Blogger news

Gallery

Latest Video Gallery

Popular of this week

Pages


උදේ පාන්දරම රෝහලක නර්ස් නෝනා කෙනෙක් වගේම මුළු රෝහලම බොහෝම කාර්යබහුලව කලබලයෙන් වැඩ. උදෑසන 8.30 පමණ වෙනකොට අවුරුදු 80ක පෙනුම තියෙන මහත්මයෙක් මේ රෝහලට ආවා. ඔහු ආවේ ඔහුගේ මහපටඟිල්ලේ තිබුනු තුවාලයකට නැවතත් ඛෙහෙත් කරගන්න. අහම්බයෙන් වුනත් මේ නර්ස් නෝනා මේ මහත්තයාව දුටුවේ ඔහු නිතරම කලබලයෙන් තමන්ගේ අතේ තියෙන ඔරලෝසුව බලන නිසාමයි.

”ඔහුට නම් හොදටම කලබල පාටයි. තව මොකක් හරි වැඩක් දාගෙන. හදිසි නම් මොකටද දැන්ම ආවේ. මේ ලෙඩ්ඩු ටිකට සාත්තු කරලා තමා ඔහුව බලන්න වෙන්නේ.” ඇය හිතුවා.


Read More »

හෝවාර්ඩ් කෙළී කියන්නේ කුඩා නගරයක ජීවත් වුන දුප්පත් ළමයෙක්,මෙයා ඉස්කෝලේ යන්න සල්ලි හොයා ගත්තේ ගෙයින් ගෙට ගිහින් බඩු විකුණලා. දවසක් මෙයා වෙළදාමේ යනකොට ලොකු බඩගින්නක් ආවා. ඒත් මෙයා ලග ඉතිරි වෙලා තිබුනේ බොහෝම සුලු මුදලක් නිසා මෙයා හිතුවා ඊලගට යන ගෙදරින් කන්න දෙයක් ඉල්ලනවා කියලා. ඊලග ගෙදරට ගිහින් දොරට තට්ටු කලාම දොර ඇරියේ ගොඩක් ලස්සන තරුණ ගෑණු ළමයෙක් නිසා මෙයාට කන්න දෙයක් ඉල්ලන්න ලැජ්ජා හිතිලා බොන්න වතුර ටිකක් ඉල්ලුවා. ඇයට හිතුනා මේ පිරිමි ළමයට ගොඩක් බඩගිනි පාටයි කියලා,ඒ නිසා වතුර වීදුරුවක් වෙනුවට කිරි වීදුරුවක් ගිහින් හෝවාර්ඩ් කෙළීට දුන්නා.

හෝවාර්ඩ් කෙළී බොහෝම ආශාවෙන් මේ කිරි වීදුරුව පානය කරලා ඇහුවා
"මැඩම් මම ඔබට කොපමන ණයද" කියලා.
"ඔයා මට කීයක්වත් ණය නෑ" මදක් සිනාසුන ඇය කීවා "අපේ අම්මා කියලා තියනවා කරුණාවෙන් දෙන දෙයට මුදල් ගන්න එපා කියලා".
"එහෙනම් මැඩම් මම මගේ හදවතින්ම ඔයාට ස්තූති කරනවා...ඔයාට ගොඩාක් ස්තූතියි මැඩම්" කිව්ව හෝවාර්ඩ් කෙළී ආපහු යන්න පිටත් උනා.

ඒ ගෙදරින් පිට වෙනකොට බීපු කිරි වීදුරුව නිසා එයා ශාරීරිකව පමනක් නෙවේ මානසිකවත් ගොඩක් ශක්තිමත් වෙලයි හිටියේ.මිනිසුන් ගැන එයාගේ තිබුන විශ්වාසය ගොඩක් වැඩි උනා ඒ සිද්ධියෙන්.
මේ සිද්ධියෙන් පස්සේ වසර ගණනාවක් ගෙවිලා ගියා. හදිසියේම මේ කාන්තාව බරපතල විදියට අසනීප උනා. ඇය ජීවත් වුන කුඩා නගරයේ වෛද්‍යවරුන්ට ඇගේ රෝගය නිශ්චය කිරීමට නොහැකි වූ නිසා ඇයව විශාල නගරයක විශාල රෝහලක් වෙත යැවුවා. මේ වෙනකොට වෛද්‍ය උපදේශකයෙක් ලෙස වෛද්‍ය හෝවාර්ඩ් කෙළී සේවය කලේත් මේ රෝහලේ. රෝහලේ නේවාසිකව සිටින ගොඩක් දුර්ලභ රෝගයක් ඇති මේ කාන්තාවගේ පදිංචි නගරය තමන් ගේ නගරයම බව දැන ගත් පසු වෛද්‍ය හෝවාර්ඩ් කෙළී ඉක්මනින් ඇයව බලන්න ගියා. ඇය සිටින කාමරයට ඇතුල් වී ඇයගේ මුහුන දුටු පමනින් වෛද්‍ය හෝවාර්ඩ් කෙළී ඇයව හදුනා ගත්තා.

එතැන් පටන් සති ගණනාවක් යන තුරු ඔහු ඇය වෙනුවෙන් කැප වී ඇයගේ රෝගය සුව කිරීමට මහන්සි ගත්තා.ඔහුගේ මහත් කැප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ඇය සම්පූර්ණ සුවය ලැබුවා,නමුත් තමන්ව සුව කලේ තමන් වසර ගණනාවකට පෙර කිරි වීදුරුවකින් සංග්‍රහ කල ඒ කොලු ගැටයා බව හදුනා ගැනීමට ඇයට නොහිකි වුනා.

අවසානයේ ඇය රෝහලෙන් නික්ම යන දිනය උදා වුනා. ඇයගේ ප්‍රතිකාර සහ නේවාසිකව සිටි කාලය සදහා වුන බිල් පත අවසන් අනුමැතිය සදහා වෛද්‍ය හෝවාර්ඩ් කෙළී වෙත ගෙන ආවා. බිල් පත හොදින් පරීක්‍ෂා කල ඔහු එහි කොනක යමක් සටහන් කර ඔහුගේ මුද්‍රාව තබා නැවත බාර දුන්නා.

කාන්තාව වෙත ගෙන ආ බිල් පත ඇයට බාර දුන්නා. ඇය සෙමින් එය විවෘත කලා,ජීවිත කාලය පුරාම මහන්සි වුනත් ගෙවීමට නොහැකි විශාල මුදලක් එහි සටහන්ව ඇති බව ඇයට හොදටම විශ්වාසයි. බිල්පත විවෘත කල විට එහි කොනක සටහන්ව ඇති යමක් වෙත ඇගේ අවධානය යොමු වුනා.

"සම්පූර්ණ මුලු මුදලම කිරි වීදුරුවකින් ගෙවන ලදී"

සහතික කලේ,
වෛද්‍ය හෝවාර්ඩ් කෙළී.
Read More »


මම කුඩා දැරියක්ව සිටි කාලයේ මගේ මව සතියකට වතාවක්වත් විශේෂ ආහාර වේලක් පිලියෙල කිරීම පුරුද්දක්ව කරගෙන සිටියාය.එසේ විශේෂ ආහාර වේල් සැකසූ දින සිය ගණනක් ඇතත් ඉන් එක් දිනයක් තවමත් මගේ මතකයේ හොදින් සටහන් වී ඇත. 

දිනක් කාර්යාලයේ විඩාබර දිගු දිනයක් අවසානයේ නිවසට පැමිනි මගේ මව වහාම මුලුතැන්ගෙයට වැදී පියා සහ මා වෙනුවෙන් විශේෂ රාත්‍රී ආහාර වේලක් සැකසුවාය.රසවත් ආහාර වේලක රස බැලීමේ අරමුනෙන් රාත්‍රී කෑම මේසයට වාඩි වූ මගේ බලාපොරොත්තු බිද වැටුනි.මව අප වෙනුවෙන් සොසේජස් සහ බිත්තර සමග ආහාරයට පාන් ටෝස්ට් කර තිබූ නමුත් පාන් පෙති සියල්ල කර වී තද දුඹුරු පැහැයට හැරී තිබුනි. බලාපොරොත්තු කඩ වූ දෙනෙතින් මම මව දෙස බැලූ අතර ඇගේ මුහුනේ ඇදී තිබුනේ අපෙන් සමාව ඉල්ලන සුලු බැල්මකි.පියා ඇයට බැන වැදෙනු ඇතැයි සිතා මම පියා දෙස බැලූ නමුත් ඔහුගේ මුහුනේ කිසිදු වෙනසක් මා දුටුවේ නැත.මවට සිනහවකින් සංග්‍රහ කල ඔහු කර වූ පාන් පෙති කිහිපයක් තම පිගානට දමා ගත් අතර සුපුරුදු පරිදි මගෙන් එදින පාසලේ කටයුතු පිලිබදව ඇසීය.එදින රාත්‍රියේ මම ඔහුට දුන් පිලිතුර මට මතක් නැති මුත් බිත්තර සහ සොසේජස් සමග පිගානට දමා ගත් සෑම කර වූ පාන් පෙත්තක්ම ඔහු රස කර කර ආහාරයට ගත් අයුරු නම් මට අමතක නොමැත. සොසේජස් සහ බිත්තර පමනක් ආහාරයට ගත් මා කෑම මේසයෙන් නැගිට ඉවත්ව යාමේදී මට ඇසුනේ මගේ මව පියාගෙන් පාන් පෙති කරවීම පිලිබදව සමාව අයදින ආකාරයයි.

"මම කර වුනු පාන් කන්න ගොඩක් කැමතී " ඒ පියා මද සිනහවක් සමගින් මවට දුන් පිලිතුරයි.
එදින රාත්‍රී නින්දට යාමට පෙර පියා අසලට ගිය මා ඔහුගෙන් ඇසුවේ සත්‍ය වශයෙන්ම ඔහු කර වුනු පාන් කෑමට කැමතිද යන්නයි. මාව තුරුලට ගත් ඔහු පැවසූ වදන් අද වන තෙක්ම මගේ සිතේ තදින්ම සටහන්ව ඇත.

"දුවේ අද දවසම අම්මා ඔෆිස් එකේ ගොඩක් මහන්සි වුන දවසක්,එයා ගොඩක් මහන්සියෙන් හිටපු නිසා පාන් කර වෙන්න ඇත්තේ, එක වේලකට කරවුනු පාන් කෑවා කියලා අපි කාටත් හිරිහැරයක් වෙන්නේ නෑනේ දුවේ"
එදින රාත්‍රියේ නිදා ගැනීමට ඇදට ගියත් මම බොහෝ වේලාවක් යන තුරුත් කල්පනා කලේ එදින වූ සිද්ධිය සහ පියාගේ කරුණාවන්තකම පිලිබදවයි.

එම සිද්ධිය වසර ගණනාවක් පුරා මගේ මතකයේ රැදී තිබුනු අතර පසුගිය සතියේ මගේ සැමියා වන ජැක් සහ මා රාත්‍රී ආහාරය සදහා වාඩි වූ විට මුහුන දුන් සිද්ධියක් නිසා එම මතකය අලුත් විය.
එදින කාර්යාලයේ වැඩ අධික දිනයක් වූ බැවින් මා නිවසට එනවිට බොහො ප්‍රමාද විය.රාත්‍රී ආහාරය සදහා සොසේජස් සමග ආහාරයට ගැනීමට පාන් පෙති කිහිපයක් ටෝස්ටරයට දැමූ මා නාන කාමරයට වැදුනේ අධික මහන්සිය නිවා ගැනීමට ස්නානය කිරීමටයි.
අධික වෙහෙස නිසා මටත් නොදැනීම බොහෝ වේලාවක් මා නාන කාමරයේ ගත කල අතර අවසානයේ පිටතට පැමින මුලුතැන් ගෙයට ගිය මා දුටුවේ පාන් පෙති අධික ලෙස කර වී ඇති ආකාරයයි.

රාත්‍රී ආහාර මේසයේදී මට මහත් අපහසුවක් දැනුනු අතර ජැක් කර වූ පාන් පෙති පිලිබදව යමක් පවසන තුරු මම බලාගෙන සිටියෙමි නමුත් ඔහු කිසිවක් නොපැවසූ අතර පාන් පෙති තුනක්ම අපහසුවකින් තොරව ආහාරයට ගත්තේය.එම කාලය පුරාම මා ඔහුගෙන් ඇනුම් පදයක් එල්ලවන තුරු බලා සිටි නමුත් ආහාර වේල අවසානයේ ඔහු පැවසුවේ

"ඔයාට ගොඩාක් ස්තූතියි අද රෑ කෑම පිලියෙල කලාට, මම දන්නවා අද ඔයාට ගොඩාක් මහන්සි දවසක් " යන්න පමනි.
වසර ගණනාවකට කලින් මා කුඩා දැරියකව සිටියදී මගේ පියා පිලිබදව මතකය මගේ සිහියට නැගුනි, කර වූ පාන් කැබැල්ලකට තම විවාහ දිවිය පලුදු කිරීමට ඔහු ඉඩ නොදුන් අතර එවැනිම වූ සැමියෙකු ලැබීම පිලිබදව මා බෙහෙවින් සතුටු විය.


Read More »


එක් සිකුරාදාවක සේවා ස්ථානයට යන්න ලෑස්ති වෙන ගමන් මාක් එයාගේ බිරිදත් එක්ක කිව්වා ඒ දවස ඇතුලත එයා අනිවාර්යෙන්ම බොස්ගෙන් එයාගේ වැටුප වැඩි කරන්න කියලා ඉල්ලන බව. පසුගිය මාස 18 ඇතුලත මාක් ගොඩක් මහන්සි වෙලා වැඩ කලා.එයා සේවය කලේ විශාල මාධ්‍ය ප්‍රචාරක ආයතනයක. ඒ මාස 18 ඇතුලත මුලු රටේම ප්‍රසිද්ධ ආයතන විශාල ප්‍රමානයක ප්‍රචාරක කටයුතු බාරව හිටියේ මාක්,තමන් ගේ ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වුන ප්‍රමානයටත් වඩා සාර්ථක විදියට ඒ ඒ ප්‍රචාරන කටයුතු නිම කරන්න ඔහු සමත් උනා

එදා දවසම මාක් ගතකලේ නොසන්සුන් විදියට. කීප වතාවක්ම තමන්ගේ ප්‍රධානියා ලගට යන්න හැදුවත් එයාට ඒක කරන්න බැරි වුනා. ප්‍රධානියා තමන් ගේ ඉල්ලීම ප්‍රතික්ශේප කලොත් ගත යුතු පියවරක් ඔහුට හිතා ගන්න අපහසු උනා. නමුත් අවසානයේ කාර්යාලයේ කටයුතු අවසන් වීමට මොහොතකට පෙර ප්‍රධානියා ලගට ගිය මාක් තමන් ගේ ඉල්ලීම ඔහුට ඉදිරිපත් කලා. ඔහුට ගොඩක් පුදුමයි,ඒ වගේම සතුටුයි,තමන් හිතුවාටත් වඩා විශාල වැටුප් වැඩි කිරීමක් ප්‍රධානියා ඔහුට ලබා දුන්නා.

මේ ආරංචිය බිරිදට කියන්න අවශ්‍ය නිසා ඔහු වෙනදාටත් කලින් නිවසට ගියා. නිවසට ගිය ඔහු විශ්මයට පත් වුනා. නිවසට යන විට බිරිද ඉතා අනර්ඝ රාත්‍රී ආහාර වේලක් සකසා තිබුනා,එයට මාක්ගේ ප්‍රියතම ආහාර වර්ග සියල්ල අන්තර්ගතව තිබුනු අතර මේසය මත වූයේ ඔවුන් සතු වූ අනර්ඝම පිගන් කට්ටලයයි. මේසය මත ඔහුගේ පිගාන අසල තවත් යමක් තිබුනා,ඒ කිසියම් දෙයක් සටහන් කරපු කාඩ් පතක්. එහි බිරිදගේ අත් අකුරින් පහත වැකිය සටහන් කර තිබුනා,

"සුභ පැතුම් මගේ වස්තුව...මම දැනගෙන හිටියා ඔයාට එය ලැබෙන බව...මේ රාත්‍රී ආහාර වේල මම සකස් කලේ මම ඔයාට කොපමන ආදරේද කියල පෙන්වන්න...මට ඔයා ගැන ආඩම්බරයි"

එය කියවූ ඔහු තමන් ගේ බිරිද තමන් ගැන කොපමන සැලකිලිමත්දැයි කල්පනා කලා. නිසැකවම කාර්යාලයේ ඔහුගේ මිතුරෙක් බිරිදට ඔහුගේ ජයග්‍රහනය ගැන පවසන්න ඇති බව ඔහු සිතුවා.

ආහාරයෙන් පස්සේ මාක් මුලුතැන්ගෙට ගියේ අතුරුපස රැගෙන එන්න. එහිදී ඔහු දුටුවා බිරිදගේ අත් අකුරින් කියැවුනු තවත් කාඩ් පතක් ඇය අතින් මුලුතැන් ගෙයි පොලව මත වැටී ඇති බව. එය අහුලා ගත් ඔහු එය කියෙව්වා,බිරිදගේ අත් අකුරින් එහි මෙසේ සටහන් වුනා,

"එය නොලැබුන එක ගැන ඔයා දුක් වෙන්න එපා වස්තුව...ඒත් එය ඔයාට ලැබිය යුතුම දෙයක්...ඔයාට ලගදීම ඒ දේ ලැබෙයි.ඔයාට ඒක නොලැබුනත් ඔයාට මම ඉන්නවා...මේ රාත්‍රී ආහාර වේල මම සකස් කලේ මම ඔයාට කොපමන ආදරේද කියල පෙන්වන්න."

මේක කියවා අවසන් කල පසු සිදුවෙලා තියන දේ ඔහුට වැටහුනා. වැටුප් වර්ධනය ලැබුනොත් එය සැමරීමටත් වැටුප් වර්ධනය නොලැබුනොත් ඔහුව දුර්මුඛ නොකර ධෛර්යමත් කිරීමටත් ඔහුගේ බිරිද සැරසී සිටිය බව ඔහුට පෙනී ගියා. බිරිද තුල තමා පිලිබදව ඇති කොන් දේසි විරහිත ආදරය පිලිබද හැගීමෙන් ඔහුගේ දෙනෙතින් කදුලු ගලාගෙන ආවා.
Read More »

01 රාවණලාගේ යුගයේදී මේ රට හරිම සශ්‍රීකයිලු. ඒ කාලේ මේ රටේ ඉඳලා තියනවා ඉසිවරු. ඔන්න එක්තරා ඉසිවරයෙක් හිටියලු වෙදකමට දක්ෂ. ඒ ඉසිවරයා ඉතින් කැළේට ගිහින් නොයෙකුත් කොළ වැල් ගෙඩ් අරවා මේවා අරගෙන පර්යේෂණ කරනවාලු. දවසක්දා මේ ඉසිවරයා කැළේට ගිහින් ඔහොම නොයෙක් ශාඛ වර්ග අධ්‍යයනය කරන අතරේ දැක්කලු කවදාවත් දැක්කේ නැති ශාඛයක්. ඉතින් මේ ඉසිවරයා මේ මොකක්ද යකෝ මේ ශාඛය කියලා අර ඉසිවර ලෝගුවත් කැහැපට ගහගෙන නැමිලා මේක අධ්‍යයනය කර කර ඉන්නවලු. ඔන්න ඔහොම ගැඹුරු අධ්‍යයනයක ඉන්නකොට මේ හරියෙන් ගියාලු එක්තරා දඩයක්කාරයෙක්. මිනිහා මේ පැත්තේ කරක් ගහන ඩයල් එකක්ලු. ඉතින් දඩයක්කාරයා දැක්කලු ඉසිවරයා නැමීගෙන ඉන්නහැටි. වැඩේ කියන්නේ ඉසිවරයා ලෝගුව කැහැපොට ගහගෙන හිටපු නිසා ඉසිවරයාගේ වෘෂණ කෝෂ පේනවාලු දඩයක්කාරයාට. දඩයක්කාරයාට හීන් හිනාවක් ගියාලු. ඇයි බොල මේ එසේ මෙසේ ඩයල් එකක්ද මේ දෙකට නැමී ගෙන ඉන්නේ. ඉතින් දඩයක්කාරයා ඉසිවරයාට ඇහෙන්න කිවුවලු “වල්ල පට්ට ආ...” එහෙම කියලා ඇහැකුත් ගහලා කින්ඩි හිනාවක් දාගෙනම දඩයක්කාරයා යන්න ගියාලු. ඉසිවරයා ගැඹුරු අධ්‍යයනයක හිටිය නිසා මේ කියපු දේ තේරුම් ගත්තේ වැරදියටලු. ඉසිවරයා හිතුවලු ආ බොලේ මේ දඩයක්කාරයා කියන්නේ මේ ශාඛය ගැන තමයි. මූ මේ පැත්තේ කරක් ගහන ඩයල් එකනේ. මම මැරීගෙන දෙකට නැමිලා මේක අධ්‍යයනය කරනවා දැකලා මට උදව්වක් විදිහට මේ ශාඛයේ නම තමයි කිවුවේ කියලා ඉසිවරයා හිතුවලු. එදා ඉඳල‍ා ඒ ශාඛය ‘වල්ලපට්ටා’ ශාඛය වුණාලු.
Read More »

ජපානයේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබා උපාධිධාරියකුට එකල ජපානයේ වැදගත්ම රැකියාවක් වු බැංකුවක වැඩ කල විට මාසයකට උපයා ගත හැකි වු වැඩිම වැටුප වුයේ ‍ජපන් යෙන් 70 කි. එකලම ජපානයේ අලෙවි වු Leica Model II කැමරාවක් යෙන් 420 ක් තරම් වුයේ සාමාන්‍ය පුද්ගලයකුට ඒ ගැන සිතන්නට බැරි තරමිනි.


එකල තිබු විශිෂ්ඨ ගණයේ කැමරාවන් වුයේ Leica හා Contax නම් වු වර්ග දෙකයි. 1932 දී "Leica Model II," කැමරාව හදුන්වා දුන් අතර එය අනුගමනය කරමින් 1933 දී "Contax Model I" කැමරාව වෙළඳ පොලට පැමිණි අතර මේ නිෂ්පාදනයන් දෙකෙහිම සාඩම්බර නිපැයුම් අයිති වුයේ එකල කැමරා සඳහා අධි‍රාජ්‍ය වු ජර්මනියටයි.

කතාව ටිකක් අමුතු තාලෙට පටන් ගත්තට කියන්න යන්නේ නිතර දෙවේලේ දිග ලෙන්ස් දාගෙන මගුල් ගෙවල් වලදි දකින, පාරේ ‍තොටේ යද්දී විදේශිකයන් කරේ එල්ල ගෙන යන වෘත්තිය මට්ටමේ කැමරාවක කතාවක්.. පොඩි කතාවක්...




කියවලා බලලම අදහසක් එකතු කරන්නකෝ.. තොරතුරු ජයාරූප සියල්ල වෙනදා වගේම අන්තර්ජාලයෙන්....

“ඔබේ රටේ ඉතා ඉහල මට්ටමේ ගුවන් යානා ඉහල මට්ටමේ යුධ නෞකා නිපදවද්දී ඇයි මේ කැමරාවක කොටස් ගන්න මෙහෙ එන්නේ ඇයි? ඔයාලාගේ ජනතාවට මේ වගේ කැමරාවක් හදන එක සුලු වැඩක්...”

හිරෝෂිමාවේ උපත ලද යොෂි‍ඩා අධ්‍යාපනය අතරමගදී ‍ටෝකියෝවට පැමීනෙන්නේ රැකියාවක් සඳහායි. එහිදී ඔහු විඩියෝ කැමරාවන්, අලුත්වැඩියා කරන වගේම අලුතින් නැවත නිර්මාණය කරන ස්ථානයක ආධුනිකයකු ලෙස කටයුතු කරන අතර එහි අවශ්‍ය කොටස් ගෙන ඒමට චිනයේ ෂැංහයි නුවරට ගිය අතර මගකදී ඔහුට හමුවන ඇමරිකානුවකු පැවසු ඉහත අදහස ඔහුගේ මුලු ජීවිතයම වෙනස් කරන්නට විය.


(එය පිළිබඳව පසු කලෙක ඔහු සඳහන් කර තිබුනා.)

ඒ අදහස සිතට ගත් ඔහු ඒ පිළිබඳව අවධානය යොමු කරන්නට වුනා. අවසානයේ ජපානයේ එක් පුද්ගලයකු Leica Model II කැමරාවක් උපයෝගී කරමින් එය ක්‍රියාකාරිත්වය පිරික්සමින් ජපානයට පලමු කැමරාව නිපදවීමට සමත්විය.

ඔහු නමින් Goro Yoshida යි. පසු කලෙක ඔහු පවසා තිබුනේ කැමරාව ගලවා බැලු පසු එය ඇතුලත් වු වටිනාකමින් අඩු දෑ අනුව සඳහන් වු වටිනාකම ගැන ඔහුට තරහා දැනුනු බවයි.


ඔහු ගේ මස්සිනා වු Saburo Uchida හා එකතුව 1933 දී ජපානයේ ටෝකියෝවෙහි Roppongi, Azabu Ward හි කුඩා පාරක් අයිනේ පිහිටි ගොඩනැගිල්ලක කාමරයක Precision Optical Instruments Laboratory නමින් ඔවුන්ගේ කඩය පිහිට විය.




ඔවුන්ගේ සිහිනය වු කැමරාවේ මුලාකෘතියක් 1934 ජුනි මසදී නිපද වු අතර එය "Kwanon,"නමින් නම් කරන ලද්දේ බෞද්ධයකු වු යොෂිඩා කරුණාව සඳහා දේවතාවිය වු Kwannon ගැන විශ්වාස කරන්නකු වීමයි.









එහි සලකුණ ලෙස යොදා ගෙන තිබුනේ “අත් දහසක් සහිත” වු දේවතාවියගේ පින්තුරයකුයි.එහි ලෙන්සය "Kasyapa" ලෙස නම් කර තිබුනේ බුදුන්වහන්සේගේ ශ්‍රාවකයකු වන මහා කාශ්‍යප තෙරුණ්වහන්සේ සිහිවන්නටයි.

එසේ නිපද වු මුලාකෘතිය පසුකලෙක " Canon" වු එය විවිධ සොයාගැනීම් ,වැරදි අතරින් වර්තමානයේ Canon ලෙස අපි හැමදෙනාම දන්න කැනොන් කැමරාවේ ඇරඹුමයි.




එකල තුන් ආකාරයක කැමරා වර්ග පුවත්පත් පත් දැන්වීම වල දක්නට ලැබුනත් "Kwanon," නමින් කැමරාවක් වෙළඳපොලේ දක්නට ලැබුනේ නෑ..

ඔවුන් අවසානයේදී "Hansa Canon (Standard Model)," ලෙසින් 1936 පෙබරවාරියේ නිකුත් කලේ එකල Nippon Kogaku Kogyo (Japan Optical Industries, Inc.,) හෙවත් වර්තමානයේ “නිකෝන්’ ලෙස හදුන්වන සමාගමේ Nikkor ලෙන්සයක් ඔවුන්ගේ බඳට සවිකිරීමෙනි.





ඒ සඳහා ඔවුන් ගිවිසුමක් අත්සන් ‍කොට තිබුනි. එය සමාගම් දෙකටම ලාභ ගෙන දෙන්නක් වුනා. එහි "Precision Optical Instruments Laboratory," යන නම ඇතුලත් නොවු අතර බොහෝ දෙනා එය හදුනා ගත්තේ Hansa Canon යන නමිනි.








1936 ජුනි මසදී "Precision Optical Instruments Laboratory," ය Meguro Wardස්ථානයට ගෙන ගිය අතර එහි නම Japan Precision Optical Instruments Laboratoryලෙසට වෙනස් කරන ලදි. ප්‍රථම වරට එසේ වෙනස් වුන නම දක්නට ලැබුනේ 1936 අගෝස්තුවේදී පළවු Asahi Camera සඟරාවේ පිටුවකයි.






1937 මැද වන විට "Hansa Canon කැමරා සඳහා හොද ඉල්ලුමක් පැවති අතර 1939 දී ඔවුන්ගේම Serenar ලෙස හැදින්වු ලෙන්සයක් සහිතව කැමරා නිකුත් කරන්නට වුනා.




ඔවුන් ඒ පිළිබඳ වේගයෙන් අලුත්කිරීම් කරන්නට උත්සුක වු අතර 1946 දී JII හා SII ලෙස අලුත් මොඩල හදුන්වා දෙන ලද අතර SII විශාල වශයෙන් එකල අලෙවි වන්නට වු අතර 1947 දී Canon Camera Co. Inc. ලෙස තම නම වෙනසකට ලක්කරන්ට වුනා. Canon යනු ලතින් භාෂාවෙන් යථාර්ථය යන්නයි.


1950 දී Serenar 50mm f1.8 ලෙන්සය සහිත වු කැනොන් කැමරාව එකල තාක්ෂණය අනුව ඉහලින්ම තිබු කැමරාවක් ලෙස ‍බොහෝ දෙනා හදුන්වනු ලැබුවා..



1950 හා 1960 දශකයන් හි කැනොන් සමාගම තම නිෂ්පාදන කැල්කියුලේටර,පොටෝ කොපි, ප්‍රින්ටර ආදිය දක්වා පුළුල් කල අතරම ඔවුන්ගේ මුලික නිපැයුම වුයේ කැමරාවයි.
හොදට දැකලා පුරුදු දන්න පොටෝ ටිකක නොදන්න වගතුග.. - World's famous photos (Greatest photos ever taken)




1959 දී ඔවුන්ගේ SLR (single-lens reflex) කැමරාව Canonflex නමින් ඉදිරිපත් කරන ලදි.




1971 දී FD ලෙන්ස් mount සහිතව ඉතා වේගවත් SLR කැමරාවක් ලෙස F-1 හදුන්වා දෙනු ලැබුවා.





ඉන්පසුව ලොව මයික්‍රො ප්‍රෙ‍ාසෙසරයක් සහිත වු ප්‍රථම කැමරාව 1976 අප්‍රේල් මස AE1 හදුන්වා දෙන ලදි. එය එම කාලයේ තිබු දියුණුම කැමරාව විය.






1980 දී කැනොන් තම T series කැමරා හදුන්වා දෙන්නට විය. එය FD ලෙන්ස් mount සහිත අවසන් කැමරා පෙලයි.





1987 දී EF lens mount හදුන්වා දුන් අතර එය වර්තමානයේ භාවිතා වන Canon EOS (Electro-Optical System) කැමරාවේ ඇරඹුමයි.





ඒ Canon EOS 650 කැමරාවත් සමගයි.





1995 දී Kodak සමාගම හා එකතුව EOS-DCS කැමරා පෙළ නිකුත් කරන ලදි.





වසර 2000 ඔක්තෝම්බර් මස Canon EOS 30 කැමරාව ඉදිරිපත් කරන ලදි. එය කැනොන් සමාගමට වඩා ලාභ ගෙන දෙන්නක් විය.





2001 නොවැම්බරයේ දී කැනොන් සමාගම තම ප්‍රථම වෘත්තීය DSLR (Digital Single-Lens Reflex) කැමරාව Canon EOS-1D ලෙස නිකුත් කරන ලදි.









එලෙස ආරම්භ වු Canon EOS අද වන විට විවිධ අංක වලින් වැඩි අංග රාශියකින් ලෙන්සය මාරු කරමින් භාවිතා කල හැකි මිල අධිකම කැමරාවන් ගෙන් යුතු වේ..


ඒ ගැන නම් ඉතින් බොහෝම දෙනෙක් දන්නවනේ..



එසේ ආරම්භ වු කැනොන් අතීතයෙන් වර්තමානය වෙද්දී දශක කිහිපය තුල කැමරා මිලියන 90 වැඩි ප්‍රමාණයක් ලොව පුරා අලෙවි කර ඇත.



ඔබත් Canon කැමරාවක් භාවිතා කරන්නෙක්ද??


Read More »

ලාංකීය සංගීත කලාවට නව පෙරලියක් කල අද අපේ තාත්තා ගීතයෙන් පසුව "Funky Dirt" සංගීත  කණ්ඩායම "බස් එකේ" ගීතයෙන් තරුණ තරුණියන්ට අලුත් වින්දනයක් ඇති කිරීමට මේ වන විටත් සමත්ව ඇත.
එකම නාද  රටාවන්ට හුරු වූ ලාංකීය ගීත රසිකයන්ට "Funky Dirt" සංගීත කණ්ඩායමෙන්  වෙනම නාද රටාවකට, වින්දනාත්මක රූප රචනයක් සමගින්, නව නර්තන කලාවක් ද රසික ඔබ සැමට හඳුන්වා දී ඇත. මෙම  ගීතයේ  සංගීතය  පදරචනය ගායනය යන සියළු නිර්මානශීලි  කටයුතු  ''funky dirt '' සංගීත කණ්ඩායම අතින්ම නිර්මාණය කර තිබිම මෙහි ඇති විශේෂත්වය වන්නේය.මෙහි  රුපරචනය කර තිබෙන්නේ ''A - TUNE '' video productoin විසිනි .
මුල් ගීතය මෙන්ම මෙම ගීතයත් රසිකයන් අතරේ අතිෂය ජනප්‍රිය වේ යැයි මොහුන්ගේ බලාපොරොත්තුවයි.
එම වීඩියෝව පහතින් ..

Read More »

දවසක් හෙලබසින් කතා කරන වියතෙක් ගියාලු ත්රී වීලර් එකක. දැන් ගමන ගිහින් ගාස්තුව ගෙවන වෙලාවේ සංවාදය මෙහෙමයිලු...

වියතා : රථ පළුව මාගේ බරපැන කෙතෙක් ද?
3W මල්ලි : මහත්තයා මේ... නිකන් අනං මනං පාට් දාන්න එන්න එපා... මගේ ගාන දෙන්න.

වියතා : නැත දරුව, මා ඒ වැනුයේ හෙළුවෙනි...

3W මල්ලි : මහත්තයා... හෙළුවෙන් බැරිනම් ඕනෙ විදියකට වනාගනින් මගේ ගාන දීලා...

වියතා : නැත නැත.. ඔබට නොතේරේ, දරුව හෙළුවෙන් වනන්නෝ වනාහි පකට පුබුදෝය (= ප්රකට ප්රබුද්ධයෝය)

3W මල්ලි : (මළපැන) අඩෝ මේ.... උඹ ප*$*$ බැරිනම් හු*$*$*$ හරි පුබුද්ද ගනිං... මගේ හයර් එකට රු. 100ක් දිලා...

කතාව ඉවරයි.... හයර් එක රු 100යි.

Like කරලා නැත්නම් Like කරන්න යාලුවනේ
Share on Facebook
Read More »

ඔන්න එකෝමත් එක ඉස්කෝලෙක (මිශ්‍ර පාසලක්) අලුතෙන් මිස් කෙනෙක් ආවලු 10 වසරේ පන්තියට උගන්වන්න. එතන ඉඳන් කතාව මෙහෙමයි.

මිස් : ආයුබෝවන් ළමායි…

ළමයි : ආයුබෝවන් ටීචර්.

මිස් : මම තමයි අද ඉඳන් මේ පන්තියට උගන්වන්නේ. ඔක්කොටම කලින් අපි අඳුනගෙන ඉමු. මගේ නම රෝසි. ඔයගොල්ලෝ හැමෝම දැන් නැගිටලා තමන්ගේ නමයි, තමන්ගේ විනොදාන්ශයයි කියන්න ඕනා. හරි අපි පිරිමි ළමයිගෙන් පටන් ගමු.

1 පිරිමි ළමයා : මගේ නම අචල. මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (ටිකක් කොර වී) හ්ම්ම් හරි අමුතු විනොදාන්ශයක්නේ.. හරි ඊළඟ කෙනා කියන්න බලන්න.

2 පිරිමි ළමයා : මගේ නම මෙත්සිරි. මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (තව ටිකක් කොර වී) කමක් නැහැ උදව්වට යාලුවෙකුත් ඉන්න එක හොඳයි. හරි ඊළඟ…

3 පිරිමි ළමයා : මගේ නම ධනංජය. මමත් ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (!#$%&*@ වී) ළමයි මොනවද මේ කියන්නේ. ඔයගොල්ලෝ විහිලු කරනවද? නැත්නම් ඔයාලට පිස්සුද? මටනම් තේරෙන්නේ නැහැ මේ වගේ මානසික මට්ටමෙන් අඩු ළමයි ටිකකට කොහොම උගන්වන්නද කියලා. හා දැන් පිරිමි ළමයි කිව්වා ඇති. ගැහැණු ළමයි තමතමන්ව අඳුන්වලා දෙන්න. ඔය අයිනේ ඉන්න කෙනා පටන් ගන්න.

1 ගැහැණු ළමයා : මගේ නම හිමානි. මම කැමතිම කුරුල්ලෝ බලන්න.

මිස් : අන්න බලන්න. ගැහැණු ළමයි කොච්චර හොඳද කියලා.. හොඳ දුව.. වාඩි වෙන්න. දැන් අර පිටිපස්සේ ඉන්න දූ කියන්න බලන්න.

2 ගැහැණු ළමයා : මගේ නම තනූෂා. මම කැමතිම පර්ෆියුම් එකතු කරන්න.

මිස් : ගැහැණු ළමයි පිරිමි ළමයිට වඩා බුද්දිමත් වැදගත් බව පේනවා. හා දැන් ඔය මැද ඉන්න ලස්සන දුව කියන්න බලන්න ඔයා කැමතිම මොනවටද කියලා…

3 ගැහැණු ළමයා : ටීචර් මගේ නම බුබුළු. මම කැමතිම දවසේ වැඩි හරියක් බාත් ටබ් එකට වෙලා නනා ඉන්න….

මිස් කලන්තේ දාල වැටුනලු….

.ඇයි අප්සට්ද
තවත් කතා මෙතනින්
හොදයිනම් Like කරන්න

Read More »

මිනිසෙක් තම 3 හැවිරිදි දියණියට දඩුවම් කලේ ඇය රත්‍රන් පැහැති තෑගි දවටනයක් නාස්ති කල නිසාවෙන්. ඔහු පසු කරමින් සිටියේ මූල්‍ය වශයෙන් ඉතාමත් අපහසු සමයක් වූ අතර නත්තල් ගස අසලින් තබන තෑගි පෙට්ටියක් සැරසීමට රත්‍රන් පැහැති දවටනයක් තම කුඩා දියණිය විසින් භාවිතා කිරීම පිලිබදව ඔහු දැඩි ලෙස කෝපයට පත් වුනා.
කෙසේ නමුත් පසුවදා උදෑසනම එම තෑගි පෙට්ටිය රැගෙන ඔහු අසලට පැමිනි දියණිය "මේ තාත්තිට මගෙන් තෑග්ගක්" පැවසූ විට තමන් පෙර දිනයේ හැසිරුනු ආකාරය පිලිබදව පසුතැවුනත් ඔහු යලි කෝපාවිෂ්ඨ වුනේ එය එය හිස් පෙට්ටියක් පමනක් වූ නිසාවෙන්.
"ඔය ළමයා දන්නේ නැද්ද කෙනෙකුට තෑග්ගක් දෙනකොට හිස් පෙට්ටියක් දෙන එක සුදුසු නැති බව?"ඔහු දියණියට යලිත් බැන වැදුනා.
දෑස් වල කදුලු පුරවා ගත් දියණිය හුරතල් හඩින් මෙසේ පිලිතුරු දුන්නා,
"තාත්ති ඒක හිස් නෑ ඊයේ රෑ මම ඔය පෙට්ටියට හාදු ගොඩාක් දැම්මා...ඒ ඔක්කොම තාත්තිට..."
දියණියගේ පිලිතුරින් මිනිසාගේ දෑස් කදුලින් තෙත් වූ අතර දියණියව තුරුලු කර ගත් ඔහු කීප වතාවක්ම ඇගෙන් සමාව ඉල්ලා සිටියා.
ඉන්පසු මිනිසා මිය යන තෙක්ම ඒ තෑගි පෙට්ටිය සුරැකිව තබා ගත් අතර ජීවිතයේ මානසිකව ඇද වැටුනු අවස්ථා වල එම පෙට්ටිය දෙස බලා එම පෙට්ටිය හාදු වලින් පිරවූ තම දියණිය තුල තමාට ඇති ආදරය පිලිබදව සිහිපත් කිරීමට ඔහු හුරු වුනා.
මෙලොව උපදින සෑම කෙනෙක්ම උපදින විටම රත්‍රන් පැහැති තෑගි පෙට්ටියක් රැගෙන මෙලොවට පැමිනෙන අතර එය දෙමව්පියන්ගේ සහෝදර සහෝදරියන්ගේ නෑදෑයන්ගේ යහලු හිත මිත්‍රාදීන්ගේ හාදු වලින් පුරවා ඇත.එය අප සතු වටිනාම වස්තුව වන අතර එය සුරැකිව ලග තබා ගැනීම අපේ යුතුකමයි.

Some time ago, a man punished his 3-year-old daughter for wasting a roll of gold wrapping paper. Money was tight and he became infuriated when the child tried to decorate a box to put under the Christmas tree.

Nevertheless, the little girl brought the gift to her father the next morning and said, “This is for you, Daddy.” He was embarrassed by his earlier overreaction, but his anger flared again when he found the box was empty.

He yelled at her, “Don’t you know that when you give someone a present, there’s supposed to be something inside it?”

The little girl looked up at him with tears in her eyes and said,”Oh, Daddy, it is not empty. I blew kisses into the box. All for you, Daddy.”

The father was crushed. He put his arms around his little girl, and he begged for her forgiveness.
It is told that the man kept that gold box by his bed for years and whenever he was discouraged, he would take out an imaginary kiss and remember the love of the child who had put it there.

In a very real sense, each of us as humans have been given a gold container filled with unconditional love and kisses from our children, friends, family and God. There is no more precious possession anyone could hold.

Read More »

කාන්තාරයේ අතරමං වී සිටි ඔවුන් දෙදෙනා කුඩා කල සිටම හොඳම මිතුරන් විය. නමුත් එක් වරම එක් මිතුරෙකු අනෙකාට මුහුණට වැරෙන් පහරක් ගැසුවේ ඔවුන් දෙදෙනා ඒ පැමිණි විනෝද ගමන සැලසුම් කරේ ඔහු බැවිනි. පහර කෑ මිතුරාට රිඳුනද ඔහු කරන ලද්දේ වැලි කතරේ වාඩිවී තම ඇඟිල්ලෙන් ''අද මගේ හොඳම මිතුරා මට පහරක් ගැහුවා'' ලෙස වැලි මත ලිවීම පමණි.

කෙසේ නමුත් දෙදෙනාම තම ගමන අත් නොහැර දිගින් දිගටම එක් දිශාවකට ඇවිද ගියේ ක්‍ෂේම භූමියකට ලං වීමේ අරමුණ ඇතිවය. ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටුවිය, අවසානයේ ඔවුන් දෙදෙනා හට ක්‍ෂේම භූමියක් දැකගත හැකිවිය. සතුටින් උදම් වූ දෙදෙනා වහා වතුරට පැන දිය නෑමට පටන් ගත්හ. සිදුවූයේ නොසිතූ දෙයකි, පහර කෑ මිතුරා ජලයේ ගිලෙන්නට විය. වහා ඔහු වෙත පීනා ගිය අනෙකා තම මිතුරා රැගෙන ජලයෙන් ගොඩට පැමිණියේය. මද වෙලාවක් ගිමන් හරිමින් සිටි ගිලෙන්නට ගිය මිතුරා ගල් කැබැල්ලක් ගෙන ඒ අසල වූ ගල් තලාවේ මෙසේ සටහන් කරන ලදී. ''අද මගේ හොඳම මිතුරා මගේ ජීවිතය බේරුවා''

මේ දෙස බලා සිටි අනෙකා ඔහුගෙන් මෙසේ විමසීය...

''මම කලින් ඔයාට ගැහුව වෙලාවේ ඔයා ඒක ගැන ලිව්වේ වැලි වල , ඒත් ඇයි දැන් ඔයා මෙතනදී ගල් තලාවේ ලිව්වේ???''

එවිට අනෙකා මෙසේ පිළිතුරු දුනි...

''කෙනෙක් අපිව රිදෙව්වම අපි ඒක ගැන හදවතේ සටහන් කරන්න ඕනේ සමාව කියන සුලඟට ඒ රිදවීම හදවතින් මකලා දමන්න පුළුවන් විධියට. ඒත් අපිට කෙනෙක් හොඳ දෙයක් කරාම අපි ඒ ගැන ජීවිතේ පුරාවටම හදවතේ රැඳෙන පරිදි සටහන් කරන්න ඕන, කිසිම දේකින් එය මැකී නොයන විධියට.''

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

''LEARN TO WRITE YOUR HURTS IN THE SAND, AND TO CARVE YOUR BENEFITS IN STONE''
හොදයිනම් Like කරන්න
මේ හැමදෙයක්ම බලන්න එන්න හැමදාම හැමදෙයක්ම.com එකට
Share on Facebook
Read More »

රැකියා විරහිත තරුණයෙක් පරිගණක ආයතනයක කාර්‍යාල කාර්‍ය සහායක තනතුර
ඉල්ලුම් කළේය.ඔහු සම්මුඛ පරීක්ෂණයට ලක් කළ කළමනාකරු ප්‍රායෝගික
පරීක්ෂණයක් ලෙසින් ඔහු පොළොව මදින හැටි බලා සිටියේය.ඉන්පසු කළමනාකරු
ඉල්ලුම්කරුට මෙසේ කීවේය.


"ඔබට රස්සාව ලැබෙනවා මට ඊ මේල් ලිපිනය දෙන්න ඔබට පිරවීමට අයදුම් පතකුත්
රැකියාව ආරම්භ කළ හැකි දිනයත් මා ඔබට දන්වන්නම්"

"මට කොම්පියුටරයක් නැහැ.ඊ මේල් එකකුත් නැහැ" තරුණයා පිළිතුරු දුන්නේය.

"මට කණගාටුයි." කළමනාකරු පැවසීය."ඔබට ඊ මේල් එකක් නැත්නම් ඔබ පවතින
මිනිසකු නොවෙයි. නොපවතින කෙනෙකුට රැකියාව ලබාදෙන්න බැහැ."

රැකියා විරහිත පුද්ගලයා කිසිම බලාපොරොත්තුවක් නැතිව පිටත්ව ගියේය.කළයුත්තේ
කුමක්දැයි ඔහුට නොවැටහිණි.ඔහුගේ සාක්කුවේ තිබුණේ ඩොලර් 10 ක් පමණි පසුව
සුපිරි වෙළඳ සලකට ගියේය.කිලෝ ග්‍රෑම් 10ක තක්කාලි පෙට්ටියක් මිලදී ගත්තේය.
ගෙයින් ගෙට ගොස් තක්කලි විකිණීය.පැය දෙකක් ගත වෙන්නටත් පෙර ඔහුගේ මුදල
දෙගුණ කර ගැනීමට ඔහු සමත් විය.

ඔහු මේ ක්‍රියාවලිය තෙවතාවක්ම කරමින් ආපසු නිවසට පැමිනියේ ඩොලර් 60 අතැතිවය.
මේ අන්දමට තමන්ට ජීවත් වියහැකි බව වටහාගත් ඔහු සෑම දිනකම කලින්ම නිවසින්
පිටව යාමට තීරණය කළේය.ප්‍රමාද වී යළි නිවසට ආවේය.මේ නිසා ඔහුගේ මුදල දිනපතා
දෙගුණ තෙගුණ විය.

ටික දිනකින් ඔහු කරත්තයක් මිලදී ගත්තේය.ඉක්බිති ට්‍රක් රථයක් මිලදී ගත් ඔහුඅවසානයේ
ඩිලිවරි වාහන ගණනාවකම අයිතිකරු විය.වසර පහකට පසුව ඇමරිකානු ආහාර වෙළඳ
පොලේ ලොකුම පොහොසතා බවට පත්විය.

ඔහු සිය පවුලේ අනාගතය සැලසුම් කිරීමට පටන් ගත්තේය.

ජීවිත රක්ෂණයක් ලබාගැනීමට තීරණය කළ ඔහු රක්ෂණ බ්‍රෝකර් වරයකු කැඳවා කුමන
විදියේ රක්ෂණ සැලසුමක් ලබා ගත යුතු දැයි සාකච්ඡා කළේය.

සාකච්ඡාව අවසන් වූ පසු බ්‍රෝකර්වරයා ඔහුගෙන් ඊ මේල් ලිපිනය ඉල්ලා සිටියේය.

එම පුද්ගලයා මෙසේ පිළිතුරු දුන්නේය."මට ඊ මේල් එකක් නැහැ"

බ්‍රෝකර් කුතුහලයෙන් මෙසේ ඇසුවේය "ඔබට ඊ මේල් එකක් නැහැ ඒත් ඔබ ඔබේ
රාජධානියක් ගොඩනගා ගැනීමට සමත්ව සිටිනවා.ඔබට ඊ මේල් එකක් තිබුණා නම්
ඔබට කොහොම කෙනෙක් වෙන්න හැකියාව තිබුණාද කියා ඔබට හිතා ගන්න
පුළුවන්ද.?"

මදක් කල්පනා කළ පුද්ගලයා මෙසේ පිළිතුරු දුන්නේය.

"ඔව් මට පරිගණක ආයතනයේ කාර්යාල සහායකයෙක් වෙන්න තිබුණා"


මෙවැනි තවත් කතා මෙතනින්
Home Page
අප web අඩවිය bookmark කරගැනීමට Ctrl+D Press කරන්න
Share on Facebook
Read More »


එතකොට මම සාමාන්‍ය පෙල. ඒ කාලෙ අපේ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි මූන දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න ඕනෙ කියලා.ඒත් එයාට ඒ බව තේරුණේ නෑ.

දවසක් පංතිය ඉවර උනාම එයා මං ලගට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා ලස්තුතියිල කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. ලමම ඔයාට ආදරෙයිල කියලා කියන්න කොච්චර හිතුනත් හිතේ තිබුන ලැජ්ජාව නිසා මට ඒ බව එයාට කියන්න බැරි උනා.මම දන්නේ නෑ ඒ ඇයි කියලා.


ඒ වෙනකොට මම උසස් පෙල.දවසක් මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය ඉකිබිදිමින් පැවසුවා ඇගේ ආදරය බිදුනු බව. ඇයට ඒ දුක තනියම දරා ගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. ඇය හමුවුනාම ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා. මම ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා ලස්තුතියිල කිව්වා. මෙවරත් ලමම ඔයාට ආදරෙයිල කියලා කියන්න බැරි උනේ මගේ ලැජ්ජාව නිසා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.


කාලය ගත වුනා. අපි දෙන්නම විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ අපේ පලමු වසර.ඒ වෙනකොට ඇයට පෙම්වතෙක් හිටියා. දිනක් ඔවුන් දෙදෙනා හමුවීමට සිටියත් අසනීපයක් නිසා ඔහු පැමිනියේ නෑ. මට එදින ඇයව හමුවුනා. අපි දෙදෙනා ගහක් යට වාඩිවෙලා ගොඩක් වෙලා කතා කරකර හිටියා. ඇය හිනාවෙනකොට මං ඇගේ දීප්තිමත් නෙතු සඟල දෙස ආසාවෙන් බලන් හිටියා. අපි සමුගන්නකොට ඇය මට කිව්වා ලඔයා දන්නවද, මේ මම ජීවිතයේ ගත කරපු හොඳම පැය කීපයල කියලා. මෙවරත් මට මගේ හිතේ ඇය වෙනුවෙන් තිබුනු ආදරය ප්‍රකාශ කරන්න බැරි උනා.


වසරින් වසර ගෙවී ගියා. අපේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වෙන දිනය උදා වුනා. ඒ වන විට ඇය රූමත් තරුණියක්.උපාධිය ලබා ගැනීමට වේදිකාවට ගොඩ වූ ඇය දුටු මට හිතුනා අනේ ඇය මගේම උනා නම් කියලා.ඒත් ඇය එය නොදන්නා බව මම දැන සිටියා. උපාධි ප්‍රදානෝත්සවයෙන් පස්සේ ඈ මා වැළද ගෙන හැඬුවා. වෙන් වී යන විට ඈ මගේ කම්මුල සිපගෙන ලඔයා තමයි මගේ හොඳම යාලුවාල කියලා කිව්වා. මට කියන්න ඕනි උනා ලඔයා මට හොදම යාලුවෙකුටත් වඩා වැඩි කෙනෙක්ල කියලා.නමුත් ඒ බව කියන්න මෙවරත් මට ආත්ම ශක්තියක් තිබුනේ නෑ.මම දන්නේ නෑ ඒ ඇයි කියලා.


මම පල්ලියේ බංකුවක වාඩිවෙලා ඉන්නවා. මේ ඇගේ විවාහ උත්සවය. ඇය අද ඇගේ ජීවිතය අලුතෙන් පටන් ගන්නවා තවත් පුද්ගලයෙක් සමග.ඇයව මගේ කරගන්න මට ඕනි උනත් මට ඒක කර ගන්න බැරි උනා. ඇය මධුසමයට පිටත් වෙන්න කලින් මා ළඟට ඇවිත් ලඅනේ ඔයා ආවද? බොහොම ස්තුතියිල කියලා මගේ කම්මුලට හාදුවක් දුන්නා. මම ඔයාට ආදරෙයි කියන්න හිතුනත් මෙවර ඒ සදහා මට ඉඩක් නෑ.

කාලය වේගයෙන් ගෙවී ගියා. දැන් මම ඉන්නේ මාව ඇගේ හොඳම යාලුවා විදිහට පිළිගත්ත, මම රහසින් පෙම් කල, ඇගේ නිසල දේහය අසල. පල්ලියේ අවසන් දේව මෙහෙය අවසානයේ ඇගේ පාසල් කාලයේ දින පොතෙන් කොටසක් කියෙව්වා.

ලමම ඔහු දෙස බලන් ඉන්නවා, ඒත් ඔහුට ඒ බව තේරෙන්නේ නෑ. ඒක මම දන්නවා. මට හිතුනා මේ බව ඔහුට කියන්න. මට ඕන උනා ඔහුට අඟවන්න ඔහු මට හොඳම යාලුවෙක්ට වඩා කෙනෙක් බව. මම ඔහුට ආදරෙයි. ඒත් මේ බව ඔහුට කියන්න මට ලැජ්ජයි. අනේ ඔහු මට ඉක්මනින්ම මම ඔයාට ආදරෙයි කියලා කියනවනම්....ල

ඔබ කිසිවෙකුට අවංකව ආදරය කරනවා නම් ලැජ්ජාව බිය පසෙකලා පමා නොවී ඒ බව ඇයට/ඔහුට පවසන්න. ඔබේ පමාව නිසා ඒ අය ඔබට අහිමි උනොත් ජීවිත කාලය පුරාම ඒ පිලිබදව ඔබට පසුතැවීමට සිදු වේවි.

Read More »

ඉතාමත් දුප්පත් මනුස්සයෙක් තම බිරිඳ සමග ජීවත්වුණා. ඔහුගේ බිරිඳ සතුව දිග කොණ්ඩයක් තිබුණා. ඇගේ කොණ්ඩයට සාත්තු කරන්න තමාට පනාවක් ගෙනත් දෙන ලෙස ඇය සිය සැමියාගෙන් ඉල්ලා සිටියා.

සැමියාට තම බිරිඳ ගැන දුක හිතුනත් ඔහුට පනාවක් අරන් දෙන්න මුදල් නැතිබව ප‍්‍රකාශ කලා. තමාගේ කැඩුන ඔරලෝසුවට පටියක් දා ගන්නවත් තමා ලඟ මුදල් නැති බව ඔහුට කියා සිටියා.

ඇය කමක් නෑ කියා සිත හදාගත්තා.

පසු දින තම රැකියාවට ගොස් නැවත එනවිට ඔරලෝසු කඩයක් දුටු සැමියා, තම කැඩුන ඔරලෝසුව අඩු මුදලකට විකුණා දමා ඒ මුදලින් තම බිරිඳට පනාවක් මිලට ගත්තා. නිවසට පැමිණි ඔහු පනාවත් අතැතිව තම බිරිඳ හමුවූවිට දුටුදෙයින් මවිත වුණා. ඔහු දුටුවේ බිරිඳගේ කොණ්ඩය ඉතා කොටවී ඇති බවය.

ඇය සිය කොණ්ඩය විකුණා සැමියාට ඔහුගේ ඔරලෝසුවට පටියක් ගෙනත් තිබුණා. දෙදෙනාගේම ඇස් වලින් එකවර කඳුළු කඩා වැටුනා. ඒ තරහෙන් නොවේ, ඔවුන් එකිනෙකා කෙරෙහි තිබුන ආදරය නිසා.

"ආදරය කිරීම සුළු දෙයක්. ආදරය ලැබීම වටිනා දෙයක්. නමුත් ආදරය කිරීම සහ ආදරය ලැබීම යන දෙකම ඔබ ආදරය කරන කෙනාගෙන් ලැබෙනවානම් එය ඉතාමත් වටිනා දෙයක්."
Read More »

සති අන්ත ඉරිදා සන්ධ්‍යාවේදී මම අත්‍යාවශ්‍ය කළමනා කීපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි. තනිව යාම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි දෑතින් එල්ලී සිටියාය. තරමක් විශාල වෙළඳසැලේ ඒ මේ අත සෙනග සැරි සරති. මා බඩු ගන්නා අතරේ දියණිය මගේ සුලැඟිල්ල අතහැර ඇය රිසි තැන්වල ඇවිද්දාය. සියලුම දෙනා මා හඳුනන බැවින් මම ඈ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූයෙමි.
මොහොතකින් බලනවිට පෙනෙන මානයක දියණිය සිටියේ නැත. මම තරමක කලබලයෙන් විපරම් කළෙමි. දුටු දසුනින් මම ඇවිලී ගියෙමි. ඇය වෙළඳසැල කොනේ වූ කුඩා බංකුව මත වාඩි වී මහා බර කල්පනාවකය. ඇයගේ දෙනෙත් තිබුණේ ඇගේ වයසේම තවත් දැරියක් ළඟය. මම මොහොතක් ඇය දෙස බලා උන්නෙමි. ඇය ඇගේ කුඩා මිරිවැඩි සඟල දෙස බැලුවාය. එහි තැන තැන මඩ තැවරී දුර්වර්ණ වී ගොස් තිබුණි. රුපියල් සීයකට මීට බොහෝ කලකට පෙර අරන් දුන් එය දැන් බොහෝ පැරණිය. පොහොසත් දැරිය උජාරුවෙන් ශබ්ද නගන ඇගේ පාවහන් යුවල එහා මෙහා කළාය. ක්‍රමයෙන් රතු පැහැ වන පුංචි මුහුණේ තරු කැටවන් දිළිසෙන නෙත් සඟලේ හැඟුම් තේරුම් ගන්නට මා අපොහොසත්ය. එක්කෝ ඒවා තේරුම් ගන්නට මා බියය. පුංචි සිඟිති දියණිය මේ මිනිසුන් අතර තනිවී සිටින්නා සේ මට පෙනේ.

ඇය මගෙන් කිසිවක් ඉල්ලන්නේ නැත. ඒ පුංචි දෙනෙත් මහමග යන පොඩි උන් ලඟ නතර වෙයි. වාහනවල ගැටෙයි. සතුටින් සිනහවන ළදරු සිනාවන් හා එක් වී සිනාසෙයි. දෙවියනි.. ඇය දන්නේ මොනවාද... ජීවිතයේ කටුක බව පපු කැනැත්තේ ඇතුළතින්ම විඳ දරා ගන්නා දුප්පත් මට ඇය වෙනුවෙන් ලොවක් තැනිය හැකිද..? ඒ පුංචි දෙනෙත් ළඟ මා කවරදාටත් වඩා දුප්පතෙකියි මට දැනේ.
අපට තිබුනේ සරල සුගම ළමා වියකි. ඒ කුරුම්බැට්ටි මැෂිමේ සුරතල් ළමා විය අද ලැප්ටොප් පරිගණකයක් දක්වා විකාශනය වී තිබේ. මා තවමත් සිතන්නේ මගේ දියණියට බෝරිච්චි අත් දැමූ ගවුමක් ඇති කියාය. රබර් සෙරෙප්පු දෙකක් ඇති කියාය. මට වඩා වාසනාවන්ත පියවරුන් තම දරුවන් උදෙසා වත්කම් සරි කරද්දී ඒ හා සැසඳෙන්නට මගේ හිඟන ජීවිතයට නොහැකි වූයේ ඇයි..? දියණියගේ මුව දකිද්දී මට අර මහා දුප්පත්කම අසරණකම දැනෙන්නේ ඇයි..?

"අපි යමු රත්තරං පැටියෝ.."

ඇය දැහැනින් මිදුණාය. ඒ ඇද ගත් සුසුම පුංචි ළය මඩලට බර වැඩි බව මම හොඳටම දනිමි. ඇය ඉපදීමට පෙර මා මීට වඩා ශක්තිමත්ව හිඳින්නට තිබිණ. එක්කෝ දුප්පත් මට දාව උපදින්නට තරම් අවාසනාවක් ඇගේ දෛවයේ නොතිබෙන්නට තිබිණ. ජීවිතයේ දුක අනෝරාවක්ව මගේ හිස මතට කඩා වැටෙද්දී අසරණ දෑතින් මා ඇගේ හිස වසාගන්නට තැත් කරන අසරණ තාත්තා කෙනෙකි. මේ අනෝරාවෙන් ඇයද පීඩා විඳින බව මම දනිමි. නමුදු කාටත් ජීවත් වන්නට අපහසු මේ නපුරු ආර්ථිකයෙන් මා කියා කුමක් කරන්නද... මේ කටුක යථාර්ථයට නිහඬව මුහුණ දෙන පියවරුන් අප අතර කොතෙක් නම් ඇත්ද..?

"තාත්තේ"
"ඇයි පැටියෝ?"
"මට අරවයින් එකක් අරන් දෙන්නකෝ තාත්තේ"
මම අලුතෙන් ඇවිළී ගියෙමි. ගෙන ආ රුපියල් පන්සියයෙන් ඉතිරිව තිබුණේ හරියටම රුපියල් හතලිහකි. ඇය කඩපලේදී දුටු මිරිවැඩි සඟලක්, බෝනික්කෙක් හෝ වෙනයමක් ඉල්ලුවොත්?

"මොනවද රත්තරං පැටියො..?"
"රටකජු ගොට්ටක්.." ඇගේ මුලු වතම සඳ වතක් සේ පිපී ඇත.

මහ මග නොබලා ඇයව බදාගෙන ලෝකයටම ඇසෙන සේ කෑ ගසා අඬන්නට මට සිතෙයි. අපටත් වඩා මේ කිරි කැටියා අපේ ජීවිත තේරුම් ගෙන ඇතිද..?
උඹ මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න ඕන. මතක තියාගන්න, මේ තාත්තා මැරෙන්න මොහොතක් තියල හරි මගේ රත්තරං පැටියට සතුටින් ඉන්න ලෝකයක් හදල දෙනවා. මං දන්නව ඔය පුංචි පපුව ඇතුලෙ හිර කරගත්තු දුක එදාට මහවැලිය වගේ ගලනවා.

"ඔබහට ලෝකය ඉදිකර දී මිස මට යා නොහැකිය පුංචි පුතුන්" කියා මහගම සේකරයන් ලියා තැබුවේ දරුවන් ළඟ තාත්තලාට දැනෙන ඒ මහා අසරණකම සහ ආදරය නිසා විය යුතුය.

Read More »

එක් මහළු මිනිසෙකුට පුතුන් තිදෙනෙක් හිටියා. මේ පුතුන් තිදෙනා හරිම ආඩම්බරයි. පියා කියන කිසිම දෙයක් අහන්නේ නැ. ඒ විතරක් නෙමෙයි එකිනෙකා සමඟ දවස පුරාම සණ්ඩු කර ගන්නවා. මහලු මිනිසා මේ ගැන හිටියේ හරිම වේදනාවෙන්.

කෙදිනක හෝ තමන් මිය ගිය පසු පුතුන් තිදෙනා අසම්ඟි වී තම තමන්ගේ දේපල විනාශ කර ගනීවියැයි පියාට බය හිතුනා.

ඔහු දිනක් තම පුතුන් තිදෙනා කැඳවා එක සමාන කෝටු මිටි තුනක් රැගෙන එන්නැයි ඔවුන්ට කිව්වා. පුතුන් තිදෙනාත් කෝටු මිටිය බැගින් අරගෙන පියා සමීපයට ගියා. ඉන් පසුව මහලු පියා ඒ කෝටු මිටියෙන් එක් එක් කෝටුව පුතුන් තිදෙනාටම බෙදා දී, එය කඩන්නැයි අණ කලා. පුතුන් තිදෙනාත් කිසිම වෙහෙසක් නැතිව තම තමන්ට ලැබුණ කෝටුව කැබලි වලට කඩා දැම්මා.

Read More »

තරුණ කොලු ගැටයෙක් සැලුන් එකකට පැමිණියෙය. "මේ කොල්ලා තමයි මේ ලෝකේ ඉන්න ලොකුම මෝඩයා. මම ඒක ඔප්පු කරලා පෙන්නන්නම්"යැයි කරණවෑමියා තම පාරිභෝගිකයෙක්ට පැවසීය.

කරණවෑමියා එක් අතකට රුපියල් 5 කාසියකුත් අනෙක් අතට රුපියලේ කාසි 2කුත් ගෙන කොලු ගැටයාට අත් දෙක පෑවේය. "හාදයා,මගේ අත් දෙකෙන් එක අතක තියෙන සල්ලි ඔයාට ගන්න පුලුවන්"

කොලු ගැටයා රුපියලේ කාසි 2 රැගෙන සැලුන් එකෙන් පිට විය.

"මම ඔබට කිව්වා නේද..?? මේ කොලුවා කවදාවත් ඉගෙන ගන්න එකක් නෑ"යි කරණවෑමියා පාරිභෝගිකයාට කීවේය.

හිස කෙස් කපා නිම වී පාරිභෝගිකයා සැලුන් එකෙන් පිට විය. ඔහුට අර කොලු ගැටයාව අයිස් ක්‍රීම් වෙලඳ සැලකදී හමු විය.

"පුතා, මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද..?? ඇයි ඔයා රුපියල් 5 කාසිය ගන්නේ නැතුව රුපියලේ කාසි 2 අරගත්තේ..??"

"මම රුපියල් 5 කාසිය ගත්ත දවසට ඔය සෙල්ලම ඉවර වෙනවා. ඒත් මම හැමදාම රුපියලේ කාසි 2 ගනිද්දි සෙල්ලම කවදාවත් ඉවර වෙන්නේ නෑනේ"යි අයිස් ක්‍රීම් කෝන් එක ලෙවකමින් කොලුවා පිළිතුරු දුන්නේය.
Read More »


එක දවසක්‌ ගොඩක්‌ ලස්‌සන ලංකාවේ කෙල්ලෙක්‌ මෙයගෙන් අහනව office එක තියෙන්නෙ කොහෙද කියල.ඉතින් මේ කොල්ලා එයව එක්‌කගෙන යන්වා..ඊලග දවසෙත් මේ කොල්ලට අර කෙල්ලව meet වෙනවා..කොහොම හරි මේ දෙන්නා ටික දවසකින් හොද යාලුවෝ වෙනවා....

ටික කාලයක්‌ යනවා..මෙ කොල්ලා ඒ කෙල්ල ගැන ආදරයක්‌ හිතෙනවා...එත් කියාගන්න බැ..කොල්ලට බය හිතෙනවා ආදරෙයි කියන්න ගිහින් යලුකමත් නැති වෙයි කියලා..ගොඩ කාලයක්‌ මේ විදිහට ඉන්නවා..කොල්ලා හැමදාමත් ආදරෙයි කියන්නම් කියල හිටියට කවදාවත් කියගන්න බැරි වෙනවා..

කාලයත් එක්‌ක කෙල්ල එ රටේ කොල්ලෙක්‌ එක්‌ක යාලු වෙනවා..University එකෙදි මේ දෙන්නා එකට ඉදලා කෙල්ල හැමදාම හවසට අර කොල්ලව හම්බ වෙන්න යනවා..(හැමොම දන්නවනේ එ රටවල් වල සංස්‌කෘතිය)

මේයාලට University එකෙන් දෙන වැඩ කරන්නේ ලංකාවෙ කොල්ලා..අර කෙල්ල මෙයාට එ වැඩ කරන්න දිලා කොල්ලත් එක්‌ක රවුන් ගහනවා... මොන දේ කරත් ලංකාවේ කොල්ලට මේ කෙල්ලව අමතක කරන්න බැ..

දවසක්‌ මේ කොල්ලා අර කෙල්ලගෙ පස්‌සෙන් යනවා..කෙල්ල යන්නේ කොල්ලගෙ ගෙදරට.ටික වෙලාවකින් ගෙ අස්‌සෙන් රන්ඩුවක්‌ ඇහෙනවා..මෙ කොල්ලා ගේ ඇතුලට යනවා...ඇයි කියලා අහනවා..අර කෙල්ල මෙ කොල්ලට බැනලා කියනවා ඔය අපේ ප්‍රශ්න වලට ඇගිලි ගහන්න එපා කියලා...

ටික දවසකින් මේ කොල්ලා අර කෙල්ලට කියනවා මම ඔයට ආදරෙයි කියලා.. කෙල්ලට හොදටම කෙන්ති යනවා...හැමොම ඉස්‌සරහා කොල්ලට මෙහෙම කියනවා...''බලනවා තමුසෙගෙ හැටි..මම වගේ කෙල්ලෙක්‌ තමුසෙට ගැලපෙනවද..? ගිහින් හොයගන්නව තමුසෙට ගැලපෙන කෙල්ලෙක්‌ කියලා''

කොල්ලා එදා සද්ද නැතුව කාමරෙට යනවා..එත් දවස්‌ ගානක්‌ යනකම් කවුරුත් එයාව දකින්නේ නැ..මේ කොල්ලගෙ යාලුවෙක්‌ දවසක්‌ කාමරේට යනවා..යනකොට කොල්ල බිම ඉදගෙන කල්පන කර කර ඉන්නවා..මේ කොල්ලට ගොඩක්‌ ආමරුයි..දවස්‌ ගානකින් කාලා නැ..යලුවා මෙයාව hospital අරගෙන යනව..ටික දවසකින් මෙයාට හොද වෙනවා..එත් අර කෙල්ලව අමතක කරන්න බැ..දවසක්‌ මෙයාට ලංකාවෙන් ගියා හාමුදුරු කෙනෙක්‌ හම්බ වෙනවා...මේ හැමදේම හාමුදුරුවන්ට කියනාවා..ටික කාලයක්‌ මේයා බාවනා කරලා මෙයගෙ හිත හාදාගන්නවා..මේ කාලේ අර කෙල්ල සුද්දව බැදලා...මෙයා හොදට ඉගෙන ගන්නව..ටික කාලයයකින් මෙයා එ රටේ සමාගමක්‌ පටන් ගන්නවා..දැන් මෙයාට හොදට සල්ලි තියෙනවා..

දවසක්‌ අර කෙල්ල රස්‌සාවක්‌ හොයගෙන මෙයගේ සමාගමට එනවා..එත් එ සමගමෙන් මෙයව ගන්නේ නැ සුදුසුකම් මදි නිසා..එත් මෙ කොල්ල මෙයාව දකිනවා...මෙයා ටිකක්‌ එ කෙල්ල ගැන හොයනවා..හොයලා බලනකොට අර සුද්දා මෙ කෙල්ලව දාලාගිහින්..මේ කෙල්ලට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා..

මේ කෙල්ලට ටික දවසකින් හොද රස්‌සාවක්‌ ලැබෙනවා..ඉන්න හොද තැනක්‌ වාහනයක්‌ හිටන් හම්බ වෙනවා...එත් එ කෙල්ල දන්නෙ නැ සුදුසුකම් නැතත් මේ තරම් හොද රස්‌සාවක්‌ ලැබුනේ කොහොමද කියලා..එ කොහොමද දන්නවද මේ හැමදෙම දිලා තියෙන්නෙ අර කොල්ලා. එත් එ කෙල්ල අද වෙනකම් දන්නේ නැ මේ හැමදේම දුන්නේ මේ කොල්ලා කියලා
Read More »

දිනුක – ”මතකද සමන් ! අපි දෙන්න ඉස්කෝලෙ යන කාලේ රණ්ඩු උනා ලොකු උනාම
කවුද ලොකුම ලොක්ක වෙන්නේ කියලා.. ”
සමන් – ” ඔව් දිනුක , එදා මම ඔයාත් එක්ක රන්ඩු උනා ඒක කරන්නේ මමයි
කියලා.ඔයා පන්තියේ අන්තිම වෙනකොට මම ඔයාට නෝන්ඩි දැම්මා.ඒ පොඩි
කාලේ නිසා දිනුක”
දිනුක – ” මම ඔයා එක්ක කේන්තියෙන් හිටියේ පොඩිකාලේ..ඔයා මට හැමදාම නෝන්ඩි
දාපු නිසා.ඔයා හොදට ඉගනගෙන කොලඹ ඉස්කෝලේ ආවා.ඔයා ගියාට
පස්සේ මගේ ජීවිතේ වෙනස් උනා.මගේ තාත්තා නැති උනා.පවුල රකින්න වෙන
විදියක් තිබ්‍බේ නෑ.අම්මයි අක්කල දෙන්නයි නංගිවයි රකින්න මම යුධ
හමුදාවට බැදුනා”
සමන් – ” ඔවු මම හොයල බැලුවා ! එතකොට ඔයා ආර්මි එකට ගිහින් කියලා දැනගන්න
ලැබුනා . එදා මට තේරුනා ඔයා ගොඩක් ලොකු පරිත්‍යාගයක් කරලා
තියෙන්නේ කියලා ”
දිනුක – ” මම මුලතිව් සටනට කෙලින්ම සම්බන්ධ උනේ මගෙ මොරාල් එක එදා ඉදන්ම
ඔළුවේ ලොකුවට තිබුන නිසා..ඒත් මාව බෝම්බයකට අහුවෙලා මගේ කකුල
නැති වෙවි කියල ලොකුවට හිතේ තිබ්බේ නෑ..රට වෙනුවෙන් ජීවිතය හරි පූජා
කරන්නයි මම හිතාගන හිටියේ.”
සමන් – ” ඔහොම කියන්න එපා දිනුක !! මගේ හිත වාවන්නේ නෑ.. රට වෙනුවෙන්
තමන්ගේ ශරීරයෙන් බාගයක් පූජා කරපු ඔයාගේ වෛද්‍යවරයා වෙන්න
ලැබුනු එක මම කරපු ලොකු පිනක්”
දිනුක – ” මටත් එහෙමයි කවදාවත් හිතුවේ නැති විදියට ඔයයි මායි ආයෙත් හමු උනා.
ඉස්සර ව‍ගේ නෙවේ රටට වැඩක් කරන ලොකු මිනුස්සු දෙන්නෙක් විදියට”
සමන් – ” නෑ දිනුක!! මම වෛද්‍යවරයෙක් උනාට ඔයාලා අපිට ඉන්න රටක් බේරලා
දුන්නා.මට වඩා ඔයා රටට ලොකු සේවයක් කරල තියනවා.අපේ රට බේරුනේ
ඔයාලා වගේ රත්තරං කොල්ලෝ තමන්ගේ ජීවිත පූජකරල රට වෙනුවෙන්
කැප උන නිසා .. ඔයයි ලොකුම ලොක්කා ! ”
රණවිරුවාගේ දෑසින් සතුටු කදුලු කැට කඩා වැටෙන්නට විය..රට වෙනුවෙන් පූජා කල කකුල වෙනුවට දැමූ යකඩ කකුල අත ගාමින් තම රෝද පුටුවත් පදවාගන කොරිඩෝව දිගේ සිනහ මුසු ආඩම්බර ලීලාවෙන් ඉදිරියට ඇදී නොපෙනී ගියේය.වෛද්‍යවරයා හිතේ පුරවාගත් සොයුරු පෙමකින් ඔහු දෙස බලා සිටියේය !!

Read More »


රාත්‍රී කෑම පිළියෙල කරමින් සිටි තම මව වෙත පැමිණි පුංචි පුතු, ඔහු සවස් වරුව පුරා ලියූ පොත් පිටුවක් රැගෙන විත් එය කියවා බලන්නැයි මවට ඇවිටිලි කරන්නට වුනා. තම අත් පිසදා ගත් ඇය එය රැගෙන කියවන්නට වුනා.


1.තණකොල කැපීමට - ඍි.100

2.සතිය පුරාවටම මගේ කාමරය පිරිසිදු කිරීමට - රු.200

3.කියූ වේලාවල් වලට කඩේට යෑමට - රු.250

4.ගෙදර කිසිවකු නොමැති වේලාවලදී නංඟිව බලා ගැනීමට - රු.300

5.මෙවර වාර විභාගයට හොඳ ලකුණු ගැනීමට - රු.250

6.වත්ත සුද්ද කිරීමට - රු.500

ගෙවීමට ඇති මුළු වටිණාකම } රු.1600


තම පුංචි පුතු දෙස මොහොතක් සිනා මුහුණින් බලා සිටි ඇය එම පොත් පිටුවෙහි අනිත් පස පෙරළා, ලියන්නට වුනා. මිනිත්තු කිහිපයකින් එය ලියා අවසන් කර තම පුංචි පුතු අත එය තබා කියවා බලන්නැයි ඇය පැවසුවා. එහි මෙසේ සටහන්ව තිබුණා.


1.මාස 9ක් පුරා ඔයා මගේ ඇඟ ඇතුලේ වැඩෙද්දී ඔයාව දරාගෙන සිටීම - නොමිළේ

2.වසර 2ක් පුරාවටම ලේ කිරි කරලා පොවලා ඔයාව ජීවත් කරවීම - නොමිළේ

3.ඔයා ලෙඩ වෙලා සිටි හැම රැයකම නිදි මරමින් ඔයාව බලාගැනීම, ඔයාට වෙලාවට ඛෙහෙත් ටික පෙවීම - නොමිළේ

4.ඔයාගේ කැතකුණු අතගා, ඔයාව පිරිසිදු කිරීම - නොමිළේ

5.ඔයා ලෙඩ වුනාම, තුවාල කරගත්තම මම අඬපු හැම කඳුලු බිංදුවක්ම - නොමිළේ

6.ඔයාට හොඳම සෙල්ලම් බඩු අරන් දීලා, ඔයාට ලස්සනම ඇඳුම් අරන් දීලා ඔයාව කුමාරයෙක් වගේ තියාගැනීම - නොමිළේ

ඉතිං මගේ රත්තරං පුතේ මේ ඔක්කෝම එකතු කරාම ඔයාට ගෙවීමට ඇති මුළු වටිණාකම සම්පූර්ණයෙන්ම නොමිළේ...

පුංචි පුතාගේ පොත් පිටුව එයාගේ ඇස් වලින් වැටුණු කඳුලු බිංදු වලින් බොඳ වෙලා යද්දී පුතා එයාගේ ගෙවීමට ඇති මුළු වටිණාකම කියන තැන මෙහෙම ලියුවා.


~~සම්පුර්ණයෙන් ගෙවා අවසන් කරන ලදී~~

''All that I am, or hope to be, I owe to my angel MOTHER

http://www.youtube.com/watch?v=hUoHm-nzgeU


Read More »