Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages

එක්තරා ජාත්‍යන්තර මට්ටමේ ඉන්ජිනේරුවන්ගේ සංගමයකින් පවත්වන සම්මන්ත්‍රනයකට සහබාගි වෙන්න දුර්ලබ අවශ්තාවක් අපේ පුංචි ලංකාවෙ ඉන්ජිනේරු සිසුවෙකුටත් ලැබුන..

ඉතින් මේ සම්මන්ත්‍රනයේදි පවත්වන විවිධ කඩයිම් විබාග වලින් ජය අරගෙන අපේ සිසුවත් අන්තිම පස්දෙනාගෙ වටයට තේරුනාලු.. 

ප්‍රශ්නය වුනේ 2/10 =2 කියල ඔප්පු කරන්න..

ජපන් සිසුව: වැරදි ප්‍රශ්නයක්..

ඉන්දියන් සිසුව: කවදාවත්ම බෑ..

ඒංගලන්තෙ සිසුව: මේ මොන විකාරයක්ද..

ඇමරිකන් සිසුව: ඕක මායවක් ඕකට උත්තරයක් ගන්න බෑ..

ලංකාවෙ සිසුව විසදුව..ඒ විසඳුවෙ මෙන්න මෙහෙම

TWO/TEN = WO/EN
(T with T cancel)
W = 23th letter
O = 15th letter
E = 5th letter
N = 14th letter

So 23+15/5+14 = 38/19 = 2 


කොහොමද ටිකිරි මොලේ..

හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
Share on Facebook
Read More »

ඊයේ මායි සුරංගයි ෂොපින් ගියා..චුටි හුරතලී යාලුවෙක්ට කිව්වා.

චූටි හුරතලී : හරිම ෂොක් අනේ..ජිවිතේ ම්ං අහන්න බලාපොරොත්තු උනු ලස්සනම වචන තුන එයා ඊයේ මට කිව්වනේ..

යාලුවා : ආනේ..ඈත්තද??ඒ කියන්නේ ඊයේ සුරංග "මං ඔයාට ආදරෙයි: කියලා කිව්වද?


චූටි හුරතලී : පිස්සුද අනේ ඔයාට..ඒක නෙවෙයි.

යාලුවා : එහෙනම්???

චූටි හුරතලී : "ඔයාගේ සල්ලි තියාගන්න" කියලා අනේ කිව්වේ.. 
Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින් අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

මේක කොලබ මාතර ප්‍රයිවට් බස් එකක වෙච්ච සීන් එකක්.
මාතරින් නැග්ගලු බස් එකට ආච්චි කෙනෙක්.මෙයා නැගපු ගමන් කොන්දට කිව්වලු අනේ පුතේ මට නින්ද ගියොත් කලුතර බොදිය හරියෙදි එහැරවපන් කියල. කියල ඉවර වෙච්ච ගමන් ආච්චි ඩොයිලු.

ඔන්න දැන් බස් එක එකසිය හැටට විතර පාගල යනවලු. (එකසිය හැටට කිව්වට ඉතින් හැටට විතරලු යන්නෙ.දන්නැද්ද ඉතින් කියනකොට)දැන් බස් එක කලුතර ත් පහු කරල කිලෝ මීටර් පහක් හයක් ගිහින්ලු. කොන්දට හිටිහැටියෙම මතක් වෙනවලු ආච්චි ව. මුට ඉතින් හෙන අප්සෙට්ලු. මූට මුගේ ආච්චිවත් මතක් උනාලු.

කොහොමහරි මූ ඩ්‍රයිවරයටත් කියල බස් එක ආපස්සට හරවගත්තලු(ඩ්‍රයිවරයටත් ආච්චි මතක් වෙන්න ඇති මන් හිතන්නෙ.)ඔන්න ද් ඇන් බස් එක කලුතර බොධිය හරියෙලු. කොන්ද ගිහින් කතකරාලු ආච්චිට " ආච්චි ආච්චි නැගිටින්න දැන් අපි කලුතර බෝධිය ලග කිව්වලු"

ආච්චි සර සර ගාල නැගිටල වීදුරුවෙන් බෝදිය පැත්ත බලල අත් දෙක නලලෙ තියල සාදු සාදු සා කියල ආයිත් හිටපු ව්දියටම නිදගතලු.


Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්

අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »


ඔන්න දවසක් දා සුරංග කියලා පොරක් බාර් එකකට ගොඩ උනාලූ. මිනිහා උන්නෙ බොහොම හිතේ අමාරුවකින් වගේලූ පෙනුනෙ. බාර් කීපර්ගෙන් ෂොට් එකකුත් ඉල්ල ගත්ත මේ සුරංගයා, අයිනෙම තිබ්බ මේසෙකින් වාඩි උනාලූ.
ඔය අතරෙ ඔතනට හෙන මරුමුස් පෙනුමක් තියෙන මිනිහෙකුත් ආවලූ. මිනිහත් ආව ගමන් ෂොට් එකකුත් අරගෙන අර සුරංගයා ඉන්න තැනට ගිහින් වාඩි වෙලා, උගේ අතේ තිබ්බ ෂොට් එක බීලා, අර සුරංගයා අරං ගිහිං තිබ්බ ෂොට් එකත් බිව්වාලූ. මේක දැකපු සුරංගයා හයියෙන් අ`ඩන්න පටන් ගත්තලූ.
ඊට පස්සෙ අරූ කිව්වලූ මොකද යකෝ පොඩි එකෙක් වගේ අඩන්නෙ, මං උඹට ෂොට් එකක් අරං දෙන්නං කියලා.
එතකොට සුරංගයා කිව්වලූ මං අඩන්නෙ ඔය ෂොට් එක නැති උන නිසා නෙවෙයි, අද මගේ නරකම දවස උන නිසා කියලා.
එතකොට අරූ ඇහුවලූ මොකද තමුසෙ එහෙම කියන්නෙ කියලා.


එතකොට සුරංගයා කිව්වලූ අද මං උදේ නැගිට්න්න පරක්කු උනා, ඒ නිසා ඔෆිස් කේ තිබ්බ වැදගත්ම මීටිං එක්ක මට මිස් උනා, ඒක දැනගත්ත ලොක්ක මාව රස්සාවෙන් අස් කලා. ටැක්සියක නැගලා ගෙද ඇවිත් බලද්දි පර්ස් එක ටැක්සියෙ අමතක වෙලා, ගේ ඇතුලට යද්දි ගෑණි අල්ලපු ගෙදර මිනිහත් එක්ක ඇඳ උඩ. මැරෙන්න කියලා හිතාගෙන මෙතෙන්ට ඇවිත් අරක්කු එක්ක කවලං කරන් වස ටිකක් බොන්න හැදුවම තමුසෙ ඒකත් බිව්වා කියලා.


Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින් අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

කැම්පස් එකේ ප්‍රොෆාල දෙන්නෙක් ග්‍රවුන්ඩ් එකේ කයියක් ගහගෙන යනවලු. එක්කෙනෙක් බයිසිකලයක් තල්ලුකරගෙනලු යන්නේ. අනිත් ප්‍රොෆා ඇහුවලු.

"ෂහ්... ඔයාට නියම බයික් එකක් හම්බවෙලානෙ. සල්ලි දීලද ගත්තේ...?"

"අයියෝ නෑ... මේක ඊයෙ මට හම්බඋනේ. මම පාක් එකේ මුල්ලෙ බංකුව උඩ තනියම පොතක් කියවගෙන ඉන්න අතරෙ ලස්සන ගෑණු ළමයෙක් මේ බයික් එක පැදගෙන ඇවිත් ඒක ගහට හේත්තු කලා. ඊට පස්සෙ එයා ඇඳුම් සේරම ගලවලා ගහේ අත්තක එල්ලුවා. ඊට පස්සෙ අත් දෙක විහිදලා කිව්වා ඔයාට කැමති දෙයක් මගෙන් ගන්න පුළුවන් කියලා..."

එතකොට අනිත් ප්‍රොෆා ඔළුව වැනුවලු.

"නියම තේරීම... කියල වැඩක් නෑ... කොහොමත් අර ඇඳුම් නං ඔයාට ගැලපෙන්න විධියක් නෑ..."


හොදයිනම් Like කරන්න
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

ගිය සතියෙ මගෙ Birthday එක [ඔව් ඔව් බo උපන් දිනේ තමා]
ඉතින් මගෙ උපන්දිනේ වෙනුවෙන් කව්රුත් මට wish කලේ නෑ... අඩුම තරමෙ අල්ලපු ගෙදර චාය නoගිවත්... [ඔව් එයා ලස්සනයි] කොහොම හරි මම හෙන upset එකෙන් office එකට ගියා..
මම cabin එකට ගොඩ උනා විතරයි මගෙ secretary මට "happy birthday" boss කියාගෙන ඇඟට කඩා පැන්න.. [හ්ම්ම්....මම එයාට line දදා තමයි හිටියෙ]
මට මාර හැපි.. ඒ මදිවට එයා කිව්ව අද රෑට එයාගෙ ගෙදර එන්න අපි හොදට විනෝද වෙමුයි කියල [හෙන අමුතු විදිහට කිව්වෙ බo]
.
.
මමත් ඉවසිල්ලක් නැතුව එයාගෙ එයාගෙ ගෙදරට ගියා.
මම යනකොට එයා කොටම කොට සායක් ඇදගෙන හිටියෙ
එයා මට කිව්ව ඔයා sofa එකට වෙලා වාඩි වෙලා ඉන්නකො මම ඉක්මනට ලෑස්ති වෙල එන්නම් කියල . [අර කලින් කිව්වා අමුතු විදිහට මo දිහා අමුතු බැල්මක් දමමින්].
මම දැනගත්ත මගෙ birthday එකට එයගෙන් සුපිරිම gift එකක් ලැබෙන්නයි යන්නෙ කියල.[ඔව් ඔව් ඒක තමා]
.
එයා විනාඩි 5කින් විතර.
..

.
.
.
.
 මගෙ බිරිදයි[ගෑනි],ලමයිනුයි, මගෙ යාලුවොයි,අල්ලපු ගෙදර චාය නoගී ,චාය නoගිගෙ අම්මයි , තාත්තයි , මට පෙන්නන බැරි නැන්දම්මයි , ඔක්කොම එක්ක එක පාරටම මo හිටපු තැනට SURPRISE! SURPRISE !කියාගෙන කඩා පැන්න. [හිනා ගියෙ නෑ නේද]
.
.
.
ඒ වෙනකොට මම sofa එක උඩට වෙල හිටියෙ ඇගේ එක නූල් පොටක්වත් නැතුව.. :D



Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

අඳුර මැදින් සඳ එලිය ගලාගෙන ඇවිත් සුරංග සහ චූටි හුරතලීගේ මරුටියේ වැදී දිලිසුනා.

අදුර අතුරින් දිගු ගමණක් යන සුරංග සහ චූටි හුරතලී ඔවුනොවුන්ගේ ගමණේ සෑහෙන දුරක් ගෙවා අවසන්!

දෙදෙනාගේම හැඟුම් අඩ අදුර තුල යම් තරමක් අවදි වූ තිබුනා!

ඉතිං 

සඳ එලිය මෝදු වූ සුන්දර රාත්‍රියේ මහ මාර්ගයේ මැද සුරංග වාහනය නැවත්වූයේ කර කියාගන්න දෙයක් නැතිවමයි.........

එකිනෙකාගේ මුහුනු දෙස බලා ගත් ඔව්න් දෙදෙනාම ඔවුන්ගේ හැඟීම් පිරුණු රාගය බේරෙන දෑස් වලින් කතා කලා! 

චූටි හුරතලී සහ සුරංග දෙදෙනාගේ නෙත් හමුවූ සැනෙහි චූටි හුරතලීගේ සිත අකුණක් වැදුනු සේ හිරි වැටී ගියා.........

වාහනය නවතා යතුර අතට ගත් සුරංග සෙමෙන් සෙමෙන් චූටි හුරතලීගේ සුන්දර මුහුණ වෙත කෙමෙන් කෙමෙන් ලං උනා!

සිදු වන දේ සිතා ගත නොහී චූටි හුරතලීද නොඉවසිලිමත් සිතින් බලා සිටින්නේ කිලෝ මීටර් ගාණක් වාහනයේ ඇවිත් දැන් දැන් සිදුවන්නට යන්නා වූ සිදුවීමේ මිහිර විඳගැනීමටයි........

තවත් සෙමෙන් සෙමෙන් සුරංග චූටි හුරතලීගේ මුහුණට ලංවූයේ සඳ එලිය වැටී දිදුලන සෙවනැලි අතුරින්..........

සුරංගගේ, සෙමෙන් එහෙත් උණූසුම්ව සැලෙනා සුසුම් චූටි හුරතලීගේ කන් පෙත්තේ දැවටෙන්න පටන් ගත්තා........ 

ඒ උණුසුම් සුසුම් වල උණුසුම දැනෙන විට චූටි හුරතලීගේ “චූටි හුරතලිය“ ද උණුසුම් උනා.........

හුරතලීගේ කණට තවත් සෙමින් ලං වූ සුරංග.............. එක් වරම මෙසේ පැවසුවා.........

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

“ ඕයි ගෑනියේ! තෙල් ඉවරයි! දැං පයිං යමං...............! “

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

"ඔව් දවසක් මට කොටියෙක්ව හම්බ වුණා මූණට මූණ ඒ වෙලාවෙ මම හිටියෙ
තනිවෙලා අනික මගේ අතේ කිසිම අයුධයක් තිබුණෙ නැහැ"

"සුරා ලව් කර කර ඉන්න ගමන් කෙල්ලට කිව්ව"

"අපොයි දෙවියනේ ඉතින් ඔයා මොකද කළේ"

"මම මොනවා කරන්නද ඉස්සෙල්ලාම මම උගේ ඇස් ගෙඩි දෙක දිහා එක එල්ලේම
බලාගෙන හිටිය ඒකෙනුත් වැඩක් වුණේ නෑ ඌ හෙමින් හෙමින් මගේ ළඟට එන්න
පටන් ගත්ත ඊට පස්සෙ මට හිතුණ මගේ අත උගෙ උගුර ඇතුළට දාල උගේ නගුටෙන්
අල්ලලා ඌව කණපිට පෙරළන්න නමුත් ඒක භයානකයි කියල මම තීරණය කළා
ඒත් ඌ හෙමින් හෙමින් මගේ ළඟට දිගටම ආවා. මොකද්ද කරන්නේ කියල මට
මට ඉක්මනටම හිතන්න සිද්ධ වුණා"

"ඉතින් ඔයා කොහොමද අනේ බේරුණේ" ???

"මම එතනින් අයින් වෙලා අනිත් කූඩුවල ඉන්න සත්තු බලන්ඩ ගියා"

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page

අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

ඔන්න එක ලස්සන පිටිසර හුදෙකලා ගමක් තියෙනවලු.... ඒ ගමේ ඉන්න මිනිස්සු ඔය කලබකාරී නාගරික ජීවිතයක් දැකලවත් නැති මිනිස්සුලු....දවසක් ඔය ගමට ආවලු සුරංග කියල.... කොළඹ ලොකු බැංකුවක වැඩකරන ආර්ථික විශේසඥ උපදේශක බුවෙක්... බුවා ආවේ ග්‍රාමීය ආර්ථික සංවර්ධන මොකක්දෝ වියාපෘතියක් කොරන්න උපදෙස් දෙන්නලු... එව්වා කොරනවට පොරට ඔය ලෝක බන්කුවෙන්ද කොහෙන්ද ඩොලර් කුට්ටියක් හම්බ වෙනවලු........ බුවා ඇවිල්ල ඉතින් ගමේ මිනිස්සුන්ගෙන් ඇහුවලු

"ඔයාල මොනවද ජීවික වෘත්තීය හැටියට කරන්නේ ...? කෝච්චර වෙලා දවසට වැඩ කරනවද" අරව මෙව්වා.....

ඒගමන ගමේ මිනිස්සු කිව්වලු
Read More »

ලංකාවෙ බුවෙකුයි, ඉන්දියන් බුවෙකුයි චයිනීස් බුවෙකුයි ගියාලු කන්ස්ට්‍රක්ශන් සයිට් එකකට ජොබ් හොයාගෙන. එතන ඉන්න ෆෝමන් බුවා මුන් තුන්දෙනාව වැඩට අරගෙන වැඩ බාර දෙනවලු.

ලංකාවෙ බුවාට කිවුවලු "උඹට සවලෙ වැඩ භාරයි" ඉන්දියන් එකාට කිවුවලු "අතුගාන එක උඹට භාරයි" චයිනීස් එකාට කිවුවලු "උඹට තමා සප්ලයිස් භාර" කියල.

ඊට පස්සෙ කිවුවලු "මම දැන් එලියට යනවා, තව පැය තුනකින් මම එද්දි මේ තියෙන වැලිගොඩ අස් කරලා මෙතන ෆුල් නීට් එකට තියෙන්න ඕනෙ" කියලා.

පැය තුනකින් ෆෝමන් එද්දි වැලිගොඩ එහෙම්ම තියෙනවලු. ෆෝමන්ට මල පැනල ලංකාවෙ එකාගෙන් අහල "යකෝ මේ සවලෙන් අස් කරපු හැටිද?" කියල.

එතකොට ලංකාවෙ එකා කියනවලු "අස්කරන්න මට සවලක් තිබ්බෙ නැහැනෙ". ඊලඟට ඉන්දියාවෙ එකාට සද්දයක් දැම්මලු "කොහෙද යකෝ උඹ අතුගෑවෙ" කියල. එතකොට ඉන්දියන් කාරයා කියනවලු "අතුගාන්න ඉදලක් තිබුනෙ නැති නිසා ඉදලක් හම්බ වෙනකම් තමා බලන් ඉන්නෙ" කියලා.

දැන් ෆෝමන්ට පට්ට මලලු චයිනීස් බුවා එක්ක. මොකද ඔය බඩු ටික සප්ලයි කරන එක උගේ වැඩක්නෙ. චයිනීස් බුවාට පලු යන්න බනින්න ඕනෙ කියල හිතන් ෆෝමන් ඌව හොයනවලු. ඒත් ඌ නැහැලු.

ෆෝමන් වැලිගොඩ ලඟට යද්දි චයිනීස් බුවා වැලිගොඩ පිටිපස්සෙ ඉඳන් එලියට පැන්නලු "සප්ලයිස්" කියාගෙන.

තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

ඔන්න මචංලා චූටි හුරතලියි හුරතල් බබ්යි ෆිට් එකේ ඉන්නවා වගේ හිටියට යටින් මාර ගේමලු..දෙන්නට දෙන්නා හිනියට නොන්ඩි දාගන්න කියාපු බඩු දෙකලු....

ඔන්න ඉතින් දවසක් දෙන්නටම සෙට් උනාලු එකම පාටියක්.දන්නවනේ මේ වගේ ඩබලක් එකම පාටියකට සෙට් උනාම මාර ගේමක්නේ තියෙන්නේ එකෙක් අනිත් එකාට වඩා හොදට යන්න..

කරුමේ කියන්නේ මේ ඩබලටම එදා රිසව් කරලා තිබ්බේ එකම ටේබල් එකලු..දෑ ඉතින් ඩබල මාර පොෂ් ඈඩ් එකක් දීගෙන ඉන්නවලු දෙන්නට දෙන්නා..

එකෙක්ට එකෙක් ඉතින් දෑවෙනි නෑලු..හෑබෑයි චූටි හුරතලී දාගෙන ඉන්න මාලේ ගෑන එතෙන්ට ආපු ගොඩක් අය චුටි හුරතලි ගාවට ඈවිල්ලා "අනේ හරිම ලස්සනයි..මාලේ නිසා ඔයාගේ ලස්ස්න කෑපිලා පේනවා "වගේ ටෝක් දීලා යනවලු..හෑබෑයි හුරතල් බබ්ට නෝ කමෙන්ට්ස්ලු..මේක ඉවසන්න බෑරි තෑන හුරතල් බබී හිතුවලු චූටි හුරතලීට නොන්ඩියක් දාන්න..

හුරතල් බබී : මේ ඔයා ඔය දාගෙන ඉන්න මාලේ ඉස්තරම්ම මුතු මාලයක්ද?

චූටි හුරතලී : අපොයි ඔව් මේවා ඉස්තරම්ම මුතු..හෙන ඈඩ් එකක් දාල කිව්වලු..

හුරතල් බබී: ඒඋනාට අනේ දෑං කොච්චරවත් කෘතිම මුතු තියනවා..දෑක්කම හරියට ඈත්ත ඒවා වගේමයි,හෑබෑයි මට නම් දත් වලින් අල්ලලා බලලා හොද මුතු අදුන ගන්න පුලුවන් අනේ..කියලා හුරතල් බබී කවුරුත් ඉස්සරහා චූටි හුරතලී බය වේලා යන ටෝක් එකක් දුන්නලු..එන පොට හොද නෑති බව දන්න චුටියා මෙහෙම කිව්වලු..

චූටී හුරතලී : අනේ ඒකනම් ඈත්ත තමයි මාත් අහලා තියනවා ඔය කිව්ව කතාව..ඒත් අනේ ඒ හොයන්න පුලුවන් ඈත්ත දත් වලින් නේ..බොරු දත් දාල ඉන්න ඔයා කොහොමද අනේ ඈත්ත මුතුද බොරු මුතුද කියලා කියන්නේ" කියල කිව්වලු හුරතල් බබිගේ රෙදි ගෑලවෙන්න..ඔන්න පුතේ ගෑනු..


Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්
Home Page


අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

ඔන්න එකමත් එක ගමක ගැහැණු අය විතරක් සහභාගී වෙන සම්මන්ත්‍රණයක් තිබ්බලු.
ඒකෙන් කරන්නේ ගැහැණු උදවියට තමන්ගේ ස්වාමිපුරුෂයොත් (හබිල, හස්බණ්ඩල) එක්ක නිසියාකාරව ජිවත් වෙන්න ඕන විදිහ කියල දෙන එකලු.
ඔන්න දැන් සම්මන්ත්‍රණය පවත්වන කාන්තාව (කෙටියෙන් ස.කා. කියමුකෝ)
ස.කා. : කවුද තමන්ගේ ස්වාමිපුරුෂයාට ආදරේ කරන්නේ...
ඕක කියනකොටම දඩි බිඩි ගාලා ඒකෙ හිටපු සෙට් එකම තරඟෙට වගේ අත ඉස්සුවලු.
ස.කා: ඔයාලා
අන්තිම පාරට ඔයාගේ ස්වාමිපුරුෂයට ආදරෙයි කියල කිව්වේ කවද ද?
සමහර අය කිව්වා අද කියල, සමහර අය කිව්වා ඊයේ කියල, මතක නැති කට්ටියත් හිටියා.
ස.කා: හරි. එහෙනම් මම මේ කියන මැසේජ් එක ඔයාලා ඔයාලගේ ස්වාමිපුරුෂයට යවන්න ඕනේ.
“I Love You, Sweetheart” හරි ඕක හැමෝම ඔයාලගේ ස්වාමිපුරුෂයට යවන්න..
ස.කා.: හැමෝම තමන්ගේ ෆෝන් එකිනෙකා අතරේ මාරුකරගන්න. ෆෝන් වලට එන රිප්ලයි එක කට්ටියට ඇහෙන්න කියවන්න..

මෙන්න ඒ හබියල එවපු රිප්ලයි ටික,

1. අනේ දරුවන්ගේ අම්මේ, උඹට අසනීපයක් වත්ද?
2. දැන් මොකද? ආයෙත් කාර් එක හප්පගත්තද තාප්පෙක?
3. මට ඔයා කියපු එක තේරුණේ නෑනේ.
4. මේ සැරේ තමුසේ මොකෝ කළේ? මං තමුසෙට මේ සැරේනම් සමාව දෙන්නේ නෑ..
5. ?!?
6. හරි හරි වටෙන් යන්න ඕන නැහැ. කීයක්ද ඕනේ?
7. මම මේ දකින්නේ හීනයක්ද?
8. තමුසේ මට කිව්වේ නැත්තම් මේ මැසේජ් එක යැව්වේ කාටද කියලා, අද මං තමුසෙව මරාගෙන මාත් මැරෙනවා!!
9. මම කිව්වනේ, ඔච්චර බොන්න එපා කියලා.

හොඳම මැසේජ් එක තමයි,

10. කවුද යකෝ මේ?

තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

ඔහු නමින් පවන්, ඔහු ඇයට මුලු හදවතින්ම ආදරේ කරා. ඇය පසුපසින් හැමදාම හොර රහසේ ගමන් කරත් කවදාවත් ඇයට ආදරෙයි කියල කියන්න ඔහුට ශක්තියක් තිබුණේ නෑ. කාලය මේ විදියට ගෙවීගෙන යද්දී පවන්ට ඔහුගේ මිතුරෙක් ඇයගේ ජංගම දුරකතන අංකය සොයාගෙනවිත් දුන්නා. මෙතෙක් කලක් හිතේ සඟවගෙන හිටපු ආදරේ රාත්‍රී 1ට පමණ SMS එකකින් ඇයට පවසන්න පවන් ශක්තිමත් වුනා. ක්‍ෂණයකින් ඔහුට පිළිතුරු SMS 1ක ලැබුණා. ඒත් ඒක කියවන්න තරම් ඔහුට ශක්තියක් නෑ. ඔහු හිතේ දහසකුත් බලාපොරොත්තු තියාගෙන නින්ඳට වැටුණා. උදේ ලස්සනට ඉර පායලා, ඒත් පවන්ගේ ජීවිතේ ඒ තරමටම ලස්සන වේවිද? ඔහු හිතට ධෛර්‍ය්‍ය අරගෙන SMS එක කියෙව්වා. ඔහුගේ මුලු ලෝකයම කඩා වැටුණා වගේ කලකිරීමක් පවන්ට දැනුණා. SMS එකේ මේ විදියට සඳහන් වුණා.












Dear Customer,
Your account balance is zero. Please recharge before you continue with this service.
Thank You !

තරහා ගියා නම් සමාවෙන්න ඕන.අපිත් පොඩ්ඩක් හිනාවෙන්න එපැ

තවත් කතා මෙතනින් අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Read More »

Read More »

වේලාව 7:30 යි.මම ඉස්කොලේ යන අතරමගදි පාරෙ කොනක වැටිල තියෙන රන් මාලයක් මම ඇහිද ගත්ත.මම ඒක අරන් ලගම තියෙන පොලිස් ස්ථානයට ගිහින් පොලිස් නිලධාරියෙක්ට දුන්නා.ඔහු ඒක හොදින් පරික්ශා කරල නැති වුනු රන් මාල පිළිබදව පැමිනිලි හොයා බලලා අයිතිකරුව හොයා ගත්තා.ඊට පස්සෙ ඔහු අයිතිකරුට වහාම දැනුම් දුන්නා පොලිසිය්ට එන්න කියල.විනාඩි 15කට විතර පස්සෙ කාර් එකකින් ලස්සන ගැහැනු ලමයෙක් බැස්සා.එයා ගොඩක් ලස්සනයි.එයා නිලධාරියත් එක්ක මොනවද කථා කරා.ඔහු මාවත් පෙන්නල මොනවද කිව්වා.ඔහු මාලය ඇයට දුන්නම තමා ඒ එකේ අයිතිකාරි බව වැටහුනේ.එක අරන් ඒ ගැනු ලමය මං ගාවට ආවා.මම එයාගේ ලස්සන ඇස් දෙක දිහා බලන් හිටියා.ඇය මට ස්තුති කරල ... හාදුවක් දුන්නා

දඩාස්ස්ස්...

මම ඇදෙන් වැටුනම තමා දැන ගත්තේ එක ලස්සන හිනයක් කියලා.වෙලාව 6:45 යි...මම ටග් ගාල නැගිටුනා ඉස්කොලෙ යන්න අර හිනේ ඉටු වෙයි කියල හිතේ ය්තියන්.මම වෙනදට වඩා සතුටෙන් ලැහැස්ති වුනා ඉස්කොලෙ යන්න.ලස්සනම ගැහැනු ලමයෙක් ගෙන් කිස් එකක් ! ශා අද නම් හොද වෙයි කියල මම ලැහැස්ති වෙනව.මම ලැහැස්ති වෙනවා දැක්පු අම්මා "කොහෙද බොල ඔය යන්න හදන්නේ අද ඉරිදා නේ"

_...~*"THaMI"*~..._

තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

Read More »

පොලිස් නිලදාරියා: මොකද්ද පැමිනිල්ල?
සුරා :මගේ බිරිද අතුරුදන් වෙලා
පොලිස් නිලදාරියා: කවදා ඉදන්ද?
සුරා :ඊයේ හවස ඉදන්
පොලිස් නිලදාරියා: ඇයගේ හැඩරුව කියනවද? උස කීයද?
සුරා :අඩි 5ක් ඔව් එ වගෙ ඇති
පොලිස් නිලදාරියා: ඇස් වල පාට
සුරා :හ්ම්ම් එකනම් මතක නැ
පොලිස් නිලදාරියා: එතකොට කොන්ඩේ පාට
සුරා :කලු..නැ ටිකක් විතර දුබුරුයි..හරියට මතක නැ
පොලිස් නිලදාරියා: අනිත්මට ඇදන් හිටියී?
සුරා :සයක් නැ සාරියක්
පොලිස් නිලදාරියා: හ්ම්ම් අනිතිමට දැක්කේ
සුරා :මගේ කාර් 1එ තමා එයා අරන් ගියේ
පොලිස් නිලදාරියා: දැන් එතකොට කාර් එකත් නැ
සුරා :ඔව්
පොලිස් නිලදාරියා: කාර් 1 ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද
සුරා :Toyota
Model -Prius
Model No -ZVW30
Year -2011
Options -AIR CONDITION, POWER STEERING, POWER MIRROR
කලු පාටයි .. පිටි පාස දකුනු පැත්ත දොර ලග පොඩි හීරීමක් තිබ්බා
කියමින් සුරන්ග අඩන්න පටන් ගත්තා
පොලිස් නිලදාරියා: හරි මහත්තයා අපි කාර් 1 හොයන්නම් එහෙනම්


Copied from Randil Heenkenda

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින් අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න

Share on Facebook
Read More »

වයස 3 විතර පොඩි කෙල්ලෙක් දිස්පැන්සරියේ එළියේ එහෙ මෙහෙ දුව දුව හිටියලු,එයාගේ අම්මා බෙහෙත් අරන් එනකල්.
කෙල්ල දැක්ක.. බඩ ටිකක් පිම්බුන තව අම්මා කෙනෙක් එලියේ වාඩි වෙලා ඉන්නවා.
කටකාර පොඩි කෙල්ල අර අම්මා එක්ක කතාවලු..

කෙල්ල : ඇයි නැන්දා, ඔයාගේ බඩ පිම්බිලා ?
නැන්දා : ඒක ඇතුලේ මල්ලියෙක් ඉන්නවා දුව
කෙල්ල : (ඇස් දෙක ලොකු කරන්) බඩ අස්සේ මල්ලියෙක්?
නැන්දා : ඔව් දුව
කෙල්ල : (තවත් පුදුම වෙලා) එයා හොඳ මල්ලියෙක්ද?
නැන්දා : ඔව් දුව, එයා හරි හොඳයි


කෙල්ල : (තවත් පුදුම වෙලා) එහනම් ඇයි ඔයා එයාව කෑවේ ?


තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

බාබර් සාප්පුවේ හිඳ පත්තරයක් බලමින් සිටි දාබරේ තම වාරය පැමිණි විට කණ්ණාඩිය ඉදිරිපිට පුටුවේ වාඩි වී, කොණ්ඩය කැපීමට සැරසෙන කරණවෑමියාගෙන් මෙසේ ඇසීය.

’කොණ්ඩේ කපන්ට කීයක් ගන්නවද?’

’රුපියල් 100/= යි සර්.’ කරණවෑමියා කීය.

’එතකොට රැවුළ ෂේව් කරන්න?’ දාබරේ තවත් ප්‍රශ්නයක් නැගීය.

’රුපියල් 50/= යි සර්.’ කරණවෑමියා පිළිතුරු දුන්නේය.

’එහෙමනං මගෙ කොණ්ඩේ කපන්ඩ ඕනෙ නැහැ. කොණ්ඩෙයි රැවුළයි දෙකම ෂේව් කරනවා.’ දාබරේ කීවේය.


තවත් කතා මෙතනින් අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Read More »

ජුංඩක් ඉතර අඳුරන බුවෙක් මොංටිසොරි ගියා ලු.. (ඒත් බර ගනං වල ම තමා) මුල් දවසේ ගිහින් ආවම විස්කෘත පවුලම එක්කහු වෙලා කොල්ලා වට කරන් විස්තර අහනවලු.. නැන්දෙක් ඇහුවලු 

"ඉතින් පුතේ යාලුවො ගොඩක් හිටියද? කී දෙනෙක් අඳුරගත්තද අළුතෙන්? කතා කරා ද?"
කොල්ලා - නෑ..
- එක්කෙනෙක් වත්?
- නෑ..
- කතා කරේ වත් නැද්ද?
- නෑ..
- නමක් වත් දන්නෙ නැද්ද එක්කෙනෙක් ගෙ වත්?
- නෑ.. . . . . . . . . . . . ආ .... එක්කෙනෙක්ගෙ නම නං "ස්ටෑඩප්පා"
 (ඒ මොන ජාතියෙ එකෙක්ද) {අමුතු නං ගං එන්න කලිං ලු. නවසිය බරම බර ගනං} පුතා කොහෙමද දන්නෙ නම ඒකමයි කියලා?? ආ?
- මිස් ඒ ළමයාට ඇඟිල්ල දික් කරලා ස්ටෑඩප්පා කියලා කතා කරාම එයා නැගිට්ටා.. මම එතකොට දැනගත්ත.... 


උපුටාගැනිමකි
හොදයිනම් Like කරන්න
Share on Facebook
Read More »

හාවයි ඉබ්බයි රේස් දුවලා හාවා පැරදුනා කියලා හැමෝම දන්නවානේ, මේ ඒ කතාවෙ පාර්ට් 2,
ඉබ්බා අතින් පැරදුන හාවට හැමෝම නෝන්ඩි කරන්න පටන් ගත්තා හාවටත් වස ලැජ්ජාව තමන්ගේ කම්මැලි කම නිසා තරඟෙ පැරදුන එකට. හාවා කල්පනා කලා අයෙත් පාරක් ඉබ්බට තරඟයකට කතා කරන්න.
ඉබ්බත් හෙන ෆිට් එකේ හිටියේ හාවට ගේම දුන්න එකට. හාවා ඇවිත් රීමැච් එක ඉල්ලපු ගමන්ම ඉබ්බා හරි දුවමු කියල චැලෙන්ජ් එක බාර ගත්තා. දවසක් එහෙම කතා කරගෙන ඒ දවස එනකල් දෙන්න දුවන්න පුරුදු උනා ඉබ්බා හිතුවෙම මේ පාරත් හාවට ගේම දෙන්න.
දැං රේස් එකට දවස ආවා දෙන්නම පටන් ගන්න ලෑස්තිය. තරඟෙ ආරම්බ උනා විතරයි හාව ජෙට් එක වගේ දුවලා ඉබ්බට පේන්නෙත් නැති තරම් ලීඩ් එකක් තිබ්බා.
ඉබ්බත් ගේම අත ඇරියේ නෑ ඌත් ගාට ගාට යනවා. මේ විදියට දුරක් යනකොට තුම්මන් හංදියක්. දැං ඉබ්බට හිතා ගන්න බෑ හාවා මොන පාරෙන්ද දිව්වේ කියලා. ඉබ්බා මන්නං වෙලා උඩ බිම බලනකොට දැක්කා එතනම තිබ්බ ගහක බක මූනෙක් ඉන්නවා ඒත් දෙයියනේ බක මූනට දවල්ට පේන එකක්‍ යැ. ඒත් කමක් නෑ කියලා ඉබ්බා අහනවා
මේ මචං බකමූනෝ මේ පැත්තෙන් හාවෙක් එහෙම දිව්වද?
බකමූනා උත්තර දෙනවා හවෙක්ද දන්නෙ නෑ බං පිරිමි සතෙක් නම් දිව්වා.
ඉබ්බා අහනවා ඒ කොහොමද පිරිමි සතෙක් දිව්වා කියලා දන්නෙ.
බකමූනා කියනවා පොර දෙයක් කියාගෙන දිව්ව ඒකෙන් තමයි දන්නෙ කියලා.
ප්‍රශ්නේ තමයි.
හාව එතනින් කියාගෙන දුවපු දේ මොකක්ද?

හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
Share on Facebook
Read More »

ඔන්න ඉංජිනේරුවෝ හත් දෙනෙකුයි
දොස්තරලා හත් දෙනෙකුයි පට්ට දුර ගමනක්
යනවලු කෝච්චියේ. අපි හිතමුකෝ A නගරයේ ඉඳන්
B නගරයට කියලා. යන්නේ නගරාන්තර
කෝච්චියේ. දැන් ඉතින් දෙගොල්ලන්ටම
ඕනා තමන් පොරවල් කියලා ඔප්පු කරන්නලු.
කතාව පටන් ගන්නේ ඔතනින්.
පලවෙනි දර්ශනය - A සිට B දක්වා ගමන.
ඉංජිනේරුවෝ සෙට් එක හිතනවා හිටපන්කෝ මුන්ට
අපේ වැඩ පෙන්නන්න කියලා හත් දෙනාටම
ගත්ත එක ටිකට් එකක්. දොස්තරලා හිතනවා ආහ්
මුන් ටික ඉතින් ඉවරයි ටික්කො පැන්නම. පට්ට
ආතල් එකක් ගන්න පුළුවන් අද කියලා. ඔන්න ඉතින්
ටික්කෙක් එනවා මුන් ටික ඉන්න පෙට්ටිය දිගේ.
ඉන්ජෝ සෙට් එකම දඩ බඩ
ගාලා රිංගුවා ටොයිලට් එකට. ටික්කා ඇවිත්
දොරට තට්ටු කරනකොට එකෙක් විතරක් එලියට
අත දාලා දුන්නා ගත්ත ටිකට් එක. ටික්කා ඒක
බලලා ආයේ දීලා යන්න ගියා. ඉන්ජෝ ටික
බේරුනා. ඩොකාලා ටිකට ඉතින් ටිකක් නෝන්ඩි.
ඇයි ඉතින් උන්ට එච්චර දෙයක් හිතාගන්න බැරි
උනානේ. ඔන්න ඔහොම කට්ටිය සාමදානෙන් B
නගරයට සේන්දු වෙනවා.
කට්ටිය දැන් එන්න හදන්නේ. හැබැයි පොඩි
ප්රශ්නයක්. B වල ඉඳන් A වලට කෙලින්ම යන්න
කෝච්චියක් නැහැ. A වලට ලන්ගිම තියෙන C
කියන නගරයට නගරාන්තර කෝච්චියක ගිහින් එතන
ඉඳන් ප්රාදේශීය කෝච්චියක තමයි A වලට යන්න
වෙන්නේ.
දෙවන දර්ශනය - B සිට C දක්වා ගමන.
ඩොකාලා හිතාගත්තා පෙන්නන්නම් අපේ වැඩත්
මුන්ට කියලා. ගත්තා ගිහින් එක ටිකට් එකක්
විතරක්. ඉංජෝ සෙට් එක මේ පාර එක ටිකට්
එකක්වත් ගත්තේ නැහැ. ඔන්න ඉතින් මේ පාරත්
ටික්කෙක් එනවා මුන් ඉන්න පෙට්ටිය දිගේ.
ඩොකාලා ටික රිංගුවා ගිහින් ටොයිලට් එකකට.
ඉංජෝ ටිකත් ගිහින් රිංගුවා ඊට විරුද්ද
පැත්තේ ටොයිලට් එකට. ටික්කා ලංවෙන්න කලින්
ඉංජෙක් ගිහින් තට්ටුකරා ඩොකාල ඉන්න ටොයිලට්
එකේ දොරට. ඩොකෙක් අත දාලා දික්
කරා ටිකට් එක. ඉංජා ගත්තා ටිකට් එක.
දිව්වා ඉංජෝ ඉන්න ටොයිලට් එක ඇතුලට.
ටික්කා ආවම ඉංජෝ ටික අර උස්සපු ටිකට් එක
පෙන්නලා කලින් වගේම බේරුනා. ඩොකාලට
නෝන්ඩි කෝටියක් සමග දඩ.
ඔහොම ඉතින් කට්ටිය ගියාලු C වලටත්.
තෙවන දර්ශනය - C සිට A දක්වා ගමන.
ඩොකාලා ටික කතාවෙනවා මචන් මේක තමයි
අපිට තියෙන අන්තිම චාන්ස් එක. මුන්ට
කොහොමහරි පෙන්නන්න ඕනා අපිටත් වැඩ පුළුවන්
කියලා. කට්ටිය ගිහින් ගත්තා ආයේ එක ටිකට්
එකක්. මේ පාර ඉංජෝ සෙට් එක ටිකට් හතක්
ගත්තා. ඔන්න ඉතින් ආයෙත් ටික්කෙක් එනවා.
ඉංජෝ ටික ලස්සනට තමුන් ළඟ තිබ්බ ටිකට්
පෙන්නුවා. ඩොකාලට මොකද උනේ???
*
*
*
*
*
තාම ටොයිලට් එකක් හොයනවලු ප්රාදේශීය
කෝච්චියේ.

තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »

ගහක අග්ගිස්සටම නැගි පිස්සෙක් බිමට බැසීම ප්‍රතික්ෂේප කරමින් ලොකු කලබලයක් ඇති කරමින් හිටියා. ඔහුව බිමට බස්සවාගැනීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ තැන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පොරවක් ගෙන්වාගෙන ගසට කිහිපවරක් වැරෙන් කෙටුවේ පිස්සා විනාඩි පහක් ඇතුලත ගසින් නොබැස්සොත්ඔහුත් සමගම ගස කපාදමන 
බවට තර්ජනය කරමිනි.


තප්පරයෙන් තප්පරය ගෙවෙමින් විනාඩිපහ අවසන් වූවා. නමුත් පිස්සා තවමත් ගසමුදුනේ.....,
මෙවේලේ ඉදිරියට පැමිණි වෙනත් පිස්සෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා අතවූ පොරව ගෙන ගසට කෙටීමට සැරසුනා පමණිකලින් කී පිස්සා ඇසිල්ලකින් ගසින් බැස ඈතට දිවගියා. මහත් පරිශ්‍රමයකින් ඔහු අල්වාගත් වෛද්‍ය නිලධාරිවරයා මෙසේ ඇසුවා.

"මම ගහ කපනකොට හෙලවුනේවත් නැති තමුසේ...ඇයි අර මනුස්සයා පොරව අතට ගන්නකොටම ගහෙන් බැහැල දිව්වේ...?"

අනේ එතකොට පිස්සා බොහොම අහින්සක විදිහට මෙහෙම උත්තර දුන්නා,
"කියන්න බැහැනේ සර්.....ඌ පිස්සානේ..."

Like එකකුත් දාන්න හොදේ
තවත් කතා මෙතනින්

Share on Facebook
Read More »

රෝහලක එක සේ තුවාල ලෙබූ රෝගීන් දෙදෙනෙකි.ඔවුණන් දෙදෙනාම ගුටි කෑ බවට සලකුනු තිබිනි.ඔවුණ්ගේ සoවාදය පහත පරිදි විය.

පලමු රෝගියා-මචන් උඹට කොහොමද ඔහොම වුනේ.

දෙවන රෝගියා-ෆොටෝ එකක් ගන්න ගිහින්.උඹට කොහොමද ඔහොම වුනේ.

පලමු රෝගියා-නිදාගන්න ගිහින්.

දෙවන රෝගියා-හිතාගන්න පුලුවන් වුන දේ.කියපන්කො විස්තරේ.
. . . . . . . . . . . . . .
පලමු රෝගියා
මට වැඩසටහනකට ගමකට යන්න වුනා.රෑ වුන නිසා ගෙදරකින් අද රෑට නිදාගන්න පුලුවන්ද ඇහුව.ඒ ගෙදර උන් කිවුව මේ ගෙදර වැඩිවියට පත්වෙච ගෑනු ළමයි ඉන්නව ඒ නිස බෑ කියල.ගෙවල් 20න් විතර අහුව උන් ඔක්කොනම අර කතාවම කිවුවා.මට තරහ ගිහින් ඊළග ගෙදරින් අහුවා මේ ගෙදර වැඩි වියට පත්වෙච්ච ගෑනු ළමයි ඉන්නවද කියල.එහෙන් කිවුව ඔවු මොකටද අහන්නෙ කියල.මම කිවුව නෑ මේ අද රෑට නිදා ගන්න කියලා පුලුවන්ද බලන්න කියල.හිතාගනින් ගමකින්ම කෑවම කොහොමද කියල.
එතකොට උඹේ කතාව මොකද්ද.

. . . . . . . . . . . . . .
දෙවන රෝගියා
මම වෙඩින් එකක ෆොටොස් වගයක් ගත්තා.ඕක බලන්න ඕන කියලා කරදර කරපු නිසා ෆොටෝස් ටිකක් ෆයිල් එකක දාගෙන අරගෙන ගියා.බස් එකේදි නින්ද ගිහින් ෆොටෝ ටිකක් බිම වැටිල.ඔය ටික අහුල ගත්තට පස්සෙ තව එකක් කොට සායක් ඇදගත්ත ගෑනු කෙනෙකුට පෑගිලා තියනව දැක්ක.ඉතින් මම ඒ ගෑනුකෙනාට කිවුව කකුල පොඩ්ඩක් එහාට කරනවද කියල.ඇයි කියල අහුවම මම කිවුවා ෆොටෝ එකක් ගන්න.බස් එකේ උන්ට පින්සිද්ද වෙන්න මාත් මෙහෙ.

හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
Share on Facebook
Read More »

සුරංගයි ලක්මාලුයි එකතු වෙලා ලෝකල් රෙදි, අත්කම් වගේ අයිටම් තියෙන කඩයක් දැම්මා. බිස්නස් එකට ඉලක්ක කලේ සංචාරෙට ආපු සුද්දංව. දාපු අළුතම නිසා වැඩිය බඩු ගෙනත් තියාගත්තෙ නෑ. රාක්ක ගොඩක් හිස් වෙලයි තිබුණෙ. මුන් දෙන්න පුටු දෙකකට වෙලා බයිල කියව කියව හිටියා.

"මචං අපි මේක දැම්ම වගේ නෙවෙයි. හෙට අනිද්දට හොඳ බඩු ටිකක් ඩිස්ප්ලේ දාන්න වෙයි. කවුරු හරි පිස්සු සුද්දෙක් ඇවිත් මොනවද උඹල විකුණන්නෙ කියල ඇහුවොත් කට උත්තරත් නැති වෙයි."

මිනිහ එහෙම කියල කටගන්න උනේ නෑ පාරෙ ගිය සුද්දෙක් කඩේ පාස් කරගෙන ගිහින් ආයෙමත් හැරිල එබිල බැලුවා. ඊට පස්සෙ කඩේ ඇතුලට ආවා.

"ඔහ්... යෝ... ඔයාල්ලා... මොනා බිස්නස් කරනවා?"

සුද්දට ටිකාක් විතර සිංහල ෂේප් වගේ...

සුරංගට හිතුණා පොරව ටිකක් බයිට් කරන්න...

"අපි බූරුවො තමයි විකුණන්නේ..."

පොර ගාණක් නැතිව කියල දැම්මා...

"ඔහෝ... පෝබ හොඩායි... පෝබ හොඩායි... ඕලා හොඩට බිස්නස් කර්ල ටීනවා... ටව ඩෙන්න ටමා ඉටුරු නේඩ..."

සුද්දත් ගාණක් නැතිව කියලා මාරු වුණා....


හොදයිනම් Like කරන්න
තවත් කතා මෙතනින්
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »


පෞද්ගලික උපකාරක පංතියක සුපුරුදු ප්‍රේම”ය සිදුවීමක් සිදු විය. පෙම්වතුන් යුවලක් එකට හිඳ බත් මුලක් ලිහා ගෙන කන අයුරු පංතියේ ගුරුවරයා දකියි. නිතරම මොවුන්ගේ පෙම දකින ගුරුවරයාටද දෙදෙනාව හොඳින් මතකය. කාලය කෙමෙන් ගත විය. විභාගයද අවසන් වී වසර කිහිපයක් ගත විය. දිනක් හදිසියේම තරුණයෙකු මෙම ගුරුවරයා හමු වීමට පැමිණෙයි. මේ වන විට ගුරුවරයාට මොහුව තරමක් අමතක වී තිබුණි. හඬ අවදි කළ තරුණයා තම ගුරුවරයාට අතීතය මතක් කරන්නට විය. නමුත් තරුණයා තනිව පැමිණ ඇති බැවින් ගුරුවරයාට තරමක ගැටළුවක් පැන නගියි. ඔහු තරුණිය පිළිබඳ විමසයි. ටික මොහොතක් නිහඬව සිටි තරුණයා තම දුක්බර කතාව ගුරුවරයාට පවසයි.

Read More »


දහසක් බුදුන් බුදුවන හිමිදිරියේ මහරගම සිරි වජිරඥාන ධර්මායතන පින්බිම පිරී තිබුණේ සුදු වතින්සැරසී හුන් සැදැහැවතුන්ගෙනි. සාදු සාදු සාදු ධර්ම ශාලා ගැබ පුරා ඇසෙන්නේ සුමිහිරි ස්වරයකි. ජාතික ඇඳුමෙන් සැරසී හිස් මුඩු කරගත් පස් දෙනෙකු ශාන්ත ගමනින් ධර්ම ශාලාවට පැමිණෙනවාත් සමග සාදු ස්වරය තව තවත් ගිගුම් දුනි.
Read More »

චූටි චූටි විහිලු කතා ටිකක්......


(1) ගුරුවරයා - Microsoft Excel කියන්නේ මොකක්ද?
ළමය - ඒක Surf Excel වල අලුත්ම වර්ගේ මිස්.

(2) කොල්ලෝ කෙල්ලෙක්ගෙ lips 2 kiss කරන්න කැමැති ඇයි දන්නවද?
මොහොතකට හරි කෙල්ලගේ කට වහන්න පුළුවන් නිසාලු.

(3)ළමය - තාත්තේ, ඇයි තාත්තගේ කොන්ඩේ තැනින් තැන සුදු වෙලා තියෙන්නේ?
තාත්ත - ඔයා කරන 1 වරදකට මගේ 1 කොන්ඩ ගහක් සුදු වෙනවා.
ළමය - අහ්, එහෙනම් ආතාගේ කොන්ඩේ සම්පුර්නෙන්ම සුදු වෙලා තියෙන්නේ ඇයි කියල මට තේරෙනවා.

(4)ගුරුවරයා - MATHS කියන 1එ තේරුම මොකක්ද?
ළමය - (හොඳට හිතලහිතල) Mentally… Affected… Teachers… Harming… Students…

(5)ප්‍රශ්නය - කව්ද ලෝකේ ඉන්න කම්මැලිම කෙනා?
උත්තරේ - Alarm 1එSnooze කරන 1 හොයා ගත්තු කෙනා.

Read More »


මේක පොඩි ප්‍රෝඩාවක්...........................

දවසක් වෙළෙන්දෙක් ගමකට ඇවිත් කිවුවා රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි කියලා අල්ලලා දෙන්න කියලා.......... මිනිස්සු ඉතිං වැල නොකැඩි ගස් ගානෙ බඩගාලා තොන්ඩු දාලා රිලව් ඇල්ලුවා ලොරියක් ඇවිත් පටවගෙන ගියා..........

ඊට සතියකට පස්සෙ ඇවිත් කියනවා රිලවි ඉන්නවනම් ගන්නවා රුපියල් 1500 යි කියලා... ගමේ උන් පලවෙනි ලොට් එකටම හොද ගානක් හමිබු කරගත්ත නිසා කැලේ රිලවෙක් තියා නැට්ටක්වත් හොයා ගන්න නෑ...... එකෙක් දෙන්නෙක් දන්න සෙල්ලම් දාල රිලවි කීපදෙනෙක් ගෙනල්ලා දුන්නා....

Read More »

* ඔන්න ඉතින් වජිර කියලා කොල්ලෙක් තමන්ගේ කාර් රථය පදවාගෙන ගමනක් යනවාලු.............. වෙලාව ඇතිලු පාන්දර 1 ට විතර…..ඔන්න ටික දුරක් මෙහෙම යනකොට අනිත් Side එකෙන් ආපු තවත් කාර් එකක් එක පාරටම Cross කරලා කෙලියා නේද තාප්පෙට.......නෑ නෑ කෙලියා නේද මූගේ කාර් එකට........අම්මා ගහයි කියන්නේ ලගදී ගත්ත කාර් එකලු...අඩු ගානේ මූ දූවිලි පාරක් වත් වදින්න දෙන්නේ නෑලු.....ඒ තරමට ආදරෙයිලු මිනිහා කාර් එකට.......
ඒත් ඉතින් දැන් මොන දූවිලි ද ??

කාර් එක වැදුන විදියට කාර් එකේ ඉස්සරහා බාගේ තියෙනවද කියලත් මිනිහාට දැන් සැකයිලු..........වජිර ඉතින් වද්දපු එකාගේ අම්මා මතක් කර කර බැස්සලු කාර් එකෙන් එලියට........බැහැලා බැලින්නම් කාර් දෙකේම ඉස්සරහා බාගේ Damage ලු..........අනිත් කාර් එක නම් ටිකක් පරන එකක් නිසා අවුලක් නෑ කියමු....ඒත් යකෝ වජිර ගේ එක එහෙමද....??
සතෙන් සතේ එකතු කරලා.....එකතු කරලා අමාරුවෙන් ගත්තු කාර් එකනේ යකෝ.............ගත්තා විතරයි වැද්දුවානේ.........අනිත් එක මෙතන වජිර ගේ කිසි වැරැද්දක් නෑනේ........
වජිර ඉතින් 84,000 ට මල පැනලා අනිත් කාර් එකේ ආපු එකාට හොද පාඩමක් උගන්වන්නම් කියලා හිතාගෙන ගියාලු අනිත් කාර් එක ගාවට.........
අම්මා ගහයි වජිර ට කිවුවාලු....

කාර් එකෙන් බැස්සා කියපන්කෝ ජැකලීන් ෆර්නෑන්ඩස් වගේ පට්ට කෙල්ලෙක්.....(ජැකලීන් පට්ටද මන්දා....???? )
කොහොම හරි ඔන්න කෙල්ල දැක්කා විතරයි වජිර ට කාර් එකත් අමතක වීගෙන වගේ ආවාලු.......ඒත් වද්දපු එකේ පලිය ගන්න ඕනේ කියලා හිතාගෙන වජිර මවා ගත්තාලු වගේ රකුසු මුහුණක්.......

වජිර : ' මොනවද නංගි කරන්නේ.....ඔහොමද හලෝ වාහන Drive කරන්නේ.....කවුද ඔයාට ලයිසන් දුන්නේ.....' කියලා ඔන්න යුද්දේ ප්රකාශ කලාලු

එතකොට අර කෙල්ල.......

කෙල්ල : 'අයියෝ අයියා Calm Down Calm Down.....ඔයාට ඉක්මනට තරහා යනවානේ අයියා.......ඔහොම තරහා ගන්න එපා ඉක්මනට වයසට යයි.....So I’m Nickee….Glad to Meet You……….' කියලා වජිර ට අත දික් කලාලු (නෑ නෑ වෙන මගුලකට නෙවෙයි Shake Hands කරන්න )

වජිරට දැන් පට්ටම මලලු......යකෝ සතෙන් සතේ ( නෑ නෑ ඒක ඕනේ නෑ.....).......හෙන අමාරුවෙන් ලගදි ගත්තු කාර් එකනේ මේකි වැද්දුවේ.....ඒ මදිවට වජිරට දැන් යන්න ආපු ගමන යන්න විදියකුත් නෑනේ මේ මගුලක් නිසා......අනිත් එක මේ මහ රෑ ජාමේ උදව්වක් ඉල්ලන්නවත් අහල පහල බල්ලෙක් වත් නෑනේ........
මේ සේරම මගුල් අස්සේ වැරැද්ද කලා මදිවට Shake Hands කරන්න දැන් මේකිගේ කතාව..........

වජිර : 'මේ නංගි Shake Hands නෙවෙයි හලෝ...බලන්න මගේ අලුත් කාර් එකනේ ඔයා හැප්පුවේ...මම මේක නිකන් අරින්නේ නෑ....ඉන්න තව ටිකකින් පොලිසිය එයි...එතකොට එයාලත් එක්ක බේරගන්න...' කියලා කිවුවාලු

එතකොට......

කෙල්ල : ' අනේ අයියා පොඩ්ඩක් මම කියන දේත් අහන්නකෝ අයියා.......' කිවුවාලු

වජිර : ' නෑ මුකුත් අහන්න ඕනේ නෑ....' කිවුවාලු

එතකොට ටිකක් වෙලා ඉදලා........

කෙල්ල : ' අනේ අයියේ මේ අහන්න......දැන් බලන්න අයියේ මගේ වැරැද්ද කියලා මම පිලිගන්නවා.....But look at That මම කෙල්ලෙක් නේ අයියා......මගේ පැත්තෙනුත් ටිකක් හිතන්නකෝ අයියා....
අනික ඔයාව දැක්කාම උනත් පේනවා ඔයා ගොඩාක් Handsome,ගොඩාක් Cute හොද Family එකක Decent අයියා කෙනෙක් කියලා........So Please try to Understand Me…..මගේ පැත්තෙනුත් ඔයා ටිකක් හිතයි කියලා මම හිතනවා...' කියලා ඔන්න දැන් බටර් පාර ගාන්න ගත්තාලු

වජිරටත් දැන් ඒක ඇහුවම Christmas වගේලු....ඇයි යකෝ කෙල්ලෙක් ජීවිතේටම මෙහෙම වර්ණනාවක් කලාමයිනේ...........
ඒ පාර මේ කෙල්ල ආයෙත් කියපි......

කෙල්ල : ' අනිත් එක අයියා ඔයාම හිතලා බලන්නකෝ.......ඔයා Handy Boy කෙනෙක්.....මාත් ලස්සන තරුණ කෙල්ලෙක්....ටිකක් හිතන්න සුදු අයියේ මේ වගේ පාලු තැනක,කවුරුත් නැති වෙලාවක තරුණ වයසේ කෙල්ලෙකුයි,කොල්ලෙකුයි Meet වෙනවා......මේ විදියට අහම්බෙන් අපි දෙන්නව Meet කෙරෙව්වේ අපේ දෛවය නෙවෙයිද සුදු අයියේ............කවුද දන්නේ අපේ මේ අහබු හමුවීම තවත් ලස්සන ආදර කතාවක ආරම්භයද කියලා සුදු අයියේ.............' කියලා ඔන්න දැන් නිකී කෙල්ල වෙනම Track එකකට කතාව හැරෙව්වාලු

කොහොමින් කොහොම හරි තවත් ලස්සන පුංචි ආදර කතාවක් ඒ විදියට ආරම්භ උනාලු..........දැන් ඔන්න ටික වෙලාවක් යනකොට
අපේ වජිර.....
'ඉතින් නිකී...ඔයා කොහේද ඉන්නේ.......මොනවද පවුලේ විස්තර....ඇයි ඔයාට මගේ ගැන ආදරයක් හිතුනේ.....ඇත්තටම ඉස්සෙල්ලා ඔයාට අර විදියට කතා කලාට මට සමාවෙන්න....මට හිතාගන්නත් බෑ මම කොහොම මේ පුංචි කෙල්ලට බැන්නද කියලා........දැන් මටත් ඔයාව නැතුව බෑ වගේ......'

අනේ ඉතින් දැන් මේ අර ටිකකට කලින් කාර් එකෙන් බැහැපු වජිරද කියලා හිතාගන්න බෑලු....ඒ තරමට වජිර ආදරෙන් මුසපත් වෙලා,වෙලිලා ගැලිලා,හෙම්බත් වෙලා කොටින්ම කිවුවොත් අනාත වෙලාලු දැන් ඉන්නේ.......දැන් මිනිහාට Accident එක මතකත් නෑ,යන්න ආපු ගමන මතකත් නෑ,කාර් එක මතකත් නෑලු......ඒ තරමට දෙන්නා දැන් ආදරෙන් වෙලිලාලු.......

ටිකක් වෙලා ගිහින්......

කෙල්ල : ' මේ ඒක නෙවෙයි Darling (මේ ටිකට Darling උත් වෙලා.....) .................මගේ කාර් එකේ වොඩ්කා බෝතලයක් තිබුනා........අකමැත්තක් නැත්තම් දෙන්නත් එක්ක ටිකක් බොමුද.......' කියලා ඇහුවාලු

වජිරත් ඉතින් ගත් කටටම 'හා' කියලා කිවුවාලු..........
ඔන්න දැන් කෙල්ල වොඩ්කා එක ගෙනැල්ලා Glasses දෙකකුත් ගෙනැල්ලා වජිරටත් එකක් දුන්නාලු........වජිරත් ඉතින් Glasses 2,3 විතර හිස් කලාලු.........ඒත් කෙල්ල තාම Glass එක අතේ තියාගෙන කල්පනා කරනවාලු....... බොන පාටක් නෑලු
කොහොම හරි ටික වෙලාවක් යද්දී වොඩ්කා බෝතලෙන් කාලකට වැඩිය වජිර වග කිවුවාලු.....
ඊට පස්සේ බලනකොට කෙල්ල ටිකක් එහාට ගිහින් Call එකක් ගන්නවාත් වජිර දැක්කාලු........බලනකොට කෙල්ල බොන්න ගත්තු වොඩ්කා එක බීලත් නෑලු....ඒකත් එහෙම්මම ඉතුරුයිලු..........
පස්සේ කෙල්ල එනකල් ඉදලා...............

වජිර : ' අයියෝ ඔයාගේ වොඩ්කා එක තාම ඉතුරුයිනේ.....මොකද පැටියෝ බොන්නේ නැද්ද.......' කියලා හරි ආදරෙන් මාරම විදියට ඇහුවාලු

කෙල්ල බැලුවාලු වජිර දිහා......හැලුවාලු කෙල්ලගේ වොඩ්කා ටික බිමට....

කෙල්ල : ' බොන්න....බොන්න නෙවෙයි මම පොලිසියට Call කලා.....තව ටිකකින් පොලිසියෙන් එයි...........මෙතන බේබද්දා වගේ බීලා බීලා Drive කරලා මගේ කාර් එක හැප්පුවාට ඉන්නවාකෝ තමුසේට උගන්නන්න මම හොද පාඩමක් අද.....' කියලා වජිර ට කිවුවාලු

/අනේ ඉතින් අසරණ වජිර මේ මහා බියකරු රාත්රියේ Totally Lost ලු..........කෙල්ලගේ කපටිකමද, නැත්තම් වජිරගේ මෝඩකමද කියලා සිතාගැනීම කියවන ඔබට බාර කරමි...........!! /
………………………………………………………………………………………………………

[ Mouse එක වැඩ කරනවා නම් Like කරන්න......Key Board එක වැඩ කරනවා නම් Comment කරන්න….!!! ]
>-© -<

Chami Hewawitharana ගෙන් උපුටාගැනිමකි
තවත් කතා මෙතනින්
Share on Facebook
Read More »