02 ඉතින් සමහර අය මෙහෙමත් කියනවා, අපේ ආදි කාලේ මිනිස්සු කැලේට ගියහම දර, කොළ ජාති බැදගෙන එන්නේ මෙම වල් පට්ට නම් ශාකයෙන් ලබා ගන්නා පට්ට වලින්, මේ පට්ට ඒ තරම් හයියලු, පසු කාලීනව මෙම වල් පට්ට නාමය වල්ල පට්ට නමින් ප්‍රචලිත වූ බව සදහන්වේ.
වල්ල පට්ට ගහ හදුනා ගන්නේ මෙහෙමයි
මෙය ඉතා පහසුවෙන් හදුනා ගත හැකිය වල්ල පට්ට ගහේ කොළ සාමානයෙන් අපි කන අනෝද ගසේ කොළවලට සමානයි, බලන්න පහත රූපය ඒ රූපයේ තියෙන කොළ අනොද ගසේ කොළවලට සමානයි නේද කියල, මෙම ගස් බොහෝ විට වැවෙන්නේ ඉඩම් මායිම්වල හා ගල් පිහිට ඉස්ථානවල, ඒ වගේම මෙම ශාකය අපේ රටට ආවේනික ශාකයක්, බොහෝ විට මේව වැවෙන්නේ ගාල්ල, කලුතර, මාතර, ගම්පහ, මහනුවර, රත්නපුර, තරමක් දුරට නුවරඑළියේ දිස්ත්‍රික්කයෙත් වැවෙනවා.සාමාන්‍යයෙන් අඩි 20ක් විතර වල්ල පට්ටා ගහක් උස යනවා හැම ගහක්ම ඔය කියන විදියට වටින්නේ නෑ. හොඳ පරණ ගස් තමයි වටින්නේ. වල්ල පට්ටා ශාකය ටිකක් පරණ වෙන කොට ඔය ගහේ හැදෙනවා කියනවා එක්තරා දිලීරයක්. වල්ල පට්ටා විතරක් නෙවෙයි ගොඩක් ආවෘත බීජක ශාක වල ඔය දිලීරය ඉන්නවා. වල්ල පට්ට ගහේ විශේෂත්වය තමයි ඔය කියන දිලීරයට එරෙහිව ගහ තුල නිපදවෙනවා රසායනික සංයෝගයක්. ඒක එක්තරා රෙසීනයක්. මේ රෙසීනය කළු පාටයි. ඕක තමා වටින්නේ. මේ රෙසීනය ඉතා වටිනා සුවඳ විලවුන් නිපදවන්න යොදා ගන්නවා. වල්ල පට්ටා ගහක් හොඳින් වර්ධනය වෙන්න යන්නේ අවුරුදු හත අටක් විතරයි. ඒත් අර කලින් කිව්ව රෙසීනය හැදෙන්න ඊට වඩා වැඩි කාලයක් යනවා. සමහර විට අවුරුදු 20 ක ටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඒකයි වටිනාකම තවත් වැඩි වෙන්න හේතුව.
වගා කිරීම සදහා වල්ල පට්ටා ලබා ගන්නේ මෙහෙමයි
පරණ වල්ල පට්ට තියෙන ශාකයක් හොයාගන්න, එම ශාගයේ අවට බිම කුඩා වල්ල පට්ට පැළ ඇත, එවා ගලවා ඉන්දන්න පුළුවන්, තවත් ක්‍රමයක් තමයි වල්ල පට්ට ශාකයේ අතු කුඩාවට කපා හොදට සකස් කරන ලද අඩි 1 ගැඹුරු අඩියක් පළල වළකට සාරවත් කලු පස් සමග රතු පස්ද එකතු කර ඉන්දන්න පුළුවන්. තවත් ක්‍රමයක් තමයි වල්ල පට්ට ගහේ තියෙනව ඇට ජාතියක් ඒවයිනුත් පැළ බෝකර ගන්න පුළුවන්.

