්කල දෙන්නයි නංගිවයි රකින්න මම යුධ
හමුදාවට බැදුනා”
සමන් – ” ඔවු මම හොයල බැලුවා ! එතකොට ඔයා ආර්මි එකට ගිහින් කියලා දැනගන්න
ලැබුනා . එදා මට තේරුනා ඔයා ගොඩක් ලොකු පරිත්‍යාගයක් කරලා
තියෙන්නේ කියලා ”
දිනුක – ” මම මුලතිව් සටනට කෙලින්ම සම්බන්ධ උනේ මගෙ මොරාල් එක එදා ඉදන්ම
ඔළුවේ ලොකුවට තිබුන නිසා..ඒත් මාව බෝම්බයකට අහුවෙලා මගේ කකුල
නැති වෙවි කියල ලොකුවට හිතේ තිබ්බේ නෑ..රට වෙනුවෙන් ජීවිතය හරි පූජා
කරන්නයි මම හිතාගන හිටියේ.”
සමන් – ” ඔහොම කියන්න එපා දිනුක !! මගේ හිත වාවන්නේ නෑ.. රට වෙනුවෙන්
තමන්ගේ ශරීරයෙන් බාගයක් පූජා කරපු ඔයාගේ වෛද්‍යවරයා වෙන්න
ලැබුනු එක මම කරපු ලොකු පිනක්”
දිනුක – ” මටත් එහෙමයි කවදාවත් හිතුවේ නැති විදියට ඔයයි මායි ආයෙත් හමු උනා.
ඉස්සර ව‍ගේ නෙවේ රටට වැඩක් කරන ලොකු මිනුස්සු දෙන්නෙක් විදියට”
සමන් – ” නෑ දිනුක!! මම වෛද්‍යවරයෙක් උනාට ඔයාලා අපිට ඉන්න රටක් බේරලා
දුන්නා.මට වඩා ඔයා රටට ලොකු සේවයක් කරල තියනවා.අපේ රට බේරුනේ
ඔයාලා වගේ රත්තරං කොල්ලෝ තමන්ගේ ජීවිත පූජකරල රට වෙනුවෙන්
කැප උන නිසා .. ඔයයි ලොකුම ලොක්කා ! ”
රණවිරුවාගේ දෑසින් සතුටු කදුලු කැට කඩා වැටෙන්නට විය..රට වෙනුවෙන් පූජා කල කකුල වෙනුවට දැමූ යකඩ කකුල අත ගාමින් තම රෝද පුටුවත් පදවාගන කොරිඩෝව දිගේ සිනහ මුසු ආඩම්බර ලීලාවෙන් ඉදිරියට ඇදී නොපෙනී ගියේය.වෛද්‍යවරයා හිතේ පුරවාගත් සොයුරු පෙමකින් ඔහු දෙස බලා සිටියේය !!

Read More »


රාත්‍රී කෑම පිළියෙල කරමින් සිටි තම මව වෙත පැමිණි පුංචි පුතු, ඔහු සවස් වරුව පුරා ලියූ පොත් පිටුවක් රැගෙන විත් එය කියවා බලන්නැයි මවට ඇවිටිලි කරන්නට වුනා. තම අත් පිසදා ගත් ඇය එය රැගෙන කියවන්නට වුනා.


1.තණකොල කැපීමට - ඍි.100

2.සතිය පුරාවටම මගේ කාමරය පිරිසිදු කිරීමට - රු.200

3.කියූ වේලාවල් වලට කඩේට යෑමට - රු.250

4.ගෙදර කිසිවකු නොමැති වේලාවලදී නංඟිව බලා ගැනීමට - රු.300

5.මෙවර වාර විභාගයට හොඳ ලකුණු ගැනීමට - රු.250

6.වත්ත සුද්ද කිරීමට - රු.500

ගෙවීමට ඇති මුළු වටිණාකම } රු.1600


තම පුංචි පුතු දෙස මොහොතක් සිනා මුහුණින් බලා සිටි ඇය එම පොත් පිටුවෙහි අනිත් පස පෙරළා, ලියන්නට වුනා. මිනිත්තු කිහිපයකින් එය ලියා අවසන් කර තම පුංචි පුතු අත එය තබා කියවා බලන්නැයි ඇය පැවසුවා. එහි මෙසේ සටහන්ව තිබුණා.


1.මාස 9ක් පුරා ඔයා මගේ ඇඟ ඇතුලේ වැඩෙද්දී ඔයාව දරාගෙන සිටීම - නොමිළේ

2.වසර 2ක් පුරාවටම ලේ කිරි කරලා පොවලා ඔයාව ජීවත් කරවීම - නොමිළේ

3.ඔයා ලෙඩ වෙලා සිටි හැම රැයකම නිදි මරමින් ඔයාව බලාගැනීම, ඔයාට වෙලාවට ඛෙහෙත් ටික පෙවීම - නොමිළේ

4.ඔයාගේ කැතකුණු අතගා, ඔයාව පිරිසිදු කිරීම - නොමිළේ

5.ඔයා ලෙඩ වුනාම, තුවාල කරගත්තම මම අඬපු හැම කඳුලු බිංදුවක්ම - නොමිළේ

6.ඔයාට හොඳම සෙල්ලම් බඩු අරන් දීලා, ඔයාට ලස්සනම ඇඳුම් අරන් දීලා ඔයාව කුමාරයෙක් වගේ තියාගැනීම - නොමිළේ

ඉතිං මගේ රත්තරං පුතේ මේ ඔක්කෝම එකතු කරාම ඔයාට ගෙවීමට ඇති මුළු වටිණාකම සම්පූර්ණයෙන්ම නොමිළේ...

පුංචි පුතාගේ පොත් පිටුව එයාගේ ඇස් වලින් වැටුණු කඳුලු බිංදු වලින් බොඳ වෙලා යද්දී පුතා එයාගේ ගෙවීමට ඇති මුළු වටිණාකම කියන තැන මෙහෙම ලියුවා.


~~සම්පුර්ණයෙන් ගෙවා අවසන් කරන ලදී~~

''All that I am, or hope to be, I owe to my angel MOTHER

http://www.youtube.com/watch?v=hUoHm-nzgeU


Read More »

මෙම ගස තමන් අවට දිනපතා සෙල්ලම් කරන කුඩා දරැවකුට ඉතාමත් ආදරය කලා..
මොහු ගසෙහි මුදුනටම නගිනවා...
ගස් අතු උඩ ඉදගෙන ඇපල් කනවා...
ගසෙහි සෙවනේ මද නින්දෙන් කාලය ගත කරනවා...
මොහු ගසට ඉතා ආදරය කරනවා...ගස එයින් ඉතාමත් ප්රීතිනට පත් වෙනවා...
Read More »


නිවස පුරා පැතිර තිබුනේ පාළු මූසල බවක්.මවගේ කෙදිරිලි හඩින් නිවසේ පැවති නිශ්ශබ්දතාවය බිදී ගියා. ඒ හඩට සවන් යොමා සිටි පුංචි සැලී ඇගේ පියා කලබලයෙන් නිවස පුරා ඇවිද යන ආකාරය බලා සිටියේ සංවේගයෙන්. විටක මව සිටි කාමරයට ඇතුල් වී මවගේ හිස අත ගෑ ඔහු තවත් විටක නිවස ඉදිරියට විත් මාවතේ ඈත කෙලවර දෙස බලා සිටියේ නොයිවසිල්ලෙන.

"තාත්තේ..."
හෙමින් හෙමින් පියා අසලට ඇදුනු සැලී ඇගේ හඩ අවදි කලා
"ඇම්බියුලන්ස් එක තවම නැත්තේ ඇයි?"

"දැන් ලගම එනවා ඇති දුවේ" යැයි සැලීට පිලිතුරු දුන් පියා ඇයව තම තුරුලට ගත්තා.

"දුවට බයයිද? බය වෙන්න එපා දුවේ...මම ඉන්නවානේ"යැයි පියා පැවසුවේ පුංචි සැලීගේ සිතේ කැකෑරෙන බිය සහ ශෝකය ඔහුට දැනුනු නිසාවෙන්.

මද වේලාවකින් හඩ නංවමින් පැමිනි ගිලන් රථයක් නිවස අසල නැවැත්වූ අතර ඉන් බැස ගත් වෛද්‍යවරියක් සහ හෙදියන් දෙදෙනෙක් හනික නිවස තුලට පැමිනියා.ඔවුන් සුව පහසු අසුනක මවව හිදවා ඇයව ගිලන් රථය වෙත රැගෙන යන ආකාරය කදුළු පුරවා ගත් දෙනෙතින් යුතුව සැලී බලා සිටියා.
පියා වෙත සෙමින් සෙමින් ලං වූ ඇය ඔහුගෙන් මෙසේ ඇසුවා,

"තාත්තේ...අම්මා මැරෙයිද?"

පුංචි සැලී දෙස ආදර”යව බැලූ පියා ඇයට පිලිතුරු දුන්නා

ලනෑ දුවේ අම්මාට මොකුත්ම වෙන්නේ නෑ...තව ටික දවසකින් දුවට මල්ලි පැටියෙකුත් අරගෙන අම්මා ගෙදර ඒවිල

සැලීගේ දෙනෙත් විශාල වුනා...මුහුන ආලෝකවත් උනා...ඇගේ මුව පුරා ඇදී ගියේ සුන් දර සිනහවක්...

දින කිහිපයක් ගෙවී ගියා.මව යලිත් නිවසට පැමිනියා,ඇය පැමිනියේ තනිවම නොවේ, සැලීට පුංචි හුරුබුහුටි මල්ලියෙකුත් සමගයි. ඔහුට ජෝජ් යැයි නමක් යෝජනා කලේ සැලීමයි.

කාලය ගෙවී ගියා,දැන් සැලීට වයස අවුරුදු 8ක්. දිනක් ඇගේ මව සහ පියා ඇයගේ පුංචි සොහොයුරා ජෝජ් පිලිබදව කල කතාවක් ඇයට ඇසුනා.ඔහු මාරාන්තික අසනීපයකින් පසුවන බවත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කල හැකි සියල්ල තම මව සහ පියා කර ඇති බවත් සැලීගේ පුංචි මොළයට වැටහුනා.වෛද්‍යවරුන්ට අනූව ඉතා විශාල මුදලක් වැය වන ශල්‍යකර්මයකින් කුඩා ජෝජ්ගේ දිවි බේරා ගැනීමට හැකි වන නමුත් එවැනි විශාල මුදලක් දැරීමට සැලීගේ මවට සහ පියාට හැකියාවක් නැහැ.

ලදැන් ඉතින් පුතාව බේරගන්න වෙන්නේ හාස්කමකින් විතරයිල පියා දුක්මුසු හඩින් මව සමග පවසන අයුරු සැලීට ඇසුනා.

ලහාස්කමක්? ඒවා කොහේද තියෙන්නේ?ල සැලීට ප්‍රශ්ණයක්.

හනික තම නිදන කාමරයට දිව ගිය සැලී සගවා තිබූ තැනින් තමන්ගේ කැටය අතට ගත් අතර හනික එය බිද දැමූ ඇය එහි තිබූ මුදල් ගණන් කිරීමට පටන් ගත්තා.කුඩා වියේ සිටම මව සහ පියා ලබා දුන් මුදල් ඉතිරිකිරීමට හුරු වී සිටි නිසා ඇගේ කැටයේ සෑහෙන ප්‍රමානයක මුදලක් ඉතිරි වී තිබුනා. කැටයේ පිරී තිබූ මුදල් තෙවරක්ම ගැන බැලූ සැලී අවසානයේ ඒවා රැගෙන නිවස අසල තිබුනු ඖෂධ සැල වෙත ගියා.

ඖෂධ සැලට ඇතුල් වූ සැලී ඖෂධ සැලේ සේවකයෙකුගේ අවධානය ඇය වෙත යොමු වන තෙක් බලා සිටියත් කාර්යබහුලව සිටි ඔවුන් කිසිවෙකුගේ අවධානය ඇය වෙත යොමු වුනේ නෑ .අවසානයේ තම පසුම්බියෙන් කාසියක් අතට ගත් ඇය එයින් මේසයට තට්ටු කල අතර එය ඇසුනු මුදල් අයකැමි කාන්තාව පුංචි සැලී දෙස නොරිස්සුම් සහගත බැල්මක් හෙලුවා.

මොකද?
මම ආවේ මගේ මල්ලී ගැන කතා කරන්න...ල සැලී සිහින් හඩින් පිලිතුරු දුන්නා,

ලඑයාට තවම වයස අවුරුදු දෙකයි...එයා ගොඩක් ලෙඩින්...මට එයාව හොද කරන්න හාස්කමක් ගන්න ඕනෙ...ඇන්ටිලා ලග හාස්කම් තියනවද?ල

මුදල් අයකැමි කාන්තාව තුෂ්නිම් භූත වුනා.

මොකද්ද දරුවෝ කිව්වේ..මට තේරුනේ නෑල ඇය යලිත් විමසුවා.

තාත්තා කිව්වා මගේ මල්ලීව හොද කරන්න පුලුවන් හාස්කමකට විතරයි කියලා...මට මල්ලිව හොද කරගන්න ඕනේ..අනේ ඇන්ටි හාස්කමක් කීයද?

සැලී හැඩුම්බරව ඇසුවා.

අපි ලග හාස්කම් විකුනන්න නෑ දරුවෝ...ලමුදල් අයකැමි කාන්තාව සෙමින් පැවසුවත් සැලී පරාජය බාර ගත්තේ නෑ.

අනේ ඇන්ටි මගේ ලග සල්ලී තියනවා...මම සල්ලි දෙන්නම්...ල

මෙවිට පිලිවෙලට හැද පැලද ගත් මහළු මිනිසෙක් සැලී අසලට පැමිනියා,

ඔයාගේ මල්ලිට මොන වගේ හාස්කමක්ද ඕනේ දරුවෝල? ඔහු කරුණාවන්ත හඩකින් සැලීගෙන් විමසුවා.

මම දන්නේ නෑ අංකල්ල සැලීගේ දෙනෙතින් කදුලු ගලා ගියා.

මගෙ මල්ලිට ගොඩක් අසනීපයි...එයාව හොද කරන්න ඔපරේෂන් එකක් කරන්න ඕනෙලු...ඒත් මගේ අම්මටයි තාත්තටයි එච්චර සල්ලි නෑ...ඒ නිසා මගේ ලග තිබුනු සල්ලි අරගෙන මම ආවා හාස්කමක් ගන්නල
ඉතින් පුතා ලග සල්ලි කොච්චර තියනවදල?ඔහු ඇසුවා.
ඩොලර් එකයි සත එකොලහක් තියනවා අංකල්ල සැලී ආඩම්බරයෙන් පිලිතුරු දුන්නා.
හරි පුදුමයිල සිනා සෙන ගමන් මහලු මිනිසා පැවසුවා,

මල්ලි කෙනෙක්ව බේරගන්න තියන හාස්කමේ ගාණ හරියටම ඩොලර් එකයි සත එකොලහයිල

එක් අතකින් දැරියගේ අත තිබූ මුදල් ගත් ඔහ් අනෙම් අතින් දැරියගේ අතක් අල්ලා ගත්තා,

මාව දුවගේ ගෙදරට එක්ක යන්නකෝ එහෙනම්...මට දුවගේ මල්ලිව බලන්න ඕනේ... දුවගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්නත් ඕනේල

ඔහු පැවසුවා.

ඒ මහලු මිනිසා වෛද්‍ය කාල්ටන් ආම්ස්ට්‍රෝන් වූ අතර ඔහු ඉතා දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස එකල පිලි ගැනුනා.

ඔහු කුඩා ජෝජ්ගේ ශල්‍යකර්මය බාර ගත් අතර ඔහු එය සිදු කලේ කිසිදු ගාස්තුවකින් තොරවයි. ශල්‍යකර්මය සාර්ථක වූ අතර කුඩා ජෝජ් ඉතා ඉක්මනින් සුවය ලැබුවා.

නිවසට පැමින කෙලිදෙලෙන් පසු වූ ජෝජ් දෙස බැලූ මව පියාට මෙසේ මිමිනුවා

මට නම් මේ ඔපරේෂන් එක ගැන හිතා ගන්නවත් බෑ...මේක හාස්කමක් වගේ...ඇත්තටම මේකට කීයක් යන්න ඇතිද?ල

සැලී තනිවම සිනා සුනා...ඇය දැන සිටියා හාස්කමක මිල...එය ඩොලර් එකයි ශත එකොලහක්,නමුත් එයට සහෝදරියකගේ ආදරයත් විශ්වාසයත් එකතු විය යුතුයි.

Tess was a precocious eight year old when she heard her Mom and Dad talking about her little brother, Andrew. All she knew was that he was very sick and they were completely out of money. They were moving to an apartment complex next month because Daddy didn’t have the money for the doctor bills and our house. Only a very costly surgery could save him now and it was looking like there was no-one to loan them the money. She heard Daddy say to her tearful Mother with whispered desperation, “Only a miracle can save him now.”

Tess went to her bedroom and pulled a glass jelly jar from its hiding place in the closet. She poured all the change out on the floor and counted it carefully. Three times, even. The total had to be exactly perfect. No chance here for mistakes. Carefully placing the coins back in the jar and twisting on the cap, she slipped out the back door and made her way 6 blocks to Rexall’s Drug Store with the big red Indian Chief sign above the door. She waited patiently for the pharmacist to give her some attention but he was too busy at this moment. Tess twisted her feet to make a scuffing noise. Nothing. She cleared her throat with the most disgusting sound she could muster. No good.

Finally she took a quarter from her jar and banged it on the glass counter. That did it!
“And what do you want?” the pharmacist asked in an annoyed tone of voice. “I’m talking to my brother from Chicago whom I haven’t seen in ages,” he said without waiting for a reply to his question.
“Well, I want to talk to you about my brother,” Tess answered back in the same annoyed tone. “He’s really, really sick… and I want to buy a miracle.”
“I beg your pardon?” said the pharmacist.
“His name is Andrew and he has something bad growing inside his head and my Daddy says only a miracle can save him now. So how much does a miracle cost?”
“We don’t sell miracles here, little girl. I’m sorry but I can’t help you,” the pharmacist said, softening a little. “Listen, I have the money to pay for it. If it isn’t enough, I will get the rest. Just tell me how much it costs.”
The pharmacist’s brother was a well dressed man. He stooped down and asked the little girl, “What kind of a miracle does you brother need?”

“I don’t know,” Tess replied with her eyes welling up. “I just know he’s really sick and Mommy says he needs an operation. But my Daddy can’t pay for it, so I want to use my money.”
“How much do you have?” asked the man from Chicago. “One dollar and eleven cents,” Tess answered barely audibly. “And it’s all the money I have, but I can get some more if I need to.
“Well, what a coincidence,” smiled the man. “A dollar and eleven cents – the exact price of a miracle for little brothers.” He took her money in one hand and with the other hand he grasped her mitten and said, “Take me to where you live. I want to see your brother and meet your parents. Let’s see if I have the kind of miracle you need.”

That well dressed man was Dr. Carlton Armstrong, a surgeon, specialising in neuro-surgery. The operation was completed without charge and it wasn’t long until Andrew was home again and doing well. Mom and Dad were happily talking about the chain of events that had led them to this place.
“That surgery,” her Mom whispered. “was a real miracle. I wonder how much it would have cost?”
Tess smiled. She knew exactly how much a miracle cost… one dollar and eleven cents … plus the faith of a little child.





Read More »

මෙය කලකට ඉහතදී ගුවන් යානයක සිදු වූ සිද්ධියකි.

ගුවන් යානය ගුවන් ගත වීමට ඇත්තේ සුළු මොහොතකි. මගීන් තමන්ට නියමිත ආසන වල අසුන් ගනිමින් සිටියෝය. වයස අවුරුදු 50ක් පමන වන සුදු ජාතික කාන්තාවක් තමන් අසුන් ගැනීමට නියමිත අසුන වෙත පැමිනියාය. ඇය දුටුවේ තමන් ගේ අසුනට යාබද අසුනේ අසුන් ගෙන සිටින කළු ජාතිකයෙකි. ඔහු දුටු ඇය කෝපයෙන් වියරු වැටුනු ආකාරයක් දිස් වුනු අතර ඇය මදක් ශබ්ද නගා ගුවන් සේවිකාවකට කතා කලාය.

"ඇයි මැඩම් මොකද්ද ප්‍රශ්ණය?" ගුවන් සේවිකාව අචාරශීලීව ඇගෙන් විමසීය.

"ප්‍රශ්ණය? ඇයි පේන්නේ නැද්ද? මට දීලා තියෙන්නේ කළු මිනිහෙක් ලග Seat එකක්, මට මේ Seat එකේ වාඩි වෙන්න බෑ, මට වෙන එකක් දෙන්න පුලුවනිද?" සුදු කාන්තාව කෝපයෙන් විමසීය.

"තරහා ගන්න එපා මැඩම් අද නම් අපේ ඔක්කොම Seats Full ඒත් මම තව පාරක් Check කරන්නම්" පැවසූ ගුවන් සේවිකාව නික්ම ගිය අතර මිනිත්තු කිහිපයකින් නැවතත් පැමිනියාය.

"මැඩම් මම කලින් කිව්වා වගේ අද Economy Class Empty Seats එකක්වත් නෑ, මම Captain එක්කත් Check කලා First Class Empty Seats විතරයි තියෙන්නේ"

සුදු කාන්තාව යමක් පැවසීමට සැරසුනු නමුත් ගුවන් සේවිකාව දිගටම කතා කලාය.

"අපේ Company Rules වලට අනූව සාමාන්‍යයෙන් අපි Economy Class එකේ ගමන් කරන මගියෙක් First Class එකට මාරු කරන්නේ නම් නෑ, ඒත් තමන්ට අප්‍රිය කෙනෙක් ලග ගමන් කරන එක මගියෙක්ට අප්‍රසන්න අත්දැකීමක් නිසා අපි තීරණය කලා නීතියට පිටින් වැඩ කරන්න"

මේ ඇසූ සුදු කාන්තාව මද සිනාවක් පා තම ගමන් මළු රැගෙන පලමු පන්තිය දක්වා යාමට සැරසුනි.

මෙවිට අසරණව සිද්ධිය දෙස බලා සිටි කළු ජාතික මගියා දෙස බැලූ ගුවන් සේවිකාව "ඒ නිසා සර් අපි සර්ට පලමු පන්තියේ ආසනයක් වෙන් කලා, එන්න මම සර්ට ආසනය පෙන්වන්නම්" යැයි පැවසුවාය.

මේ ජුගුප්සාජනක සිද්ධිය දෙස තුෂ්නිම් භූතව බලා සිටි අසල සිටි මගීන් සියලු දෙනා අත්පොලසන් දෙන්නට විය. සුදු ජාතික කාන්තාව කරකියා ගන්නට දෙයක් නොමැතිව අසරණ විය.

ඔබත් වර්ගවාදයට එරෙහි නම් මෙය SHARE කරන්න.

ඔබේ අදහස් Comment කරන්න Click here >>> Share on Facebook
Read More »

දිනක් වෛද්‍යවරයෙක් වේගයෙන් රෝහල වෙත තම රථය නවතා දිව ආවේ ඔහුට රෝහලෙන් හදිසි ශල්‍යකර්මයක් සිදු කිරීමට ඔහු අත්‍යාවශ්‍ය බව දැනුම් දුන් බැවිනි. වහාම ශල්‍යාගාරය සඳහා අඳින ඇදුම් වලින් සැකසුනු ඔහු ශල්‍යාගාරය වෙත දිව එද්දී සැත්කමට මුහුණ දීමට සිටි දරුවාගේ පියා ඔහුට කොරිඩෝවේදී හමුවෙනවා.

''පුදුම මිනිස්සු නේද, කිසිම වගකීමක් නෑ. හදිසි වෙලාවකදි ඉක්මනට එන්න ඔබතුමාල සේවයට බැඳිලා ඉන්නවා නේද? දන්නවද, මගේ පුතා ශල්‍යාගාරය ඇතුලේ ජීවිතයයි මරණයයි අතර සටනක.''

''මට සමාවෙන්න, මම රෝහලෙන් බැහැරව සිටි නිසයි පැමිණීමට ප්‍රමාද වුනේ. ඔය මහත්මයා දැන් ඉවසීමෙන් මට අවසර දෙනවද ශල්‍යාගාරයට යන්න.''

''ඉවසන්න, ඉවසන්න... ඔබතුමා නම් කියාවි. මගේ පුතයි අරක ඇතුලේ මැරෙන්න යන්නේ, ඔබතුමාගේ පුතා නෙවෙයිනේ.''

''මහත්මයගෙ තරහ මට තේරුම්ගන්න පුළුවන්. ඒත් ඔහොම කෝප අරගෙන වැඩ කරන්න බෑ නේද? දැන් තවත් ප්‍රමාද නොකර කරුණාකරල මට යන්න ඉඩ දෙනවද? මම පොරොන්ඳු වෙනවා මට හැකි උපරිමය කරලා ඔබේ පුතාව බේරල දෙන්න. ''

''අවවාද දෙන්න නම් ලේසියි, මොකද තමුන් නෙවෙයිනේ මෙතන දුක් වෙන්නේ. දරු දුකක් තේරෙනවා නම් ඔහොම වැඩ කරන්නේ නෑ ඔබ තුමන්ලා''

කෙසෝ හෝ ඔහුගෙන් මිදී පැය 2ක පමණ සාර්ථක ශල්‍යකර්මයකින් පසුව නැවත වේගයෙන් ශල්‍යාගාරයෙන් ඉවතට පැමිණෙන වෛද්‍යවරයා '' ඔබේ පුතා වාසනාවන්තයි, අපේ සැත්කම සාර්ථකයි'' යනුවෙන් පවසමින් වේගයෙන් එතැනින් පිටව යන්නට වුනා.

තමුන් ස්තූතියි පවසන තුරු හෝ නොසිට මෙසේ වේගයෙන් පිටව යන වෛද්‍යවරයා ගැන ඔහු හෙදියකගෙන් විමසනවා.

''මට මගේ දරුවා ගැන තව ටිකක් දැන ගන්නකම් වත් ඉන්න බැරි තරම් අර දොස්තරයට වැඩ රාජකාරිද. මහ නපුරු උද්දච්ච මිනිස්සු. කොහෙද ඇත්තටම අර මනුස්සයා අර දුවන්නේ?''

''හ්ම්ම්... ඔයාගේ පුතාගේ පණ බේරලා දීලා එතුමා ඒ දුවන්නේ තමන් ගේ දරුවගේ අවසන් කටයුතු කරන ස්ථානයට. මීට දින 2ට කලින් වුනු හදිසි අනතුරකින් ඔහුගේ එකම දරුවා මියගියා''

(කිසිවෙකු පිළිබද විනිශ්චයකට එන්න ඉක්මන් වෙන්න එපා.... මන්ද ඔවුන් සිටින තත්ත්වය පිළිබදව ඔබ නොදන්නා බැවින්.)


A doctor entered the hospital in hurry after being called in for an urgent surgery. He answered the call asap, changed his clothes & went directly to the surgery block. He found the boy's father pacing in the hall waiting for the doctor. On seeing him, the dad yelled:
"Why did U take all this time to come? Don't U know that my son's life is in danger? Don't U have any sense of responsibility?"

The doctor smiled & said:
"I am sorry, I wasn't in the hospital & I came as fast as I could after receiving the call...... And now, I wish you'd calm down so that I can do my work"

"Calm down?! What if your son was in this room right now, would U calm down? If your own son dies now what will U do??" said the father angrily

The doctor smiled again & replied: "I will say what Job said in the Holy Book "From dust we came & to dust we return, blessed be the name of God". Doctors cannot prolong lives. Go & intercede for your son, we will do our best by God's grace"

"Giving advises when we're not concerned is so easy" Murmured the father.

The surgery took some hours after which the doctor went out happy,
"Thank goodness!, your son is saved!" And without waiting for the father's reply he carried on his way running. "If U have any question, ask the nurse!!"

"Why is he so arrogant? He couldn't wait some minutes so that I ask about my son's state" Commented the father when seeing the nurse minutes after the doctor left.

The nurse answered, tears coming down her face: "His son died yesterday in a road accident, he was in the burial when we called him for your son's surgery. And now that he saved your son's life, he left running to finish his son's burial."

Moral-Never judge anyone..... because U never know how their life is & what they're going through"



Read More »

සීතල ජනවාරි මාසයක උදෑසනක වොෂින්ටන්හි කාර්යබහුල දුම්රිය ස්ථානයකට පැමිනි මිනිසෙකු එහි පසෙකට වී තම වයලීනය පිටතට ගෙන එය වාදනය කිරීමට පටන් ගත්තේය. ඔහු විණාඩි 45ක් පුරාවට තම වාදනය නොනවත්වා කලේය . එම විණාඩි 45ක කාලය තුල ආසන්න වශයෙන් 1100කට වැඩි මිනිසුන් ප්‍රමානයක් ඔහුව පසු කරගෙන ගියෝය,ඔවුන් බොහෝ දෙනෙක් තම සේවා ස්ථානය බලා ගමන් කරන කාර් ය බහුල මිනිසුන් වූහ . 

වාදකයා තම වාදනය ආරම්භ කර මිනිත්තු 3ක් පමන ගත වන විට මැදි වියේ මිනිසෙකු ඔහු අසල නතර වූ අතර තත්පර කිහිපයක් වාදකයාගේ වයලීන වාදනය අසා සිටි ඔහු යලිත් තම දුම්රිය බලා ලහි ලහියේ පිටත් විය . 

වාදකයා වාදනය ආරම්භ කර මිනිත්තු පහකින් පමන ඔහුට ප්‍රථම ආධාරය ලැබුනි. තරුණ කාන්තාවක් එය ලබා දුන් අතර ඇය නොනැවතී ඔහු වෙත ආධාර මුදල විසි කර තම සේවා ස්ථානය බලා යාමට දුම්රිය ස්ථානයෙන් පිට විය . 

තව මොහොතකින් වාදකයා අසල වූ බිත්තියට අයෙක් හේත්තු වූයේ වාදනය ශ්‍රවනය කිරීමට වූවත් මොහොතකින් තම ඔරලෝසුව දෙස බැලූ ඔහු කඩි මුඩියේ දුම්රිය ස්ථානයෙන් පිට විය. 

වාදකයාගේ වාදනයට වැඩිම අවධානයක් යොමු කලේ තුන් හැවිරිදි පිරිමි දරුවෙකි . මව ඔහුට තරවටු කල නමුත් වාදකයා අසල නැවතී ඔහුගේ වාදනය අසා සිටීමට කුඩා පිරිමි දරුවා අමතක කලේ නැත . අවසානයේ මව දරුවාගේ අතින් අල්ලා ඔහුව ඇද්ද අතර ඔහු වාදකයාව නොපෙනී යන තුරුම හිස හරවා වාදකයා දෙස බැලීමට අමතක කලේ නැත . කුඩා දරු දැරියන් බොහෝ දෙනෙකුගේම හැසිරීම මේ ආකාරයම ගත් නමුත් ඔවුන්ගේ මවුවරුන් සහ පියවරුන් ඔවුන්ට නොනැවතී ගමන් කිරීමට බල කලහ . 

වාදකයා වයලීනය වාදනය කල මිනිත්තු 45ක කාලය තුලදී පුද්ගලයන් හය දෙනෙකු ඔහු අසල මොහොතක් නැවතී වාදනයට සවන් දුන් අතර පුද්ගලයන් විසි දෙනෙකු පමන ඔහුට මුදල් ආධාර ලබා දුන්හ . වාදකයා ඉපැයූ මුලු මුදල ඩොලර් 32ක් විය . අවසානයේ වාදකයා වාදනය නතර කලේය,ඔහු වටා නිශ්ශබ්දතාවයක් පැතුරුනි,කිසිවෙකුට එහි වගක් නොවීය, කිසිවෙකු අත්පොලසන් දුන්නේ නැත . 

කිසිවෙකු නොදැන සිටි මුත් ඒ වාදකයා අන් කිසිවෙකු නොව වර්තමානයේ ලොව සිටින දක්‍ෂතම වයලීන වාදකයෙකු වන ජොෂුවා බෙල්‍ ය(joshua bell) . ඔහු වාදනය කලේ මෙතෙක් ලොව නිර්මාණය කර ඇති සංකීර්ණතම සංගීත ඛණ්ඩයකි. ඔහු ඒ සදහා භාවිතා කලේ ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක් වටිනා වයලීනයකි . 

දුම්රිය ස්ථානයේ වාදනය කිරීමට දින දෙකකට පෙර ඔහු එම සංගීත ඛණ්ඩයම බොස්ටන්හි රංග ශාලාවක වාදනය කල අතර එහිදී එක් ආසනයක මිල ඇමරිකානු ඩොලර් 100කට ආසන්න විය. .

ඇත්ත වශයෙන්ම ඔහුගේ මෙම දුම්රිය ස්ථානය තුල වාදනය සංවිධානය කලේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත විසින් වන අතර එය ඔවුන් විසින් සිදුකල සමාජ චර්යා පරීක්‍ෂණයක එක් අංගයක් විය.පරීක්‍ෂණය අවසානයේ දැක්වූ එක් නිගමනයක් වන්නේ

"ලොව සිටින දක්‍ෂතම වාදකයෙකු එතෙක් මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම සංගීත ඛණ්ඩයක් වාදනය කරන විට ඔහු අසල නැවතී එය ශ්‍රවනය කිරීමට මොහොතක් ගත කිරීමට නොහැකි නම් ජීවිතයේ වෙනත් සුලු සුලු දෑ කොපමන අපෙන් මග හැරෙනවා ඇද්ද?" 




Read More »

ඒ දුරකතනය අප රටට හදුන්වා දුන් මුල් සමයයි.මා පලමු වරට එම ආගන්තුක උපකරණය අපේ ඥාතියෙකුගේ නිවසේදී දුටු අතර මාස කිහිපයක ඇවෑමෙන් එය අපේ නිවසටත් පැමිනුනා. විසිත්ත කාමරයේ මේසය මැද කලු පැහැයෙන් දිදුලමින් පැවති ඒ අපූරු උපකරණය දෙස මා බැලුවේ වශීකෘත වෙලා. ඒ වන තෙක් ආගන්තුක උපකරණයක් වෙලා තිබුනු දුරකතනය පිලිබදව දැනගත යුතු සියලුම දේවල් එදා රාත්‍රියේදී මගේ අම්මා මට කියලා දුන්නා.
Read More »